ස්වර්ණවාහිනී ‘මුල් පිටුව’ වැඩසටහනින් බන්දුල පද්මකුමාර ඉවත් කිරීමට රජය කිසිදු සම්බන්ධයක් නැහැ

ස්වර්ණවාහිනී ‘මුල් පිටුව’ වැඩසටහනින් බන්දුල පද්මකුමාර ඉවත් කිරීමට රජය කිසිදු සම්බන්ධයක් නැහැ

ස්වර්ණවාහිනී ආයතනය උදෑසන පුවත්පත් කියවීමේ වැඩසටහනක් ලෙස මෙතෙක් පවත්වා ගෙන ආ මුල් පිටුව නැමැති වැඩසටහන ඉදිරිපත් කළ බන්දුල පද්මකුමාර මහතා එයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ආයතන ඔස්සේ ඉදිරිපත් කෙරෙන අදහස් පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

‍ඉහළින් පැමිණි නියෝගයක් මත එය සිදුවූවක් බවත් එසේම එය රජය රජය මඟින් සිදුවූවක් යැයි වක්‍රව හැඟෙන ආකාරයටත් ජනමාධ්‍ය වැඩසටහන්වල අදහස් පළ වෙමින් තිබේ. ස්වර්ණවාහිනී ආයතනය විසින් කරන ලද මේ වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු සම්බන්ධයක් නැත.

එය හුදෙක්ම එම ආයතනය විසින් ගත් තීන්දුවක් බව අපගේ විශ්වාසයයි. එසේම ජනමාධ්‍යවල වැඩසටහන් තීන්දු කිරීමෙහිලා මාධ්‍ය ආයතනයක් වෙත කිසිදු බලපෑමක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය වන අතර ජනමාධ්‍ය නිදහස උපරිම අයුරින් තහවුරු කිරීම ද රජයේ ප්‍රතිපත්තිය වේ.

මේ ප්‍රතිපත්තිය පෞද්ගලික මාධ්‍යවලට මෙන්ම රාජ්‍ය මාධ්‍ය වලටද එකසේ අදාළ වන බව ගරු ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කර ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා