මුද්‍රණය සඳහා

 
ජනපති මුණගැසෙන තුරු ටී.එම්.වී.පී. දෙගිඩියාවක

ජනපති මුණගැසෙන තුරු ටී.එම්.වී.පී. දෙගිඩියාවක

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳ අවසන් තීරණය ගන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමෙන් පසු බව ටී. එම්. වී. පී. පක්ෂයේ නායක, නැගෙනහිර මහ ඇමැති සිවනේෂන් තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවැසීය. මෙම 10 වැනි දින ඔහු ජනපතිවරයා හමුවීමට නියමිතය.

ඉකුත් (06) වැනිදා දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් පසු ටී. එම්. වී. පී. පක්ෂය මහ මැතිවරණය සඳහා තනිව තරග කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තද, පැහැදිලි ස්ථාවරය (10) වැනිදායින් පසු ප්‍රකාශ කරන බවද හෙතම කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]