මුද්‍රණය සඳහා

 
සඳහිරු සෑය විකුණමින් මුදල් එකතුකරන්නන් නීතියේ රැහැනට

සඳහිරු සෑය විකුණමින් මුදල් එකතුකරන්නන් නීතියේ රැහැනට

[2015-05-21 14:40]

අනුරාධපුර පූජා භූමියේ ඉඳිවෙමින් පවතින සදහිරු සෑය ව්‍යාපෘතිය සඳහා ආධාර එකතු කරමින් ජනාතාව නොමඟ යවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්‍ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රය පවසන්නේ එවැනි ක‍්‍රියාවන්හී යෙදෙන පුද්ගලයින් වෙතොත් ළඟම ඇති පොලිස් මූලස්ථානය වෙත දැනුම් දෙන ලෙසය.

කෙසේ වෙතත් පරිත්‍යාගශීලින්ට ආධාර කළ හැකි වන්නේ මහජන බැංකුවේ සඳහිරු සෑ ගිණුමට ( 204-1-001-8-0004467 ) පමණක් බව ද කරුණාවෙන් සැළකිය යුතුය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]