තෑග්ග

තෑග්ග

සුධර්මා මිස් පෙර පාසල් ගුරුවරියක්. “හෙට ඔයගොල්ලො කෑම ගේන්න එපා. මං ඔය ගොල්ලන් සේරටම කෑම දෙනවා. හෙට මගේ උපන් දිනේ නේ” ඇය දරු පැටියන්ට කීවාය.

පහුවෙනිද මොන්ටිසෝරියට ආපු බොහෝ දෙනෙක් අත තෑගි පාර්සල් තිබුණ. ඇය පංතියට ඇතුල් වුණා විතරයි, චින්තා ඇය ළඟට දුවගෙන ආවේ පාර්සලයක් බදාගෙන. “සුබ උපන් දිනයක් ටීචර්!” යැයි කියූ ඇය තෑගි පාර්සලය සුධර්මා අත තබමින් “හිතන්න පුළුවන් ද මේ තෑග්ග මොකක් ද කියලා” යනුවෙන් ඇගෙන් ඇහුවා.

චින්තගෙ තාත්තට පොත් සාප්පුවක් තියෙන බව දන්න හින්ද ටීචර් එක පාරටම කිව්ව පොතක් නේද? කියලා.

“කොහොමද දැනගත්තේ කියලා චින්තා ඇහුවා.” ඒත් එක්කම පියුමි ඇය ළඟට ආවෙ තවත් පාර්සලයක් අරගෙන. ඇයත් සුධර්මට සුබ පතලා “හිතන්න පුළුවන්ද මේකෙ මොනවද තියෙන්නෙ කියලා” ඇසුවාය.

ඇගේ මාපියන් තේ කොළ බිස්නස් එකක් කරන බව දත් සුධර්මා “තේකොළ නේද?” කියල කීවාය.

“කොහොමද දැනගත්තෙ? පියුමි ඇසුවාය.

ඊළඟට සුධර්ම ළඟට ආවෙ පුංචි පියල්. ඔහු පාර්සලය ඇය අතට පත් කරන්නත් කලියෙන් “මේකෙ තියෙන්නෙ මොනවද කියා පුළුවන් නම් කියන්න” කියල කීවාය. පියල්ගෙ තාත්තට සිසිල් බීම සාප්පුවක් තියෙන බව සුධර්ම දන්නවා. පියල්ගේ පාර්සලේ පැත්තක් තෙත් වෙල තියෙනවත් ඇය දැක්කා. ඇය තෙත හරියට ඇඟිල්ලක් තියලා ඇඟිල්ල තොලගාලා බැලුවා. “පැෂන් ඩ්‍රින්ක් එකක් නේද” ඇය ඇසුවාය.

“අපෝ නැහැ!” චූටි පියල් කීවේය. ඇය යළිත් තෙත හරියට ඇඟිල්ල තියලා තොල ගාල බැලුවා.

“මං දන්නවා ‘ෆැන්ටා’ බෝතලයක්.”

“නැහැ, නැහැ.” පියල් කීවේය.

සුධර්මා යළිත් ඇඟිල්ල තියලා තොලගාල බැලුවා. “හරි හරි” මික්ස් ෆ්රුට් ඩ්‍රින්ක් එකක්? ඇය කීවාය.

“නෑ නෑ වැරදියි! බලු පැටියෙක්. පියල් කීවා. සුධර්මගෙ මූණ ඇඹුල් වුණා.