මුද්‍රණය සඳහා

 
ආබාධිත රණවිරු පෙත්සම් විභාගය කල් යයි

ආබාධිත රණවිරු පෙත්සම් විභාගය කල් යයි

[2015-05-21 15:05]

හිඟ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා අසාධාරණයට ලක්වූ ආබාධිත රණවිරුවන්ගේ සංගමය විසින් ගොනු කෙරුණු පෙත්සම අද සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එය ලබන සැප්තැම්බර් 28 වනදා දක්වා කල් තැබිණ.

තම දුක්ගැනවිල්ල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද කිහිප සැරයක්ම කීවත් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් වත්මන් ජනපති සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුහු කීහ.

ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් විවිධ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවෝ 291 දෙනෙක් මෙම පෙත්සම ගොනු ඇත.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]