මුද්‍රණය සඳහා

 
බස්නාහිර පළාතේ භූමිතෙල් භාවිතා කරන අයට මේ වසරේ විදුලි පහසුකම්

බස්නාහිර පළාතේ භූමිතෙල් භාවිතා කරන අයට මේ වසරේ විදුලි පහසුකම්

බස්නාහිර පළාතේ නිවාස ඒකක අතරින් මේ වන විටත් භූමිතෙල් භාවිතයෙන් ආලෝකය ලබාගන්නා ප්‍රමාණය 5% කට ආසන්න වන අතර ලබන වසර වන විට එම සියලුම නිවාසවලට විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක් එම පළාත් සභාව මඟින් ක්‍රියාත්මක කෙරේ.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පළාත් අතරින් වැඩිම පවුල් ප්‍රමාණයකට විදුලිය පහසුකම් ලැබී තිබෙන්නේ තම පළාතට බව කියන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එහෙත් විවිධ හේතූන් මත විදුලිය ලබාදීම ඉහත සඳහන් නිවාස සංඛ්‍යාවට ඇති බාධා හා අපහසුකම් සියල්ල හඳුනාගෙන ඇති බවත්, එම බාධා මැඬලීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් කියයි.

විදුලිය සැපයුම් මාර්ග දියුණු කිරීම, ධාරිතා වැඩිදියුණු කිරීම, විදුලි පහසුකම් ලබාගැනීමට ඇති ගැටලු නිරාකරණය සහ ජාතික පද්ධතියෙන් විදුලිය ලබාදීමට අපහසු ප්‍රදේශ සඳහා කුඩා ජල මූලාශ්‍ර හඳුනාගෙන එමඟින් විදුලිය ලබාදීම මේ වැඩපිළිවෙළ මඟින් ඉටුකිරීම පළාත් සභාවේ අපේක්ෂාවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]