යසුෂි අකාෂි මහතා ජනාධිපති
හමු වූ අවස්ථාව.


ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) හමු වූ අවස්ථාව. විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතාද මෙහි සිටී.

 

ඡායාරූපය - චන්දන පෙරේරා







ශ‍්‍රී ලංකාවට විදේශ ඇඟිලි ගැසීම් එපා

ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි

ශ‍්‍රී ලංකාවේ ස්වෛරීයභාවයට හා භෞමික අඛණ්ඩතාවට හානියක් වන ආකාරයේ විදේශ ඇඟිලි ගැසීම් සිදුනොවිය යුතු යැයි ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා සඳහන් කෙළේය. ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගත් ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවා තිබෙන බව කී ඒ මහතා එම සහන වැඩපිළිවෙළ සඳහා ජපානයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද පැවැසීය.

විස්තර »

ජාත්‍යන්තර පොලීසිය
‘කේ.පී’ පස්සේ පන්නයි

ඇඩෙලා ගැනත් විමර්ශන

යුද හමුදාවට බියෙන් කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් බංකරයෙන් බංකරයට පැන ගියා සේ කොටි සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක යැයි කියාගන්නා කේ.පී. සහ ඇඩෙලා බාලසිංහම් නගරයෙන් නගරයටත් රටින් රටටත්පැන යමින් සිටින බව ජාත්‍යන්තර ඔත්තු සේවා තහවුරු කරගෙන තිබේ. කේ.පී. හෙවත් පද්මනාදන් සහ ඇඩෙලා බාලසිංහම් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය බුද්ධි අංශ සහ ඔත්තු සේවාවල සහාය ඇතිව දැවැන්ත එහෙත් සූක්ෂම මෙහෙයුමක් සිදුකරගෙන යයි.

විස්තර »

කැලණි සරසවි සිසුහු
ගම්මුන් හා ගැටෙති

කැලණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසුවේ සරසවි සිසුන් සහ ගම්වැසියන් අතර ඊයේ (11) උදේ ඇති වූ ගැටුමක් දුරදිග යාම නිසා විශ්වවිද්‍යාලය වසා දැමීමට සිදු වී ඇති බවයි.පෙරේදා (10) රාති‍්‍රයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඒ අසල කඩයක තේ බීමට ගොස් කඩහිමියා සමඟ බහින් බස් වීමක් ඇති වී තිබේ.

විස්තර »

ප‍්‍රභාකරන්ගේ මරණින් පස්සේ
රනිල්ට අතීතය මතක් වෙලා

- ඇමැති අනුර යාපා

එල්.ටී.ටී.ඊ. සංවිධානය මඟින් ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සිහි කිරීමට එල්.ටී.ටී.ඊ. නායකයන් මියයන තෙක් බලා සිටීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සිදු වූ බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ප‍්‍රකාශ කෙළේය.

විස්තර »

නියෝමාල්ගේ පක්ෂ සාමාජිකත්වය:

රනිල්ට එරෙහිව වාරණ නියෝගයක්

ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හා පක්ෂ සාමාජිකත්වය අහෝසි වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම්දීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයට එරෙහිව වාරණ නියෝග දෙකක් කොළඹ දිසා අධිකරණය ඊයේ (11) නිකුත් කෙළේය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .