මුද්‍රණය සඳහා

 
ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් යොදා ගනිමින් මුදල් හා භාණ්ඩ ලබා ගැනීමේ ජාවාරමක් හෙළිවේ

ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් යොදා ගනිමින් මුදල් හා භාණ්ඩ ලබා ගැනීමේ ජාවාරමක් හෙළිවේ

[2015-05-21 10:46]

ලද තොරතුක් මත දෙහිවල, වැන්ඩවට් ප්‍රදේශයේ කළ වැටලීමකදී ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් යොදා ගනිමින් මුදල් හා භාණ්ඩ ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කාඩ්පත් හිමියන්ගේ දත්ත වංචනිකව ලබා ගෙන එම දත්ත ව්‍යාජ කාඩ්පත්වලට ඇතුළු කර එම වංචාව සිදු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ලදි.

28, 30 හා 36 වයස්වල පසු වූ අදාළ සැකකරුවන් සතුව තිබී ව්‍යාජ කාඩ්පත් 52 ක්ල දත්ත පිටපත් කිරීමට හා කියවීමට යොදාගත් උපකරණ ද පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]