සිවිල් ගුවන්සේවාවේ කිසිම තැනකට කිසිදු ප්‍රධානියෙක් පත්කර නැහැ

සිවිල් ගුවන්සේවාවේ කිසිම තැනකට කිසිදු ප්‍රධානියෙක් පත්කර නැහැ

- ඇමැති ෆයිසර් මුස්තාපා

සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින කිසිම ආයතනයකට කිසිදු ප්‍රධානියකු මෙතෙක් පත්කර නොමැති බවත්, අදාළ නිලධාරීන් දේශපාලන භේදයකින් තොරව දක්ෂතාව කුසලතාවය මත විනිවිද බවින් පත්කරන බවත් ඇමති ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන සිවිල් ගුවන්සේවා ඇමති ‍ෆයිසර් මුස්තාපා මහතා මෙසේද පවසයි.

මේ අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවල පත්වීම් සම්පූර්ණ විනිවිද භාවයෙන් යුතුව දක්ෂතා හා කුසලතා මත දේශපාලන භේදයකින් තොරව පත් කිරීමට අදහස් කර ඇත. එසේම දැඩි දුෂ්කරතා මධ්‍යයේ ලබාගත් ජනාධිපතිතුමන්ගේ මෙම පාලන කාලයේ යහපාලනයට හානිකර ආකාරයේ කිසිදු ක්‍රියාවක් මේ අමාත්‍යාංශයෙන් සිදු වීමට කිසිදු ආකාරයකින් ඉඩ නොතබන බවද වගකීමෙන් යුතුව කාරුණිකව දන්වා සිටිමි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා