සියලු පත්වීම් සිදුකරන්නේ උගත්කම විෂය දැනුම පදනම් කරගෙනයි

සියලු පත්වීම් සිදුකරන්නේ උගත්කම විෂය දැනුම පදනම් කරගෙනයි

- සිවිල් ගුවන් සේවා ඇමැති ෆයිසර් මුස්තපා

සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අයත් සියලු පත්වීම් මෙතෙක් සිදු කර නැති බවත් උගත්කම විෂය දැනුම පදනම් කරගෙන සියලු පත්වීම් ඉදිරියේදී සිදු කරන බවත් සිවිල් ගුවන් සේවා ඇමැති ෆයිසර් මුස්තපා මහතා පවසයි.

යහපාලනයක් උදෙසා ජනතා මතයක් තුළින් මෛත්‍රී පාලනයක් රටේ ඇති වූ බව පෙන්වා දෙන අමැතිවරයා ජනතාවට සේවයක් සිදු කිරීම සඳහා සියලු කැපකිරීම් සිදු කරන බවද කියා සිටියේය.

ඇතැම් වෙබි අඩවි අසත්‍ය ප්‍රවෘත්ති පලකරමින් තම හිතවතුන්ට පත් වීම් ලබා දී ඇති බවට සිදු කර ඇති ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන ඇමැතිවරයා එම පුවත්වල කිසිදු සත්‍යතාවයක් නැති බවත් තමන් මේ වන තෙක් කිසිදු පති වීමක් කර නැති බවත් දිනමිණට අදහස් දක්වමින් කියා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා