ඉන්දු-ශ්‍රී ලංකා මිතුදම තහවුරු කර සාර්ථක නිල ගමන නිමවා ජනපති එයි

ඉන්දු-ශ්‍රී ලංකා මිතුදම තහවුරු කර සාර්ථක නිල ගමන නිමවා ජනපති එයි

ඉන්දියා ශ්‍රී ලංකා නොබිදෙන මිතුදම තවදුරටත් තහවුරු කළ සිය සාර්ථක තෙදින නිල සංචාරය නිමා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (22) යළි දිවයිනට පැමිණියේ ය.

සාංචි නුවර බෞද්ධ සහ භාරත අධ්‍යයන අනිතර්ජාතික විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සදහා මුල්ගල තැබිමට ලද ආරාධනය පරිදි ජනාධිපතිවරයා 19 වැනිදා පස්වරුවේ ඉන්දියාව බලා පිටත් විය.

ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි, අග‍්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහත්වරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා 20 වැනිදා පැවැත්විණි. අනතුරුව සාංචි නුවරට පැමිණි ජනාධිපතිතුමා ප‍්‍රථමයෙන්ම ගියේ සාංචි බෞද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැද පුදා ගැනීමටය.

ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාගේ සාංචි නුවර සංචාරය සනිටුහන් කරමින් මෙතෙක් ඉන්දීය මධ්‍යම පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත්ව තිබු සාංචි බුදු මැදුර සහ එය පිහිටි ඉඩම මහබෝධි සංගමය වෙත නිල වශයෙන් භාරදීම ද ජනාධිපතිවරයා ඉදිරියේ මෙහිදි සිදු විය.

සාංචි නුවර ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉදිකිරිම් සඳහා මුල්ගල තැබිමේ උත්සවය ඉන් අනතුරුව ආරම්භ වුයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ශී‍්‍ර ලංකාවෙන් වැඩම කරවන ලද අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ අංකුරයක් ජනාධිපතිවරයාගේ අතින් සාංචි ස්ථූපය අසළ රෝපණය කිරීම ද මේ සංචාරයේ සුවිශේෂි සිදුවීමක් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා