අයිස්ලන්තයේ ගිනි විසිරේ

[2014-08-21 ප.ව 02.30]

අයිස්ලන්තයේ ගිනි කඳු විධාරණය වීමේ අවදානමක් පවතින බව වාර්තාවේ.පසුගිය සෙනසුරාදා සිට කිහිපවරකදී එරට භූ චලන හටගත්තේය.

විස්තර»


 

අගනුවර නොදියුණු මාර්ග සංවර්ධනය ඇරඹේ

[2014-08-21 ප.ව 02.30]

කොළඹ නගරයේ නොදියුණු ප්‍රදේශවල මාර්ග සංවර්ධනය හා නඩත්තු කටයුතු ආරම්භ කෙරේ. මේ සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් දස ලක්ෂ 1761කි.

විස්තර»


ඉන්දියාව සබ්මැරීනයකින් ලෝකයේ හයවන තැනට

[2014-08-21 ප.ව 01.30]

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීනයක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මේ වන විට නිපදවන බව වාර්තාවේ. එහි බර ටොන් 6000 කි. INS අරිහාන්ක් යනුවෙන් එය නම් කොට ඇත.

විස්තර»


පතනට නව දුම්රිය උමං මාර්ගයක්

[2014-08-21 ප.ව 01.30]

හැටන් කොටගල පතන  ප්‍රදේශයේ නව දුම්රිය උමං මාර්ගයක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.මෙය හැටන්, නුවර එළිය ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සමගාමීව සිදුවේ.

විස්තර»


උතුරුමැද වකුගඩු රෝගීන්ට ගමන් බලපත්‍ර

[2014-08-21 පෙ.ව 11.30]

වකුගඩු රෝගීන් මුහුණ පා ඇති ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් සහනයක් සැලසීම සඳහා ගමන් බලපත්‍ර ලබා දීමට උතුරුමැද පළාත් සභාව තීරණය කර තිබේ.

විස්තර»


ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පුහුණු වැඩමුළුවක්

[2014-08-21 පෙ.ව 11.30]

“දිස්ත්‍රික් සංවර්ධනයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ කාර්යභාරය“ යන්න තේමාව කර ගත් සම්මන්ත්‍රණයක් අගෝස්තු 25 වැනිදා පෙ.ව. 9.00 සිට රත්නපුර ලෙල්ලොපිටිය “සිල්වර්-“ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

විස්තර»


කොදෙව්වන් අණසක පතුරුවයි

ඉම්රාන් ඛාන් රජය සමඟ . . .

පූටිං මැක්ඩොනල්ට අත පොවයි.

රජය නිරතුරුවම කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළා

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 අගෝස්තු 19 වැනිදා, කොළඹදී

මුද්‍රිත කලාපය

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

* ජනපති මහින්ද දෙමළ ජනතාවට හිතවත්

* උතුරේ මහ ඇමැතිට ජනපති කළ
  ඇරියුම වැදගත්

මහින්ද රාජපක්ෂ කොටි නැති නොකළා නම් එය ඉන්දියාවටත් තර්ජනයක්

* ඇතැම් දේශපාලකයන් ජාතිවාදී විෂබීජ පැතිරවීමට ගන්නා වෑයම ඉන්දියාව දන්නවා

ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම්
ස්වාමි කියයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාවට හිතවත්. ඔවුනට උදව් කරනවා.ජනපති මහින්ද කොටි ත්‍රස්තවාදය අවසන් නොකළා නම් එය ඉන්දියාවටත් තර්ජනයක්. නව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පත්වී දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමට එතුමා ඉන්දියාවට යන අවස්ථාවේ එතුමා විසින්ම උතුරේ මහ ඇමැතිවරයාටද එතුමා සමඟ ඊට සහභාගි වීමට ආරාධනා කිරීම වැදගත් සිද්ධියක්.

විස්තර»

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කරනවා

ජනාධිපති මහින්ද රාජපක්ෂ

යුද ගැටුම්වලින් පසුව ශ්‍රී ලංකාව සංහිඳියාව සහ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ජපානයේ ‍ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන සහ සංචාරක නියෝජ්‍ය ඇමැති මනාබු සකායි මහතා අරලියගහ මන්දිරයේ දී පෙරේදා (19) හමු වූ අවස්ථාවේ දීය. පශ්චාත් යුද සමයේ සිදු වන සංවර්ධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී නියෝජ්‍ය ඇමැතිවරයා දැනුවත් කළේය.

විස්තර»

සාගර විශ්වවිද්‍යාල පනතට වැඩි ඡන්ද 23යි: එජාපය රජය සමඟ

සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා රජය සමඟ එජාපය ඡන්දය භාවිත කෙළේය. පනත් කෙටුම්පත තෙවන වර කියැවීමේ අවස්ථාවේදී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් කුමාර මහතා බෙදීමක් ඉල්ලා සිටියේය.මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කිරීමෙන් පසු ඡන්දය විමසීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර විරුද්ධ වූයේ අජිත් කුමාර මහතා පමණි.

විස්තර»

චීන‍ බැංකුවලින් ණය ගත්තේ
2%ක ‍පොලී අනුපාතයකට

නි‍යෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම

ගතවූ වසර තුනක කාලයක සිට රජය චීන‍යේ බැංකුවලින් ණය ලබා ‍ගෙන ඇත්තේ සියයට 2ක ‍පොලී අනුපාතයකට බව මුදල් නි‍යෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (20) ප්‍රකාශ ක‍ළේය.සියයට 90ට වැඩි ණය ප්‍රමාණයක් චීන‍යේ එක්සිම් බැංකු‍වෙන් රජය ලබා ‍ගෙන ඇත්තේ ලැ‍බෙන ‍කොමිස් මුදල නිසායැයි එජාපය කරන ‍‍චෝදනාව තර‍යේ ප්‍රතික්‍ෂේප කළ ආචාර්ය සරත් අමුණුගම මහතා රජය එක්සිම් බැංකුවට අමතරව චීන‍යේ තවත් බැංකු කිහිපයකින් ණය ලබා ‍ගෙන ඇති බව කීය.

විස්තර»

සරසවිවලට ‍වෙන් කරන මුදල්
කප්පාදු කර නැහැ

-උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක

මෙරට විශ්වවිද්‍යාලවලට ‍වෙන් කරන මුදල් කිසිදු කප්පාදුවකට පත් කර නැති බවත් ‍වෙන් කරන මුදල වැඩි වූවත් ර‍ටේ දළ ‍දේශීය නිෂ්පාදනය ඉහළ යාම නිසා ‍වෙන් කරන මුද‍ලේ අනුපාතය අඩු වී ඇති බවත් උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (20) ප්‍රකාශ ක‍ළේය.වසර 2012 දී ‍කොළඹ විශ්වවිද්‍යාලය සඳහා පමණක් රුපියල් බිලියන 1.3ක් ‍වෙන් කළ බවත් එම මුද‍ල එහි සියලුම අවශ්‍යතාවන් සම්පූර්ණ කරලීමට ප්‍රමාණවත් බව ද කී දිසානායක මහතා මහ‍පොළ ශිෂ්‍යාධාර මුදල වැඩිකිරීම සඳහා අවශ්‍ය කටයුතු කර‍ගෙන යන බව ද කීය.

විස්තර»

ජාත්‍යන්තර නෞකා 38කට මාගම්පුර වරායෙන් ඉන්ධන

විපක්ෂයේ සියලු චෝදනා පුස්සක් බවට පත් කරමින් දෙමසක් ඇතුළත ජාත්‍යන්තර නෞකා 38ක් රුහුණු මාගම්පුර වරායට පැමිණ ඉන්ධන ලබා ගැනීමෙන් නව වාර්තාවක් පිහිටුවා ඇතැයි වරාය සහ නාවික ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

විස්තර»

 

වකුගඩු රෝගීන්ගේ දීමනාව රු.3000 දක්වා වැඩි කෙරේ

මේ මස සිට රජය මගින් වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන රුපියල් දහසක (1000) දීමනාව රුපියල් තුන් දහස (3000) දක්වා වැඩි කෙරේ.දිවි නැඟුම ව්‍යාපෘතිය යටතේ පිරිසිදු පානීය ජලය රැස් කර ගැනීම සඳහා ලබා දෙන ජල බඳුන් ප්‍රදානය කිරීමේ . . . .

විස්තර»

 

ශ්‍රී ලාංකික දරුවන් ඇතුළු සිය ගණනක් ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරුවලින් නිදහස්

මැදපෙරදිග රටවල දී අගතියට පත් ශ්‍රී ලාංකිකයන්ට ලක්ෂ 138ක වන්දි

ජාතික ‍වනෝද්‍යාන මුද්දර 6ක් නිලාවේලියේ දී නිකුත් කෙරේ

නීති විරෝධීව මැලේසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීමට තව කල් දෙයි

තලෙයිමන්නාරමට පනිද්දී ශ්‍රී ලාංකික 2ක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී සංවර්ධන සම්මන්ත්‍රණය 25 වැනිදා රත්නපුරයේදී

සරණාගත කඳවුරුවලට පහසුකම් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් මදුරාසි මහාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ඉරිදා පෙරවරුවේ සහ පෝය දිනවල ටියුෂන් තහනමට අදාළ නීති කඩිනමින්

බස්නාහිර පළාතේ ධාවනයට නුසුදුසු මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ හඳුනාගැනීමේ පරීක්ෂණ 25-26-27 දිනවල

ලක්ෂ 50කට අධික විශ්‍රාම වැටුප් වංචා කළැයි දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු රිමාන්ඩ්

රූපලාවණ්‍ය ආයතනවල භාවිත කරන එන්නත් කටු මඟින් ඒඩ්ස්-සෙංගමාලය වැනි රෝගයන් බෝ වීමේ අවදානමක්

ලිය අබිමන් කැකුළු සිනා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන ආරම්භ වෙයි

සෞඛ්‍ය වෘත්තීය ගැටලු වහාම විසඳන්න:

ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්


සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ගැටලු වහාම විසැඳීමට සෞඛ්‍ය ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සාමාජිකයන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී ඊයේ (20) සවස පැවැති අතර එහිදී ජනාධිපතිවරයා අදහස් පළකළ අයුරු. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පි. බී. අබේකෝන් මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙහි වෙති. ඡායාරූපය - චන්දන පෙරේරා

විස්තර»

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිට කන්දෙන්න!

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ පෞද්ගලික ආයතන අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

එක් යුගයක අධ්‍යාපන ඇමැති පසුව අගමැති
පක්ෂයෙ නායක විපක්ෂනායක පදවිය ඇති
ජන සම්මතවාදය ගැන මැති සබයෙහි දැනුමැති
ගරු මැතිඳුනි කළ මෙහෙවර පවසනු මැන යහපති

--------------- නිලමේ