උතුරු මැද පළාත් සභාවේ සහයත් ජනපති මෛත්‍රීට

උතුරු මැද පළාත් සභාවේ සහයත් ජනපති මෛත්‍රීට

උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ පූර්ණ සහයෝගය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට ඒකමතිකව තීරණය කළ බව උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.

අනුරාධපුරයේදී පෙරේදා (15) උතුරුමැද පළාත් ශ්‍රවණාගාරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභිකයකු වන තමා ඇතුළු උතුරුමැද පළාත් සභා මන්ත්‍රීවරු සියලුදෙනාම නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී.ල.නි. පක්ෂ සභාපති පදවිය පිරිනැමීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය අනුමත කරන බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපරාජිත ශ්‍රී.ල.නි.ප. ය පෙරටත් වඩා ශක්තිමත් කිරීම අරමුණ බව ද නව ජනාධිපතිතුමාට ලබාදිය හැකි උපරිම ශක්තිය ලබා දෙන බව ද, නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, ශ්‍රී.ල.නි. පක්ෂයත්, ශ්‍රී.ල.නි. පාක්ෂිකයනුත් සදාකල් සුරැකීමට තමා සහ උතුරුමැද පළාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ප්‍රතිඥා දෙන බව ද ප්‍රධාන ඇමැතිවරයා කියයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා