හිතුවක්කාර කිරිල්ලී

හිතුවක්කාර කිරිල්ලී

බාලවියේ පටන් සුදේෂ් හා මා අධ්‍යාපනය හැදෑරුවේ එකම පාසැලේ එකම පංතියේ ය. මගේ ප්‍රියතම මිතුරා සුදේෂ්ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වාම අප දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ එකටය. සාමාන්‍ය පෙළ අවසන් වූවා පමණි.

සුදේෂ් තම පියාගේ ව්‍යාපාරයට හවුල් විය. වසර කිහිපයක් පියා සමඟ ව්‍යාපාරයේ නිරත වූ සුදේශ් විදේශ ගත විය. ඉන්දුනීසියාවේ වසර 2 ක් පමණ ගත කළ සුදේෂ් නැවත ලංකාවට ආවේය. පැමිණෙන මොහොතේ ඔහුගේ සිතේ බලාපොරොත්තු ගොන්නක් තිබෙන්නට ඇත.

ඉන් අනතුරුව මාස දෙකින් දෙකට නිරන්තරයෙන් ඉන්දුනීසියා යන සුදේෂ් මාසයක් පමණ එහි ගත කර ලංකාවට පැමිණෙයි. මිතුරන් සමඟ යහමින් මුදල් වියදම් කර ප්‍රිය සම්භාෂන පවත්වයි. ඔහු කරන්නා වූ රැකියාව කුමක්දැයි මිතුරන් අතර සැකැයක් මතු වූ අතර එය මා තුළ ද ඇති විය. ඔහු කිසියම් නීති විරෝධී රැකියාවක නිරත වන බව මා හට හැගුණි.

පාසැල් යන අවධියේ කා සමඟත් වැඩිය කතා බහක් නොවූ අහිංසක ළමයකු වූ සුදේෂ්ගේ ජීවිතය සිතා ගැනීමට අපහසු වනසේ වෙනස් ව තිබුණි. කොණ්ඩය මදක් දිගට වවා තිබුණේය. විටෙක කොණ්ඩය ක්‍රේල් කළේය. තවත් විටෙක කොණ්ඩය ඩයි කර ගොතා තිබුණි. මේ මා සමඟ එකම පංතියේ එකම අසුන් පේළියේ අකුරු කළ සුදේෂ් දැයි විටෙක මට හැගුණි.

මිත්‍රයෙකු මාර්ගයෙන් අසා දැනගත් තොරතුරු අනුව ඔහු සමඟ තවත් තරුණයෙකු හා වයස අවුරුදු 18 – 20 අතරේ යැයි කිවහැකි තරුණියන් දෙදෙනෙක් විය. ඉන් එක් තරුණියක් සිහින් සිරුරකින් යුත් රුවැත්තියකි.

අනෙක් තරුණිය කළු පැහැතිය. ඇය තරමක් මහතය. සුදේෂ් මා හා පවසා සිටියේ මේ තරුණියන් දෙදෙනා විදේශ ගත වීමට අදහස් කරන බවත් විදේශ ගමන් බලපත්‍රය සාදා ගැනීමේ අරමුණින් ආගමන හා විගමන කාර්යාලයට පැමිණි බවත් ය. ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා සවස 3 වන තෙක් රැඳී සිටීමට ඔවුන්ට සිදු විය. ඒ නිසා ඔවුන් මා හොයා පැමිණ තිබුණේ දිවා ආහාර රැගෙන ඒමේ අරමුණින් සුදේෂ් හා ඔහුගේ මිතුරා නික්ම ගියේය.

නිවසේ වූයේ මාගේ සහයට සිටින නිමල් සහ මෙම කතුන් දෙදෙනා පමණි. මාගේ සැකැය තහවුරු කරගනු වස් මම ඔවුන් දෙදෙනා සමඟ කතාවට වැටුණෙමි. විටෙන් විට තොරතුරු අසා දැනගන්නට ප්‍රයත්න දැරුව ද එය තරමක් අපහසු බව වැටහීමට වැඩි වේලාවක් නොගියේ ය. එම නිසා ඔවුන් කවුරුන් ද යන්න මා දන්නා බව හඟවා කතාවට මුල පිරුවේය. එවිට සිහින් සිරුරකින් යුත් රුවැති තරුණිය ඇය පමුණුව ප්‍රදේශයේ තැනැත්තියක් බව ප්‍රකාශ කළාය. මම තවදුරටත් පමුණුගම ප්‍රදේශය හා තොරතුරු හගිස්සන්නට වූවෙමි.

මා ද එම ප්‍රදේශය ආසන්නයේ බව ඇයට හැඟවූවෙමි. ඇය පිළිතුරුදීමට මදක් පැකිලෙන බව මා දුටිමි. එකවරම ඇය ඉකි බිඳිමින් හඬන්නට වූවාය. ඇය හඬමින් මා හා පැවැසුවේ ෆාදර් අපි දැනගෙන සිටියේ නැහැ, මේ ගෙදරට එනකන් අපි යන්නේ ෆාදර් කෙනෙක්ගේ ගෙදරට කියලා. ෆාදර් මට සමාවෙන්න. මම ෆාදර්ට බොරු කිව්වේ. මගේ ගම මැදවච්චිය. මගේ මහත්තයා කළේ මේසන් වැඩ.

අපිට පුංචි දුවෙක් හිටියා. දුවව අම්මා ළඟ නතර කරලා තමයි මම මේ ආවේ. මම රට ගිහිල්ලා හම්බ කරලා මගේ මහත්තයාට මුදල් එව්වා. අන්තිමේ දී මම ගෙදර එද්දී මහත්තයා හදුන්නන් බැරි තරම් විරූපි වෙලා. මහත්තයා බීමත්කමට ඇබ්බැහි වෙලා. ඇවිල්ලා මාසයක් ගියේ නැහැ මහත්තයා නැති වුණා. ඊට පස්සේ මට හිතුණා ආයෙත් විදේශ ගතවන්න.

ඒ අතරතුර මම පාස්පෝට් කන්තෝරුවට ආවා. එහිදී තමයි මම සුදේෂ් ව හදුනාගත්තේ. සුදේෂ් කිව්වා එයා ඒජන්සියක් කරනවා කියලා. ඊට පස්සේ මම සුදේෂ් එක්ක එකතු වුණා. යනුවෙන් ඇය පැවසුවේය.

මම අනෙක් තරුණිය හා කතාවට මුල පිරුවෙමි. ඇගේ නම බ්ලැකීය. ඇය උපන්නේ කළුතරය. ඇය ඒ තරමට ජනප්‍රියය. ඇය වයස අවුරුදු 16 දී හිතුවක්කාර ලෙස ගෙදරින් අමනාප වී පැමිණියේ මීගමු ප්‍රදේශයටය.

අනතුරුව ඇය රැකියාවක් සොයා ගත්තාය. ඒ කටුනායක නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇඟළුම් කම්හලකය. ඇය රැකියාවට යන එන අතර වාරයේ ඇය දෙස නෙත් යොමා සිටිමින් ඉඟි බිගි කළා වූ කඩවසම් තරුණයෙක් විය. ඔහුගේ ගෙලෙහි මැදගිල්ල සේ පළලට දමන ලද රන් දම්වැලකි. අතෙහි බ්‍රේස්ලට් එකකි. ඒ චන්දනය. චන්දන කෙසේ හෝ බ්ලැකී සිය පෙම්වතිය කර ගන්තේය.

බ්ලැකීට චන්දනගෙන් තොර ලොවක් නොවීය. ඒ ඇගේ කුළුදුල් ප්‍රේමය නිසාය. බ්ලැකී චන්දනට මුළු හදින්ම ආදරය කළාය. චන්දන සමඟ එක වහලක් යටට වී ගත කරන්නා වූ පවුල් දිවිය ගැන සිහින මැව්වාය. පෙමින් බැඳුණු දින පටන් චන්දනගේ අභිප්‍රාය වූයේ තම ලිංගික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම පමණය. බ්ලැකී මුලින් ඒ සඳහා සිය අප්‍රසාදය පළකර සිටියා ය.

දිනක් චන්දන, බ්ලැකි ඔහුගේ මිතුරකුගේ නිවසට කැඳවාගෙන ගියේය. එදින මිතුරාගේ භාර්යාව නිවසේ නොවූ බැවින් මිතුරා විසින් චන්දන සහ බ්ලැකී උදෙසා කාමරයක් සූදානම් කර දී තිබුණි.

ඇගේ සියලු වටිනාකම් එහි දී නිමාවට පත් විය. ඉන් අනතුරුව බ්ලැකී චන්දනගෙන් ඉල්ලා සිටියේ කිසිදිනක තමන් අතහැර නොයන ලෙසයි. මා ඔවුන් හා කතා බස් කළ බවක් සුදේෂ් හා නොපවසන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලීමක් කළෙමි. ඉන් පසු මා පූජකවරයට පත්වන දිනයේ මා විසින් සිහවටනයක් සේ බෙදා හරින ලද ජේසු සමිඳුන්ගේ රුව රැගත් ඡායාරූප 2 ක් දෙදෙනාට ලබා දුන්නෙමි. ඒ ඡායාරූපවල මෙසේ තිබුණි.

“තැළුනු බට දණ්ඩක් නැවත කඩා නොදමමි. නිවීගෙන යන පහනක් නැවත නිවා නොදමමි” යනුවෙන් සටහන්ව තිබුණි.


සංවේදී පාඨක අදහස්