පෘථිවියෙන් ටිකක්...

පෘථිවියෙන් ටිකක්...

පෘථිවිය අසිරිමත් ය. ඒ ගැන අප දන්නා දේ අල්ප ය. නොදන්නා දේ අනල්ප ය.

1. ඇන්ටාක්ටිකාව හැරුණු විට කිසිදු රටක් විසින් දැනට හිමිකම් කියා නැති එකම එක බිම් කැබැල්ලක් තිබේ. එය නම්, ඊජිප්තුව සහ සුඩානය අතර පිහිටා තිබෙන බර්තවිල් කාන්තාර බිමයි.

2. මිහිමත දළ වශයෙන් සත්ව විශේෂ මිලියන 8.7 ක් ජීවත් වෙති. එහෙත් මේ වන විට උන් දිනකට විශේෂ 200 බැගින් වඳවී යමින් සිටියි. මේ වේගය, මිහිමතින් ඩයිනසෝරයන් වඳ වී යාමෙන් පසු වාර්තා වූ වැඩිම වේගයයි.

3. පෘථිවි ගුරුත්වයෙන් මිදී අභ්‍යවකාශය වෙත පිය නැඟීමට නම් පොළොවේ සිට කිලෝමීටර 100 ක දුරක් ඉහළ යා යුතු ය.

4. දිනකට පැය 24 ක් ඇතැයි අප දළ වශයෙන් සිතුව ද එම කාලය සියවසකට මිලි තත්පර 2 බැගින් වැඩි වෙයි. මේ අනුව වසර මිලියන 200 දී පෘථිවි දවසක් පැය 25 ක් වනු ඇත.

5. බටහිර අපි‍්‍රකාවේ ‘පුපුරායන විල්’ තිබේ. ඒවායෙන් එක වරම දැවැන්ත වායු වලාකුළු නිකුත් කිරීම සිදුකරයි. 1986 වසරේ සිදුවූ මෙවැනි එක් සිදුවීමකින් 1700 දෙනෙක් මිය ගියෝය.

6. දකුණු අත්ලාන්තික් භූ කලාපයේ දී පෘථිවියේ ගුරුත්ව ක්ෂේත්‍රය වඩාත්ම දුර්වල වේ. එම ප්‍රදේ්ශයේ දී අභ්‍යවකාශ විකිරණවලට චන්ද්‍රකාලවලට පවා හානි කිරීමට පුළුවන.

7. ලෝකයේ සමුදුරු සහ මුහුදු ජලයේ දියවී තිබෙන රන් ප්‍රමාණය ටොන් මිලියන 20 කට අධික ය. එහෙත් මුහුදු ජල පරිමාවේ විසල්කම නිසා එක් කරදිය ලීටරයක තිබෙන්නේ රත්රන් ග්‍රෑම් බිලියන 13 කින් එකක් පමණි.

8. මෙයට වසර බිලියන 2 කට පෙරත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක මිහිමත තිබී ඇත. ඒවා ස්වභාවිකව පණ ගැන්වී තිබුණේ ගාබොන් හි තිබෙන යුරේනියම් තැන්පතු හේතුවෙනි. ඒවායින් නිපද වූ බලශක්තිය කුඩා ප්‍රමාණයේ ටෝස්ටර 20 ක් පමණ ක්‍රියාත්මක කරවීමට සෑහිණි.

9. වායු ප්‍රතිරෝධයක් කියා දෙයක් නොමැත්තේ නම් පොළෝ ගැබ හරහා හෑරූ ඍජු උමඟක් ඔස්සේ පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවයට මිනිත්තු 40 කින් යාමට පුළුවන. එහෙත් මිනිසා මේ දක්වා සමත් වී තිබෙන්නේ පෘථිවියේ හරි මැදට ඇති දුරෙන් 2%ක් කැණීමට පමණි.

10. පෘථිවිය වරක් තීයා නමැති අබිරහස් ග්‍රහලොවක ගැටෙන්නට ගිය බවට ජනපි‍්‍රය මතයක් තිබේ. අප සඳ යැයි කියන්නේ, එසේ බිඳී අවුත් පෘථිවි කක්ෂයේ ස්ථානගත වූ සුන්බුන් කැබැල්ලක් යැයි පවසයි.