ඔහු ඇයට අත වනලා

ඔහු ඇයට අත වනලා

පැල්දෙණිය උසාවියේ මුලසුන හොබවමින් සිටි දඹුල්ල මහේස්ත්‍රාත් ඇන්ඩෲ සෝමවංස මහතා, ගමේ පැරැණි අධිකරණ ගොඩනැගිල්ලේ රැස් කන ගැමියන් දෙස බැලුවේය.

යුක්ලිඩ් නම් ග්‍රීක ගණිතඥයාගේ හයවැනි පොතේ ප්‍රමේයකට සමාන අයුරින් නාරිලාලිත්‍යය ඇති රූපයකින් යුත් යසෝවතී නම් වූ පුන් පියයුරු ඇති තරුණ ගැමි ගැටිස්සිය, එක් කනක සිට අනෙක් කන දක්වා සිනහ වෙමින්, පැමිණිල්ල මෙහෙයවන පොලිස් කොස්තාපල්වරයා අසල සිටගෙන සිටියාය.

උසාවි ශාලාව හරහා අනෙක් පැත්තේ විත්තිකරු පියදාස සිටියේය. තරුණ පුද්ගලයෙකු වූ ඔහු, දැන් කැලෑ ගම්මානවල විලාසිතාවක් බවට පත්වෙමින් තිබෙන කන් වැහෙනසේ පහළට එල්ලෙන අවුල් වූ ‘මොඩ්’ ස්ටයිල් කොණ්ඩය අත ගාමින් සිටියේය.

පියදාස වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටි අතර “මෙය 345 නඩුවක්” ලෙසින් පැමිණිල්ලේ කොස්තාපල් නිවේදනය කළ විට එම නීතිඥවරයා සෝමවංස මහතාට මෙසේ කියා සිටියේය.

විත්තියේ නීතිඥ - 345 වගන්තිය කියන්නේ සර්, “හිරි ඔතප් බිඳීමට තැත් කිරීමේ අදහසින් සාපරාධී බලහත්කාරය පෑමයි” . මගේ සේවාදායකයාට එරෙහිව මේ නඩුව , පැමිණිල්ල විසින් පවත්වාගෙන යාමට හැකි වන්නේ කොහොමද කියා මා දන්නේ නැහැ සර්!

සෝමවංස මහතා - (පොලිස් කොස්තාපල්ට) කරුණු කාරණා මොනවාද ?

කොස්තාපල් - පැමිණිලිකාරිය කොස් ගහක් යට හිටගෙන ඉන්න කොට විත්තිකරු පැමිණ ඇගේ ශරීරයට අත තියලා තියෙනවා., සර්. (හිනා)

සෝමවංස මහතා - (කොස්තාපල්ට) ඔබ ඇහින් නොදුටු දේ විස්තර කරන්න ඔබේ අත් දෙක පාවිච්චි කළ යුතු නැහැ. අත්දෙක පාවිච්චි නොකර එය කියන්න පුළුවන්. (ශබ්ද නගා සිනා)

විත්තියේ නීතිඥ - හරියට හරි, සර්. කොස්තාපල් යොදා ගන්නේ වුවමනාවට වඩා තීව්‍ර සිතුවිල්ලක් ! (තවත් සිනා) ඇත්ත වශයෙන්ම සර්, එවැනි දෙයක් සිදුවෙනවා කවුරුත් දැකලා නැහැ.

කොස්තාපල් - ඇගේ මව මෙය දුටුවා. එයා එතනට දුවගෙන ආවා සර්.

විත්තියේ නීතිඥ - සාක්කි කරුවෙක් ලෙසින් මව අද ඇවිත් නැහැ, සර්.

තරුණියගේ පළමු පැමිණිල්ල මා ළඟ තියෙනවා , සර්. විත්තිකරු ඇයට ඔහුගේ අත වැනුවා කියලා ඇය පැමිණිලි කර තියෙනවා.

සෝමවංස මහතා - ප්‍රශ්නය වී තිබෙන්නේ, ඔහුගේ අත වැනීම සඳහා ඔහු ඇයට කොතරම් ලංවුනාද කියන එකයි! (හයියෙන් හිනා)

විත්තියේ නීතිඥ - ඒ ගැන දැන් ඇගෙන් අහන්න පුළුවනි, සර්.

සෝමවංස මහතා (යසෝවතීට) - ඔහු තමුන්ට ඔහුගේ අත වැනුවා කියන්නේ ඇත්තද ?

යසෝවතී මම බේරෙන්න දඟලමින් හිටියා. ඔහු ඔහුගේ අත් වනමින් හිටියා ! (ශබ්ද නගා සිනා)

සෝමවංස මහතා - දැක්ක නේද? (තවත් හිනා)

විත්තියේ නීතිඥ - මෙය සංශෝධනය කරන ලද විස්තරයක්, සර්. පොලිසියේ විස්තරය. කෙසේ වෙතත්, නඩුව සමථයට පත්කිරීමට හෝ ඉවත්කර ගැනීමට ඇයට වුවමනා බව මට දන්වා තියෙනවා, සර්.

සෝමවංස මහතා - (යසෝවතීට) නඩුව සමථයට පත් කර ගන්න තමුන්ට වුවමනාද ?

යසෝවතී - ඔව්.

සෝමවංස මහතා - ඇයි ?

යසෝවතී (සිනාසෙමින්) - ඔහු දැන් මගේ වැඩිමල් අක්කාව කසාද බැඳලා ! (ශබ්ද නගා සිනා)