කෝ බලන්න උඹේ මූණ පොඩ්ඩකට

කෝ බලන්න උඹේ මූණ පොඩ්ඩකට

පොඩ්ඩක් මෙහාට හරවාපන්කෝ. උඹ ආඩම්බරයි නේද? නැත්නම්, ලැජ්ජද? බයද? බයවෙන්න එපා. මං උඹට මුකුත් කරන් නෑ. මමත් උඹ වගේමයි. සිවුරක් දාගත්තාට මමත් තාම පොඩි එකෙක්නේ...


හුරතල් පැටියෙක්. ආසා හිතෙන තරම්

එයාට නම් මොනවත් තේරුමක් නැහැ. එයා වඩාගෙන ඉන්නේ එයාගේ අම්මා තමා. ඒත්, අම්මා ඉන්න තැන නම් අපි හිතන තරම් හොඳ තැනක නොවෙයි.

(මේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ළමා වාට්ටුවයි)


මාමා කෙනෙක් ඇවිත්

එකපාරටම අමුතු එළියක් අපි දිහාවට විහිදුණා. මේක අපට හරි අමුත්තක්. අපිට විතරක් නෙමෙයි අපේ අම්මලාටත්, නැන්දලාටත් එහෙම වෙන්න ඕනේ

(මේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ළමා වාට්ටුවයි)


අද මං අම්මත් එක්ක සිල් ගත්තා

අම්මා මට අලුත් ළමා සාරියකුයි, හැට්ටයකුයි

මහලා දුන්නා. සිල් ගන්නවා කියන්නේ මොකක්ද කියලා නම් මට තේරුමක් නෑ. ඒත්, හරි අමුතු අද්දැකීමක් කියලා නම් තේරුණා.


මේක අඳුනනවාද අම්මේ.

කෝ බලන්න. හානේ, මයෙ රූපෙත් තියෙනවා. හැබෑට මේ මම නේද? අපි කට්ටියමත් එක්ක.

සංවේදී පාඨක අදහස්