රාගයෙන් මත්වෙලා පේ‍්‍රතයෙක් වෙලා ඉපදිලා

රාගයෙන් මත්වෙලා පේ‍්‍රතයෙක් වෙලා ඉපදිලා

මිනිස්සු මිල මුදලට, යාන වාහනවලට, ගේ දොර වතුපිටිවලට ලෝභ කරති. ආශා කරති. එහෙත් ඒ සියල්ලටම වඩා පිරිමි ගැහැනුන්ට ආශා කරති. ගැහැනු පිරිමින්ට ආශා කරති. ඔවුනොවුන් දකින්නට, කටහඬ අසන්නට, ස්පර්ශ කරන්නට, ඇසුරු කරන්නට පි‍්‍රය කරති. මෙය මිනිසුන් අතර පමණක් නොව සතර අපාගත තිරිසනුන්, නිරිසතුන්, පේ‍්‍රතයන් හා අසුරයන් අතරද පවතී. එපමණක්ද නොව චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය යන සදෙව් ලෝකයේද ස්වභාවය එය වේ. දෙව්ලොව උප්පත්තීන් සිදුවන්නේ ඕපපාතිකවය. සමහර අවස්ථාවල කර්මානූරූපව දිව්‍යාංගනාවෝ දෙවිවරුන් දෙදෙනකුගේ විමානදෙකක් අතර මායිම්වල උපත ලබන, පහළ වන අවස්ථාද ඇත. තමන්ට කොයිතරම් පිරිවර දිව්‍යාංගනාවන් සිටියද දෙපැත්තේ විමාන දෙකේ සිටින දෙවිවරු දෙදෙනා මේ මායිමේ පහළවන දිව්‍යාංගනාව අයිතිකර ගන්නට සටන්කරන අවස්ථාද බොහෝය. මිනිස් ලොවත්, සතර අපායත්, දිව්‍ය ලෝක සයත් කාමාවචර ලෝකයන් යැයි කියන්නේ ඒ නිසාය. ඒ ස්වභාවික කාරණයකි.

මහනුවර අම්පිටියේ පදිංචි සේපාලිකා හැට හැවිරිදිය. ඇය තිදරු මවකි. ඇගේ සැමියා මියගොසිනි. දැනට වසර 10 ක පමණ කාලයක සිට සේපාලිකා දරුණු කොන්දේ වේදනාවකින් පෙළෙන්නීය. ඒ සමඟම බඩේ රුදාවක්ද ඇතිවේ. වරෙක සිහිනැතුව වැටෙයි.

ඇය, මේ අසනීප තත්ත්වයන්ගෙන් මිදෙන්නට වෛද්‍යවරු පස්දෙනකු වෙත වරින් වර ගොස් ප්‍රතිකාර ලැබුවද කිසිදු සුවයක් නොවීය. වෛද්‍ය පරීක්ෂණවලින් ඇයට කිසිදු කායික රෝගයක් නැතැයි නිගමනය වී ඇත. ඉන්පසුව මනෝ කායික ආබාධයක් ඇතැයි පැවසීම නිසා ඇය මනෝ වෛද්‍යවරයකුගෙන්ද ප්‍රතිකාර ලැබුවාය. එහෙත් කිසිදු සහනයක් නොලැබ වසර ගණනක්ම ඉක්ම ගියේය.

දිනක් “මාංචු” පත්‍රයේ “භූතාත්මය” විශේෂාංගය කියැවූ සේපාලිකාගේ ලොකු දුව එහි සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ සිය මව දැනුම්වත් කළාය.

“මෙච්චර කාලයක් අච්චර දේවල් කරලත් හරි නොගිය එක කොහොමත් එකයි. ඕකත් කරල බලමු.”

ඇය එතැනටත් යෑමට කැමැත්ත පළ කළාය.

ඒ අනුව දිනක් මේ මවත් දියණියත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගොස් ආධ්‍යාත්මීය උපදේශකවරයා හමුවී සියලු රෝග විස්තර පැහැදිලි කළහ.

ගවේෂකවරයා සේපාලිකා වෙත ශක්ති කිරණ එල්ලකොට පරීක්ෂා කර බලන විට ඇය වෙව්ලන්නටත්, අඬන්නටත් වූවාය. ඇයට භූතාත්මයක බලපෑමක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ඇගේ මානසික ඒකාග්‍රතාව ඇතිකිරීම සඳහා දින විසිඑකක් බෝධිපූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

නියමිත උපදෙස් පරිදි බෝධිපූජා පවත්වා අවසන්කොට ඔවුහු නැවත පැමිණියහ. එදින සේපාලිකා දිෂ්ටි ගැන්වී අ¾ඩන්නට වූවාය. ගවේෂකවරයා ඇගෙන් ප්‍රශ්න කළේය.

“ඇයි මේ අඬන්නේ....?”

“දුකට”

“ඇයි දුක් වෙන්නේ...?”

ගවේෂකවරයා නැවත ඇසීය.

“මට බැහැ මහත්තයා මෙයාව දාලා යන්න. මහත්තයා මාව පන්නන්න නේද හදන්නේ.... ඒ දුකට තමයි මම අඬන්නේ....”

“ඇයි මෙයාව දාලා යන්න බැරි?”

“මෙයා මගේ. අවුරුදු ගානක් මම මෙයා ළඟට වෙලා මෙයා එක්ක එකට ජීවත් වුණේ. ඉතින් මම කොහොමද මෙයාව දාලා යන්නේ.....?”

භූතාත්මය මහ හඬින් අඬන්නට විය.

“ඔබ කවුද.....?”

“මම නිකුලස්”

“ඔබ මේ සේපාලිකාගේ මැරුණු ස්වාමි පුරුෂයාද....?”

“නෑ.... නෑ.... මම සේපාලිකාගේ ගෙදර අල්ලපු ඉඩමේ ජීවත්වුණේ”

“අම්පිටියෙද....?”

“නෑ... මාවනැල්ලේ... සේපාලිකාගෙ මුල් ගම මාවනැල්ලෙ. මම ඒ ඉඩමට අල්ලපු ඉඩමේ ජීවත් වුණේ...”

“ඉතින් මෙයාට කරදර කරන්නේ මොකද....?”

“මම කරදර කරන්නේ නෑ....”

“එහෙනම් මෙයාගෙ ඇඟට රිංගුවේ මොකටද....?”

“මහත්තයා මේ සේපාලිකා, කෙල්ල කාලෙ හරිම ලස්සනයි. මෙයාලාගේ නාන ළිඳ තිබුණේ එයාලගේ ඉඩමෙ මායිමේ. මගේ ගේ තිබුණෙත් ඒ ළිඳ ළඟ. මම ජීවත්වුණේ පොල් අතු පැලක. සේපාලිකා ළිඳට ඇවිත් ඇඳුම් ලිහනකොට, නානකොට, ඇඟේ සබන්ගාන කොට මම ගේ ඇතුළේ ඉඳගෙන පොල්අතු අස්සෙන් බලා හිටියා. ඒ ඇඟ දිහා කොයිතරම් වෙලා බලාගෙන හිටියත් මදි. හරිම ලස්සනයි. මම හැමදාම බලා හිටියා.”

“එතකොට තමන්ගේ වයස කීයද...?”

“මම සේපාලිකාට වඩා අවුරුදු තිහක් වැඩිමල්”

භූතාත්මය කියන්නට විය.

“සේපාලිකා උස් මහත්වෙලා අම්පිටියට කසාද බැඳලා කැන්දගෙන යනකොට මට හරි දුකක් වේදනාවක් ඇතිවුණා. ඉතින් ඉවසගන්න බැරිව ඒ දුකෙන්ම අසනීප වෙලා මම මැරුණා. මැරෙන වෙලාවෙත් මට මතක් වුණේ සේපාලිකාගෙ ශරීරය. මම මැරුණු ගමන් සේපාලිකා හොයාගෙන ආවා. ඇවිත් එයා ළඟට වෙලා හිටියා.”

