බිරිඳ සිය රාජකාරිය අකුරටම ඉටු කරලා

බිරිඳ සිය රාජකාරිය අකුරටම ඉටු කරලා

සැමියා පවුල් ජීවිතය ගැන හොඳටම කළකිරුණේය. තමාට පැවරී ඇති ගෙදරදොර රාජකාරිවලට වඩා බිරිඳ කරන කටයුතු පහසු බව අවබෝධ කර ගත්තේය. මේ තත්ත්වයට විසැඳුමක් ලබා ගැනීමට සැමියා දෙවියන් වහන්සේ හමු විය. හමුවීමට පෙර දෙවියන් වහන්සේගේ පෞද්ගලික සහකාරිවරියට දුරකථන පණිවුඩයක් සහ ෆැක්ස් පණිවුඩයකින් වේලාව දිනය වෙන්කර ගත්තේය.

දෙවියන් වහන්සේ - එම්බල මා හිතවත් නරය. ඔබගේ ප්‍රශ්නය කුමක්ද ? කෙටියෙන් ඉදිරිපත් කරන්න.

සැමියා - අනේ ස්වාමීනි! මම සැමියකු ලෙස හරිම වැඩ ගොඩක ඉන්නේ. දැන් ඉතින් මේකෙ අවසානයක් තිබිය යුතුයි. ඒ නිසා ස්වාමීනි මට බිරිඳගේ තත්ත්වයත් ඇයගේ වැඩ රාජකාරිත් පවරන්න. මගේ රාජකාරි බිරිඳට පවරන්න.

දෙවියන් වහන්සේ - හොඳයි නරය හෙට හිමිදිරියේ සිට ඔබ ඉල්ලා සිටින වරම ලැබේවි.

සැමියා උදෙන් නැගිට්ටේය. තේ හැදුවේය. දරුවන්ට කෑම සකස් කළේය. දරුවන්ගේ ඇඳුම් අයන් කළේය. ඊට පසු දරුවන් පාසලට ගෙන ගියේය. ගෙදර ආ ඔහු ගේ දොර අස්පරස් කොට බිරිඳගේ දරුවන්ගේ සියලු කිළිටි රෙදි සේදුවේය. හට්ටි වළං සේදුවේය. දවල්ට කෑම පිළියෙල කළේය. ඊට පසු කඩිමුඩියේ පාසලට ගොස් දරුවන් ගෙදර කැන්දන් ආවේය. දරුවන් නාවා කවා පොවා මදකට ඉස්පාසුවක් ගෙන යළි වැඩ පටන් ගත්තේය.

වැඩ වලින් හොඳටෝම හෙම්බත් වූ සැමියා යළි දෙවියන් වහන්සේ හමුවීමට තීරණය කර ගෙන වේලාවක් වෙන්කර ගත්තේය.

දෙවියන් වහන්සේ - තමන්ගේ ඉල්ලීම පිට පහසු රාජකාරි පැවරුවා. එක දවසයි බිරිඳගේ රාජකාරි කළේ. දැන් මොකද ඉල්ලන්නේ.

සැමියා - අනේ ස්වාමීනි එක දවසින්ම මට එපා වුණා. ඉවරයක් නැති වැඩ මට ආපහු මට අයිති රාජකාරිම දෙන්න.

දෙවියන් වහන්සේ - හොඳයි : හොඳයි තමන්ම පාඩමක් ඉගෙන ගන්න එපෑයැ. හැබැයි ඉතින් තව මාස නවයක් ඉන්න වේවි.

සැමියා - ඇයි ස්වාමීනි ! මාස නවයක්

දෙවියන්වහන්සේ - නැතුව! නැතුව. දැන් තමා ගැබිනියක්. බිරිඳට පැවරුණ රාකාරිය අකුරටම ඉටු කරලා.


