චීන ළමා චිත්‍රපට උළෙලේ හොඳම නළුවා ‘සිරි රජ සිරි’යේ කෝකිල

චීන ළමා චිත්‍රපට උළෙලේ හොඳම නළුවා ‘සිරි රජ සිරි’යේ කෝකිල

චීනයේ ෆීනික්ස් දූපතේ කිංඩැයෝ නගරයේ පැවති 10 වැනි අන්තර් ජාතික ළමා චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සෝමරත්න දිසානායකගේ “සිරි රජ සිරි” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ කෝකිල ජයසූරිය සමත්වෙයි.

පසුගිය වසරේ ලොව පුරා නිර්මාණය කළ ළමා චිත්‍රපට අතුරින් 250 ක් මේ උළෙලට තෝරාගෙන තිබිණි. ඉන් අවසන් වටයට චිත්‍රපට 12 ක් තෝරා ගැනිණි. අමෙරිකාව, ඉතාලිය, ශ්‍රී ලංකාව, එංගලන්තය, ජපානය, ඉන්දියාව, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, බ්‍රසීලය, ජර්මනිය, චීනය සහ රුසියාව එම රටවල්ය.

චිත්‍රපටයේ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සහ ප්‍රධාන චරිතය නිරූපණය කළ කෝකිල ජයසූරිය පසුගියදා මේ සම්මාන උළෙලට සහභාගී වූහ. ඔවුන් ඊයේ මෙරටට පැමිණීමට නියමිතව තිබිණි.

සම්මානලාභීන් පිළිගැනීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා ඇත. සිරිරජසිරි චිත්‍රපටය මෙතෙක් ලැබූ හය වැනි අන්තර්ජාතික සම්මානය මෙය බවත් තමා ලැබූ 27 වැනි ජාත්‍යන්තර සම්මානය බවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සඳහන් කෙළේය

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා