ඩෙංගු උවදුර මර්දනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ....

 
ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (25) පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා අදහස් දැක් වූ අයුරු. මේ අවස්ථාවට එක්වූ සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, එම අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අතුල කහඳලියනගේ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කැෂියන් හේරත් යන මහත්වරු ද මෙහි වෙති.


ඡායාරූපය – චන්දන පෙරේරා







මුලතිව් ගස් බෙනයකින් කොටි සැටලයිට්

කොටි නායක ප‍්‍රභාකරන් භාවිතා කළ වර්ගයේ නවීන සැටලයිට් දුරකථන, මාලිමා යන්ත‍්‍ර ඇතුළු රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයක් මුලතිව් මුල්ලියාවලි කට්ටකාඩු කැලෑවේ විශාල පළු ගසක බෙනයක සඟවා තිබියදී වවුනියාව පොලිසිය මගින් පෙරේදා (24) සවස සොයාගෙන තිබේ.

විස්තර »

මාධ්‍යවේදීන්ට දඬුවම් දීමට තිබූ බලය
අහිමි කර ගැනීම මන්තී‍්‍රන්ගේම මෝඩ වැඩක්

- කථානායක

මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට කැඳවා නඩු අසා දඬුවම් ලබාදීමට තිබූ බලය අහිමිකර ගැනීම මන්තී‍්‍රවරුන්ම සිදුකර ගත් මෝඩ කි‍්‍රයාවකැයි කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) ප‍්‍රකාශ කෙළේ ය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, විධායක බලතල ජනාධිපතිවරයා සතුකර ගන්නා අතර ව්‍යවස්ථාදායකයට හිමි බලය ලබාදීම සඳහා...

විස්තර »

අලේ ප්ලාස්ටික් : ඇතුළේ හෙරොයින්

වටිනාකම එක් කෝටි 25 ලක්ෂයයි

පාකිස්ථානයේ සිට ශී‍්‍ර ලංකාවට ගෙන්වූ අල කන්ටේනරයක තිබී රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමඟ වෙළෙඳ ව්‍යාපාරිකයා රේගු නිලධාරින් විසින් ඊයේ (25) අලුයම අත්අඩංගුවට ගන්නා ලදි.

විස්තර »

මහේෂිකාගේ ඝාතකයන් සොයා රහස් පොලීසිය ඇහැලියගොඩ යයි

එල්ලාවල මහා විදුහලේ මහේෂිකා ජයසිංහ සිසුවියගේ ඝාතකයන් සෙවීමට රහස් පොලිස් කණ්ඩායමක් ඇහැලියගොඩ ප‍්‍රදේශයට යවා තිබේ. ඇහැලියගොඩ පොලීසියෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අමතරව රහස් පොලීසිය ද පරීක්ෂණ සිදු කරයි. පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත....

විස්තර »

විනිමය වරදක් සිදුකළැයි රවි කරුණානායකට නඩු

විදේශ සමාගමකින් මෙරටට එවන ලද අමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ කිරුලපන ශාඛාවේ තැන්පත් කැර විනිමය පාලන ආඥා පනතේ සඳහන් වරදක් සිදු කිරීමට සීමාසහිත නෙක්සියා කෝපරේට් කන්සල්ටන්ස් (පුද්ගලික) සමාගමට...

විස්තර »

පිත්තල හන්දිය බෝම්බ සිද්ධියේ

ප‍්‍රබල කොටි සාමාජිකයෙක්
2දා තෙක් රිමාන්ඩ්

මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් කොල්ලුපිටිය පිත්තල හන්දියේ මාන බලමින් සිටි කොටි ත‍්‍රස්තවාදියාට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන රථ පෙළ පිළිබඳ දුරකථන ඇමැතුමක් මගින් තොරතුරු සැපයූ තවත් ප‍්‍රබල එල්.ටී.ටී.ඊ. සංවිධානයේ  සාමාජිකයකු ලබන 02 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඊයේ (25) නියෝග කළේය.

විස්තර »

ජනමාධ්‍ය ඇමැති කීවේ මෙසේයි

පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම් පාර්ලිමේන්තුවේ සම්මත කොට ඒ පිළිබඳව ජනමත විචාරණයකින් පසුව බව ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. මහින්ද චින්තනයේ සඳහන් පරිදි ඒ පිළිබඳ කටයුතු කරන බවද ඇමැතිවරයා ප‍්‍රකාශ කරයි. ජනමාධ්‍ය ඇමැතිවරයා ඒ බව ප‍්‍රකාශ කෙළේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දීය. දහතුන් වැනි සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කරන බවට ඊයේ පළවූයේ ප‍්‍රමාද දෝෂයකිනි.



වෙළඳ දැන්වීම් . . . .