ගෙම්බා ගේ වරතුන

ගෙම්බා ගේ වරතුන

උගුලකට හසුවී සිටි ගස් ගෙම්බෙකු දුටු ලතා ඌ අසලට ගොස් බේරා ගැනීමට කල්පනා කළාය.

“මාව නිදහස් කළොත් ඔබතුමියට වර තුනක් ලබා දෙනවා” යි ගෙම්බා කීය.

ගස් ගෙම්බා නිදහස් කළාට පසු ලතා ඇමතූ ගෙම්බා “අනේ ඔබතුමියට බොහොම පිං. ඒත් මම පොරොන්දු වුනු වර තුනකට පොඩි පහේ කරුණක් සම්බන්ධ වෙලා තියනවා. ඒ කියන්නේ එක් වරයකින් ඔබ යමක් ඉල්ලා සිටියොත් ඒ වගේ දස ගුණයක් සහිතව එම ඉල්ලීම ඔබේ සැමියාට ලැබෙනවා” යි ගෙම්බා කීය.

ඒකට කමක් නෑ” යි ලතා කියා “මම මේ ලෝකයේ ඉන්න ලස්සනම ගැහැණිය විය යුතුයි” කීවාය. එවිට ගෙම්බා “හොඳමයි මම ඒ වරය ඉෂ්ඨ කර දෙන්නම්, ඒත් මතක තියා ගන්න ඔයා ලස්සනම ගැහැණිය වන විට ඔබේ සැමියා ලෝකයේ සිටින කඩවසම්ම තැනැත්තා බවට පත් වෙනවා. හරියට දෙවි කෙනෙක් වගේ තත්ත්වයකට පත් වෙලා ලස්සන ගැහැණු ඔහු පිටි පස්සෙන් එන්න ගනී” යි කීය.

“ඒකට කමක් නෑ. මම ලෝකයේ සිටින ලස්සනම ගැහැණිය නිසා එයා වෙනත් ගෑණු ගැන හිතන එකක් නෑ” යි ලතා කීවාය.

ඇයගේ දෙවැනි වරය වූයේ ලෝකයේ සිටින ධනවත්ම කාන්තාව ඇය විය යුතු බවයි.

එවිට ගෙම්බා “ඔයාගේ සැමියා ලෝකයේ ධනවත්ම තැනැත්තා වන අතර ඔහු ඔබට වඩා දස ගුණයකින් පොහොසත් වෙනවා” යි කීය.

“ඒකට කමක් නෑ. එයා මගේ සැමියා නිසා ඒ සියලුම ධනය මටත් අයිති වෙනවා නේ” යි කීවාය.

තුන්වැනි වරය ලෙස ලතා කියා සිටියේ “මට සුළු හෘදයාබාධයක් ලබා දෙන්න” කියායි.