“සේපාලිකා ඔබට අයිති නෑ. ඇයි මෙයා ළඟට වෙලා ඉන්නේ...? තමන් සේපාලිකාගෙන් පළිගන්නද හදන්නේ...?”

“ඔව් සේපාලිකාගෙ මහත්තයාව මැරුවෙත් මම තමයි.”

“ඒ කොහොමද....?”

ගවේෂකවරයා පුදුමයෙන් මෙන් විමසීය.

“දවසක් පාර හරහා පනිනකොට ආපු වාහනයකට මම ඒ මිනිහව තල්ලු කළා. එදා ඉඳලා සේපාලිකා මගේ. ඊට පස්සේ සේපාලිකාව මගේ ලෝකෙට ගෙනියන්න කිහිපවතාවක්ම උත්සාහ කළා. සේපාලිකාට ජීවිතය එපා කරවලා සියදිවි හානි කරගන්න පෙළඹෙව්වා. ඒත් ඒක හරිගියේ නැහැ.”

“තමුන් සේපාලිකාට ආදරේද....?”

“ඔව්. ආදරේ නැත්තම් මෙහෙම කරනවද....?”

“අන්න ඔබට වැරදුණ තැන. හොඳට කල්පනා කරන්න. යමෙක් කෙනකුට ආදරේ නම් මේ වටිනා මනුෂ්‍ය ජීවිතය ගත කරන්න ඉඩදෙන්න ඕනෑ. පින්දහම් කරන්න සිය ආධ්‍යාත්මය දියුණු කරගන්න ඉඩදෙන්න ඕන.”

“ඔබ වයස් ගත කෙනෙක්ව ඉන්දැද්දි ඔබට වඩා වයසින් බාල තමුන්ට නොගැලපෙන ගැහැනු ළමයකුගෙ ශරීරයක් දැකලා රාගයෙන් මත්වෙලා ඒ අකුසල් සිතෙන්ම මැරිලා පේ‍්‍රතයෙක් වෙලා උපන්නා. ඔබ දැන් පේ‍්‍රතයෙක්. සේපාලිකා මනුෂ්‍ය කාන්තාවක්. මිනිස්සුන්ටයි පේ‍්‍රතයන්ටයි එකට ජීවත්වෙන්න බෑ. සේපාලිකාට ආදරේ නම් මෙයාට ජීවත්වෙන්න ඉඩදෙන්න. ඔබ මේ ශරීරයට රිංගන නිසා මෙයා ලෙඩ වෙනවා. කරුණාකර මේ ශරීරයෙන් ඉවත්වෙලා යන්න.”

“බැහැ... බැහැ.... මට යන්න බෑ. මම යන්නේ නෑ”

පේ‍්‍රතයා තදින් කියනකොටම ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කළේය. එවිට පේ‍්‍රතයා දැවෙන්නට විය.

“අනේ... එපා... එපා... පිච්චෙනවා. දැවිල්ලයි... දැවිල්ලයි... පුච්චන්න එපා... මම යන්නම්..... මම යන්නම්... කියන තැනකට යන්නම්....”

පේ‍්‍රතයා අඬන්නට විය.නිවසේ සාංඝික දානයක් දී නිකුලස්ගේ නම කියා පින් අනුමෝදන්කොට දන්දීම හා පින්දීම මෙනෙහි කරමින් තවත් දින හතක් බෝධිපූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා සේපාලිකාට උපදෙස් දුන්නේය.ඊළඟට පැමිණි දිනයේ භූතාත්මය පිනට දහමට නම්‍යශීලීව සිටියේය. පළතුරු වට්ටියක් ගෙන්වූ ගවේෂකවරයා භූතාත්මය ඊට සම්බන්ධකොට කැලණියට යැව්වේය.