වන අලියෙකු ලොරියක ගැටී තිදෙනෙකුට බරපතලයි

වන අලියෙකු ලොරියක ගැටී තිදෙනෙකුට බරපතලයි

[2015-05-21 01:37]

දඹුල්ල- හබරණ මාර්ගයේ දිගම්පතහා ප‍්‍රදේශයේදී අද අලුයම 5.00 ට පමණ වන අලියෙකු කුඩා ලොරි රථයක ගැටීමෙන් ලොරි රථයේ ගමන් කල තිදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබුවන් වාලච්චේන පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් වරකාපොළ ප‍්‍රදේශයට යමින් සිටියදී අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ තවත් කාන්තාවක් හා ඇගේ අවුරුද්දක වයසැති කුඩා දරුවෙකු සිට ඇතත් ඔවුනට කිසිදු තුවාලයක් සිදුව නොමති බව පොලිසිය කියයි.

දඹුල්ල නගරයෙන් බැහැරලන කැලි කසළ කෑමට පුරුදුව සිටින අලින් මෙම ප‍්‍රදේශයේදී නිරන්තරයෙන් මෙම මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් එලෙස අනතුරු සිදුවේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා