කටවුට් ඉවතට: ජනපති රුව එක් ප්‍රමුඛ පුවතකට පමණයි

කටවුට් ඉවතට:

ජනපති රුව එක් ප්‍රමුඛ පුවතකට පමණයි

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ට උපදෙස්

තම ඡායාරූප අවම වශයෙන් රාජ්‍ය මාධ්‍යවල භාවිත කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාට උපදෙස් දී තිබේ.

පුවත්පත්වල ප්‍රමුඛ පුවතක් පළකිරීමේ දී පමණක් තමාගේ සුදුසු ඡායාරූපයක් ප්‍රවෘත්තිමය වටිනාකම මත පළකිරීමට ද ජනාධිපති සිරිසේන මහතා උපදෙස් දී තිබේ. දැනට මහමඟ ප්‍රදර්ශනය කරන තම රුව සහිත කටවුට් දැන්වීම් පෝස්ටර් ආදිය ද වහාම ඉවත් කරන ලෙසත් උපදෙස් දී තිබේ. එම පෝස්ටර් සවිකළ පුද්ගලයන්ට ඒවා ඉවත් කරන ලෙසට උපදෙස් දී තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා