|
||
රජයේ දේපළ බිලි නොදී රට සංවර්ධනය කළ
|
ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
නිදහස ලැබීමෙන් පසු අපේ රටේ කිසිම රාජ්‍ය නායකයකු මුහුණ නොදුන් අභියෝග රැසකට මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දුන්නා. ප්රභාකරන් නිර්මාණය කරපු වෙනම රාජ්‍යයකට අවශ්‍ය යටත්වැසියන්, විදෙස් පුහුණුව ලැබූ හමුදාව ඊළාම් බැංකු හා මරාගෙන මැරෙන බෝම්බකාරියන් පරාජය කරන්න ජනාධිපතිට හැකිවුණා.
මුදල් සැපයුම වැඩිවන විට බඩුමිළ වැඩිවෙනවා. මෙය ආර්ථික විද්‍යාව අනුව ඇතිවෙන්නක්. ලංකාවට අවශ්‍ය පරිප්පු වැනි ආහාර කැනඩාව, ඕස්ට්‍රේලියාව, තුර්කිය, ඉන්දියාව වැනි රටවල්වලින් ගෙන්විය යුතුයි.
ලංකාවේ පරිප්පු වවන්න නම් ඉරපැය 3ක් වැඩියෙන් පායන්න වෙනවා. චීනයෙන්, ඉන්දියාවෙන් සීනි ගෙන්වද්දි නැව් ගාස්තු අඩු උනත්, ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩිවීම වලක්වන්න බැහැ.
මහවැලි ගඟ උතුරට හරවන්න ගියෙ කෝටි 5000යි. ඒ වගේ පස් ගුණයක් මේ රටේ යුද්ධය වෙනුවෙන් වැය උණා. බදු ගෙවලා මේ රටට ශක්තිය දුන්නු සෑම මිනිසකුම යුද ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙනවා.
මේ අවස්ථාවට සහභාගි වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර, පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ, හිටපු පළාත් සභා මන්ත්‍රී රාජා බාලසූරිය මහත්වරු අදහස් දැක්වූ අතර අත්තරගම ඥානවිමල හිමි, බත්තරමුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩල නිලධාරීන්, සමෘද්ධි කෘෂි නිලධාරීන් ක්‍රීඩා සමාජ, කාන්තා සංවිධාන සාමාජික සාමාජිකාවන් ඇතුළු ප්‍රදේශවාසී රැසක් සහභාගි වූහ.