“ඔය එහා පැත්තේ ඉන්නෙ එක්ක පලයන්”

කවුරුත් දන්න කතාවකින් අලුත් කතාවක් පටන් ගනිමු නේද ? පිළියන්දල සාජන් පෙරේරා එක දවසක් එක පාරටම යාලුවොත් එක්ක මෙන්න මෙහෙම කිව්වා.

“මචං ! මට කියන්න බැරි වුණා මම එම්.බී.බී.එස්. පාස් !

“කවුද උඹේ දුවද ? පුතාද “ යාලුවෙක් ඇහැව්වා. උඹට දැන් පනස් පහත් ඉවරයි නේ” යාලුවෙක් ඇහැව්වා.

“මේ දවස්වල අපේ ගෙදර පොඩි රෙපෙයාර් එකක්. මේෂන් බාස් කෙනෙක් වැඩ. මං එයාට උදව් කරනවා. ඒ කියන්නේ “මේෂන් බාස්ට බදාම සප්ලයි” ) (MBBS

ඒ වගේ සඟරාවලට දාන්නේ මාර නම්.

සොඳුර - මකරා... වගේ නම්,

තවත් නමක් තමයි “බිරිඳ”.

මගේ යාලුවෙක් පත්තර කඩේට ගිහින් “මුදලාලි මට බිරිඳ දෙන්න” කියලා රුපියල් දහයක් දික් කළා.

මුදලාලි බැලුවා හිසේ සිට පාදාන්තය දක්වා.

“අර ඉන්නේ එහා පැත්තේ. එක්ක පලයං. මං උඹට රුපියල් 100 ක්ම දෙන්නම්.


වැසිකිළි යාමට සිගරැට් ඕනෑම ද ?

සෝමේ හලෝ සිරි ! කාලෙකින්. වාඩිවෙන්න, වාඩිවෙන්න.

සෝමෙගෙ බිරිඳ (සිරි පෙන්වමින්) අන්න මහත්වරු.. ආදර්ශයට ගන්නවා නම් මහත්වරු. බලන්න සිරි සිගරැට් බොන්නෙම නැහැනේ. ඔය මඟුල බීලා තමන්ට වැඩකුත් නෑ. ශරීරෙට හොඳක් නෑ. වැසිකිළියට යන්නේ සිගරැට් කොටේ කටේ ගහගෙන.

“මං දාගත්තු ලෙඩක්. ගෙදර හිටිය නම් අනුන්ගේ කුණු කොන්ත්‍රාත්තුවලට කර ගහන්නේ නැහැනේ” සිරි තමන්ටම කියා ගත්තේය.

සිරි - මොකද මස්සිනා ලෙඩේ? උදේම බාල්දි ද ?

සෝමෙ - මං සිගරැට් බොනවට උදේම ලෙඩේ අදිනවා.

සිරි ඔන්න ඕක නවත්තලා දාපන් බං.

සෝමේ නෑ මචං කොයි වෙලාවට නැතත් මට වැසිකිළියන්න සිගරැට් එක ඕනෑමයි.

බිරිඳ ඇයි ! වැසිකිළියන්නේ සිගරැට් එක පස්ස පැත්තේ ගහගෙනද ?

ඉස්සරත් බස් වල දුම්බීම තහනම්. ඒ නිසා බස්වල “දුම්බීම තහනම්” කියල ප්‍රදර්ශනය කළා. හැමදේම නවීකරණය වෙනවා නේ. දැන් සිගරැට් පැකට්ටුවෙ ගහල තියෙන්නේ දුම්බීම සෞඛ්‍යයට අහිතකර විය හැකිය කියලනේ.

ඒ අනුව දැන් බස්වල ගහල තියෙන්නේ මෙහෙමයි.

“දුම්බීමට විරුද්ධ වන්න - ඒ සඳහා ඔබට අයිතියක් තිබේ”

ඒ නිසා ඒක යටින් “ගුටි කෑමට ද ඉඩ තිබේ” කියල එකතු කළොත් විරුද්ධ වන අපේ සෞඛ්‍යයට හිතකර වේවි.