අ.පො.ස. සා.පෙළ විභාගය හෙට සිට

විභාගය ලබන 18 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පෙනී සිටින මුළු අපේකෂකයින් සංඛ්‍යාව 577220ක් වේ. පාසල් අයදුම්කරුවන් 370739ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 206481ක් ද විභාගය සඳහා පෙනී සිටින අතර නයිනතිව්,ඩෙල්ෆ්,අනලතිව් දූපත්ඇතුලුව මධ්‍යස්ථාන 4279ක විභාගය පැවැත්වීමට සියලු කටයතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

විස්තර»


සා.පෙළ විභාග දිනවල මධ්‍යස්ථාන අසළ රැස්වීම්-ප්‍රචාරක වැඩ එපා

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන 09 දින සිට 08 වෙනිදා දක්වා  විභාග මධ්‍යස්ථාන ආසන්නයේ හෝ විභාගයට බාධාවන ලෙස කිසිදු දේශපාලන හෝ වෙනයම් ප්‍රචාරාත්මක හා ප්‍රසංග කටයුතු සිදු‍ නොකරන ලෙසත් ඒ සඳහා කිසිදු අවසර දීමක් පොලිසිය විසින් ලබානොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

විස්තර»


ජනපති රකින්නේ ඒකීය රටක්

රනිල් කියන්නේ එක්සත් රාජ්‍යයක්

චන්ද්‍රිකා කියන්නේ පෙඩරල් රාජ්‍යයක්

සිරිසේනගේ රාජ්‍යය මොකක්ද?

 ඇමැති විමල් ප්‍රශ්න කරයි

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද වන විට පාරේ යන අය සමඟත් ගිවිසුම් ගහන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා එක්ව මේ හදන්නේ මූණ ජපන්, කඳ ජර්මන්, කකුල ඉතාලි ව්‍යවස්ථාවක් දින 100 න් තුළ නිර්මාණය කිරීමට බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

විස්තර»


රජය අධ්‍යාපනයේ දියුණුවට උර දෙනවා. රටේ සංවර්ධනයට දායකවීමෙන් දරුවන් කෘතගුණ දැක්විය යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014-12-03-ඇඹිලිපිටියේ දී

මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

මා සමඟ ඇති වෛරය ජනතාවගෙන් ගන්න යන්න එපා

- සිරිසේනට-චන්ද්‍රිකාට-රනිල්ට ජනපති කියයි

 කොටි හිතවාදීන් බලා සිටින්නේ රට යළි යුද්ධයකට ගෙන යන්නයි

 ඒක රටට ජනතාවට කරන මහා අපරාධයක්

යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා රැගෙන ගිය මහින්ද රාජපක්ෂ සමඟ තිබෙන වෛරය ජනතාව ලවා පිරිමසා ගැනීමට ඇතැම් පිරිස් මඟ බලා සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. රටේ සංවර්ධනය ආපස්සට ගෙන යාමට මොවුන් උත්සාහ කරන අතර මේ රට නැවත යුද්ධයකට ගෙන යාමට එල්. ටී. ටී. ඊ හිතවාදීන් බලා සිටින බව පැවසූ ජනාධිපතිතුමා අප සියලු දෙනාගේ වගකීම වන්නේ එම උත්සාහයන් පරාජය කිරීම බවත් අවධාරණය කළේය.

විස්තර»

ජනපති මහින්දගේ විජයග්‍රහණයට කැප වෙනවා

- ජාතික කොංග්‍රසය

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ජාතික කොංග්‍රසය පවසයි. එහි නායක පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී පෙරේදා (6) හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළහ.

විස්තර»

ජනපති අද නාම යෝජනා භාර දෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණය සඳහා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාර දෙයි. අද උදෑසන 9.00 සිට 11. 00 දක්වා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර උදෑසන 9. 00 සිට 11. 30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීමට නියමිතය.

විස්තර»

ගැමුණුගේ මාධ්‍ය සංදර්ශනය පුස්සක් වෙයි

- ජනපති හමුවට බස් කර්මාන්ත නියුක්තිකයන් විශාල පිරිසක්

ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගේ මාධ්‍ය සන්දර්ශන පුස්සක් කරමින් පෞද්ගලික බස් කර්මාන්තයේ යෙදෙන පිරිස සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ දී පෙරේදා (06) උදෑසන අති සාර්ථක අයුරින් පැවැත්විණි.

විස්තර»

ජයග්‍රහණය තහවුරු කිරීමට ජනපති එක්වන ප්‍රධාන රැලි 27ක් ජන හමු 200ක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මඟින් ප්‍රධාන ජන රැලි 27ක් ද ජන හමු 200ක් ද සන්ධාන නායකයින් සහභාගී වන ප්‍රධාන රැස්වීම් 160ක් ද ග්‍රාමීය ජන හමු 14200ක් හා ඡන්ද පොළ කේන්ද්‍ර කරගෙන පවත්වන රැස්වීම් 12002ක් පවත්වනු ලබන බව ශ්‍රීලනිප භාණ්ඩාගාරික යෞවන කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

විස්තර»

ජනාධිපතිවරණයට පිළිගත් පක්ෂ 16ක් ස්වාධීන 2ක් ඇප මුදල් තැන්පත් කරති

ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන ‍අපේක්ෂකයන් දෙදෙනකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ජනවාරි 8 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මෙවර ඡන්ද දායකයින් එක්කෝටී පනස් ලක්ෂයක් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයිද ඔවුන් මධ්‍යස්ථාන දොළොස්දාහකදී සිය ඡන්දය භාවිතා කිරීමට නියමිත යැයිද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

විස්තර»

ජනපති උපදෙසින් ගෑස් මිල රු.250කින් බසී

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පෙරේදා (06) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් පහත හෙළන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

විස්තර»

චන්ද්‍රිකා ජනපති සමයේ සිදුවූ

දිඹුලාගල හිමි ඝාතනය අබිරහසක්

 වත්මන් ආරණ්‍ය සේනාසනාධිපති හිමියෝ පවසති

- ආරක්ෂාවට යොදවා තිබූ හමුදා අනුඛණ්ඩය ඉවත් කරලා

- එවක ආණ්ඩුවේම පළාතේ ප්‍රබලයෙක් ඝාතනය ගැන දැන සිටියාද?

- ඝාතනය ගැන අසා දුක්වූ කොටි ත්‍රස්තයන් හඬා වැලපුණා

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර, කිතලගම ශ්‍රී සීලාලංකාර හිමියන් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය නොකළ බවත්, වෙනත් පිරිසක් විසින් කොටි පිට වරද පටවන්න කළ ඝාතනයක් බව පසුව දැනගන්නට ලැබුණා යැයි වත්මන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර හිමියෝ පැවසූහ.

විස්තර»

තමා පරාජය කිරීමට ඇතැමුන් උත්සාහ කරන්නේ ජනාධිපති ධූරයේ සිටින තුරු යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ නොහැකි නිසයි

මෛත්‍රීපාල බිලි බෝයි කෙනකු වීම ගැන කනගාටු වෙනවා

දිඹුලාගල හිමි ඝාතනය අබිරහසක්

සිරිසේනගේ රාජ්‍යය මොකක්ද?

මහාචාර්ය තිස්සට අවසන් ගෞරව දක්වන්න ඇවිත් රනිල් ඡන්ද ප්‍රචාරයේ

ජනපති මහින්දගේ ජය වෙනුවෙන් පෙළ ගැසෙනවා

ලංකා කම්කරු කොංග්‍රසය ජනපතිට සුබ පතයි

ජනපති මහින්ද වැඩි ඡන්ද විසිලක්ෂයකින් මෙවර ජනපතිවරණය ජය ගන්නවා

අමිල මෙහෙවරක් කර ඇති මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ අඩුව පුරවන්න කිසිවකුට නොහැක

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පෙර පාසල් ගුරුවරුන් අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන සුවිශේෂි සේවාව අගයමින් එතුමා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය. ආචාර්ය බඳගිරියේ සෝමවංශ හිමියන් ද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර නියෝජ්‍ය අැමැති ඉන්දික බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජනතාව වෙනුවෙන් තවත් සහන!

තමන් පරදින බව ‍නොදන්නේ සිරිසේන විතරයි

ශ්‍ර‍ී.ල.නි.ප. මහරුක කපන පොරොව අරන් ඉන්නේ චන්ද්‍රිකා

ඒකීය රාජ්‍යය ද? යළි ඊළම ද?

සුගතිය

බෞද්ධ කලාව ඔප කළ සේද මාවත

කන්තලේ සීනි යෝධයා

බම්බුව තමයි!

සංගා-මැතිව්ස්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් සිවුවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

යුද හමුදාවට දැවැන්ත ජයක්

හැව්ලොක්ස් 26-17කින් යුද හමුදාව පරදවයි

යුද්ධය නිම කළ ජනපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලාංකීය සියලු ජනතාව සදා ණය ගැතියි

රට වෙනුවෙන් කටයුතු කළ නායකත්වයට තව අවස්ථාවක් දිය යුතුයි

වාද බේද අතහැර ජනපති දිනවන්නටයි සැවොම එක්ව පුද පූජා....

කුරුණෑගල සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට 73935ක් දෙනකු බදවාගෙන.

ස්නායු රෝගයෙන් පෙළෙන උපුල‍ෙගේ පවුලට ආධාර කළොත් ඔබට බොහොම පින්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඵලදායිතා තරගයෙන් ජය

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

ඉස්සර හත් දෙනකු එකඟත්වයක් මත
කැඳ හැදුවාලු අඬින් හත් දෙනෙක් වෙත‍
අද පොදු විපක්ෂයේ ඇති හත් වරක් හත
අට වැනි දාට හැඳිගාගත් කැඳක් නැත

--------------- නිලමේ