මුද්‍රණය සඳහා

 
සරසවි වරම් ලද සිසුවිය ගෙල වැල ලා ගෙන

සරසවි වරම් ලද සිසුවිය ගෙල වැල ලා ගෙන

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට තේරි සිටි ශිෂ්‍යාවක් ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන ඇත.

නිවෙසේ බාල්කයේ රෙද්දකින් එල්ලි සියදිවි හානිකර ගෙන ඇත්තේ මතුගම නාරවිලගේ සඳමාලි අබේරත්න (20) ශිෂ්‍යාවයි. ප්‍රේම සම්බන්ධයක් මත සියදිවි හානි කර ගෙන ඇති බව පොලිසිය කියයි. පශ්චාත් මරණ පරීක්‍ෂණය මතුගම රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

මතුගම වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එස්. කේ. සේනානායක මහතා පරීක්‍ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]