මුද්‍රණය සඳහා

 
යාපනයේ හර්තාල්: කලහකාරීහු 127ක් අත්අඩංගුවට

යාපනයේ හර්තාල්: කලහකාරීහු 127ක් අත්අඩංගුවට

යාපනය, කයිට්ස් පුන්කුඩතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවිය දුෂ්‍ය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයෙකුට එතෙර යාමට අවසර දුන්නැයි විරෝධය පලකරමින් යාපනය නගරයේ කඩ සාප්පු වසා දමා ඊයේ (20) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි.

රජයේ ෙද්පළ වලට අලාභහානි සිදු කරමින් කලහකාරී ෙලස හැසිරුණු පුද්ගලයන් 127 ෙදනකු ෙපාලිසිය විසින් අත්අඩංගුවට ෙගන තිෙබ්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු සම්බන්ධයෙන් නිසි ලෙස නීති ක්‍රියාමාර්ග නොගැනීමත්, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ට මරණ දඬුවම ලබා දෙන ලෙසත් මෙහිදී විරෝධතාවයට එක්ව සිටි යාපනයේ ජනතාව ඉල්ලා සිටියහ.

මෙම විරෝධතාවය සඳහා යාපනයේ රාජ්‍ය ආයතන, පාසල් ඇතුලු සියලුදෙමළ, මුස්ලිම් හා සිංහල සංවිධාන සහ යාපනය අවට දූපත්වල ජනතාවගේ ද සහය මීට ලැබී තිබුණු අතර විරෝධකරුවන් බොහෝ ස්ථානවල ටයර් පුළුස්සා, පෙළපාලි යමින් සිය විරෝධතාවය දක්වන අයුරු යාපනය පුරා සැරිසැරුනු ලැබු අපට දක්නට ලැබිණි.

ඉතා සාමකාමී අයුරින් පැවැත් වූ මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා පාට පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලන පක්ෂ එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර ඝාතනයට ලක් වූ පාසල් දැරියට සාධාරණයක් ලැබෙන තෙක් විරෝධතාවල යෙදෙන බව එම විරෝධකරුවෝ පැවැසූහ.

දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ පළමු සැකකරු ප්‍රදේශයේ නම ගිය හොරෙක් බවත් ඔහු කළ සොරකමක් දැරියගේ මව විසින් පොලිසිය පැමිණිලි කර අල්ලා දීම නිසා ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට විරෝධකරුවන් කිහිප දෙනෙකු පැවැසූහ.

යාපනය, කයිට්ස් පුන්කුඩතිව් මහා විද්‍යාලයේ උසස් පෙළ පංතියේ ඉගැනුම ලැබු සිවලෝගනාදන් විද්‍යාති නැමැති සිසුවිය පසුගිය මැයි මස 15 වැනි දූෂ්‍ය කර ඝාතනය කර තිබුණු අතර ඊට සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයක් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබියදී මේ තත්ත්වය මතු වී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]