කොළඹ හිල්ටන් හෝටලයේ දී පවත්වන ලද රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ හිල්ටන් හෝටලයේ දී පවත්වන ලද රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහත්වරුන්ට සුබ පැතූ අවස්ථාවයි මේ.

 

ඡායාරූපය – චන්දන පෙරේරා







ප‍්‍රභාකරන්ට ප‍්‍රතිකාර කළ දොස්තර
හා හෙදිය උසාවියට

කොටි වෛද්‍ය බළකා ප‍්‍රධානීත්
රැඳවුම් භාරයේ

මානුෂික මෙහෙයුමේ දී තුවාල ලැබූ කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන්ට වෛද්‍ය ප‍්‍රතිකාර කළ බව කියන කිලිනොච්චි රජයේ රෝහලේ වෛද්‍ය අධිකාරී, කොටි වෛද්‍ය බළකායේ නායකයා සහ හෙදියක් රහස් පොලිසිය මඟින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (12) ඉදිරිපත් කරනු ලැබූහ.

විස්තර »

ජෝර්ජ් මාස්ටර්ගෙන් අධිකරණයට
පැය තුනක පාපොච්චාරණයක්

එල්. ටී. ටී. ඊ. යේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් සමග හමුදාවට බාර වූ බෙටිටිවේලු පන්චරත්නම් හෙවත් ජෝර්ජ් මාස්ටර් එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග තිබූ ඔහුගේ සබඳකම් පිළිබඳව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා වෙත පාපොච්චාරණයක් කෙළේය.

විස්තර »

සුබසෙත 40 වසර සපුරයි

ලේක්හවුස් ආයතනය සතිපතා පළ කරන ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත වන “සුබසෙත”ට වසර 40 ක් සපිරේ. සුබසෙත පුවත් පතේ සංවත්සර උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම 23 වැනිදා අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.සුබසෙත පත‍්‍රයේ හිටපු කර්තෘවරුන් තිදෙනෙක් ලේඛක ඡ්‍යොතිෂවේදීන් හා ආයුර්වේදීන් හතළිස් දෙනෙකු මෙහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලබති.

විස්තර »

ඇනස්ලි ඩයස් අභාවප‍්‍රාප්ත වෙයි

‘ප‍්‍රවීණ විකට රංගන ශිල්පී ඇනස්ලි ඩයස් මහතා ඊයේ (12) අභාවප‍්‍රාප්ත විය. ඔහු මිය යන විට 82 වැනි වියෙහි පසුවිය. දේහය කැලණිය, දළුගම, පරණ පාරේ පිහිටි අංක 377 දරණ ස්ථානයේ පිහිටි නිවෙසේ තැන්පත් කැර ඇත. කැලණිය, දළුගම දී 1927 දී ජනවාරි 31 දින උපත ලත් ඒ මහතා, දළුගම ශාන්ත ප‍්‍රැන්සිස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

විස්තර »

උතුරෙන් පුපුරන ද්‍රව්‍ය-ආයුධ
සොයා ගැනේ

සී 4 වර්ගයේ අවි පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 185, ක්ලේමෝ බෝම්බ ඇතුළු බෝම්බ 233, ටී 56 ගිනි අවි 21 ඇතුළු අවි ආයුධ රැසක් හමුදා භට පිරිස් විසින් උතුරේ ප‍්‍රදේශ කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී ඊයේ (12) සොයා ගෙන තිබේ. මුලතිව්, කිලිනොච්චි, පුදුකුඩුඉරිප්පු ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී මේ අවි ආයුධ සොයා ගැනීමට හමුදා භට පිරිස් සමත් වී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .