උ/පෙළ පිළිතුරු ඇගැයීම් මේ සතියේ ඇරැඹිය හැකියි

උ/පෙළ පිළිතුරු ඇගැයීම් මේ සතියේ ඇරැඹිය හැකියි

- අධ්‍යාපන ඇමැති

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිළිතුරු ඇගයීමේ කටයුතු මේ සතියේදී ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

400ක් පමණ වූ විශ්ව විද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන්ට විභාග කොමසාරිස් ජනරාල්වරයා ලිඛිතව ආරාධනා කළ බව කී ඇමැතිවරයා මේ සතිය තුළදී ඔවුන්ගේ එකඟතාව පළ කරනු ඇති බවද ඒ අනුව උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කීවේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සමඟ අද (24) විභාග කොමසාරිස් ජනරාල්වරයා අතර විශේෂ සාකච්ඡාවක්ද මේ සම්බන්ධයෙන් පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා