පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් ඉහළ කොත්මලේ ජලාශයට පනී

බාබුල් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන තරුණයකු අත්අඩංගුවට ගෙන තලවාකැලේ පොලිසිය වෙත රැගෙන යමින් සිටියදී සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඉහළ කොත්මලේ ජලාශයට පැන ඇත.

විස්තර»


ශ්‍රීලනිප ප්‍රධාන තනතුරුවල වෙනසක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විධායක කාරක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීම්වලදී ශ්‍රීලනිප ප්‍රධාන තනතුරුවල සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය. ඒ අනුව ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක යන මහත්වරුන්ට පක්ෂයේ ප්‍රධාන තනතුරු හිමිවන අතර විවිධ චෝදනාවලට ලක්ව ඇති සංවිධායකවරුන් කීපදෙනෙකුට තම සංවිධායක තනතුරු අහිමි වෙයි.

විස්තර»


ජෙනරාල් ෆොන්සේකාට අහිමි වූ

මන්ත්‍රී ධුරය යළි ලබාදීමට කරුණු සලකා බලනවා

- මැ.කො.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම ප්‍රජා අයිතිය අහිමිවීමට පෙර ඔහු විසින් දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි දැරිය හැකිද යන්න පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නීති අංශය කරුණු සළකා බලමින් සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ‘දිනමිණ’ට පැවැසීය.

විස්තර»


ගොකරැල්ලේ මාරක රිය අනතුර
බස්-ටිපර් රථ ගැටී හතරක් මරුට

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල දොළොස්දාහ ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ‍ගිය බව පොලිසිය පවසයි. පසුගිය 30 දින මෙසේ අනතුරට ලක්වී ඇත්තේ කොළඹ සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් හා පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික මගී ප්‍රවාහන බසයකි. සිද්ධියෙන් වාහන දෙක පොඩිපට්ටම් වී තිබේ.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

අප්‍රේල් 23දා සිට නව ගමනක්

- අගමැති මහනුවරදී කියයි

එළඹෙන ජුලි මාසයේ අපේ ජයග්‍රහණය නැවතත් තහවුරු කිරීම සඳහා වැඩ කටයුතු කිරීමට තිබෙන බව කිව යුතුයි. අප්‍රේල් මාසයේ 23 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින නිසා අපේ ජයග්‍රහණය නැවත තහවුරු කරමින් අපි නව ගමනක් අරඹනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ අලුත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (31) මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේ පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවේදී පැවසීය.

විස්තර»

අතිගරු-උතුමානණි-ආර්යාව ආමන්ත්‍රණ එපා

- ජනපති ‘මෛත්‍රී පිළිසඳර’ හමුවේදී කියයි

මෙතෙක් කාලයක් ජනාධිපතිවරුන් ඇමතීම‍ට යොදා ගත් අතිගරු ,උතුමාණන් ,යන නාමයනුත් ජනාධිපති බිරිය ඇමතීම සඳහා යොදා ගත් ආර්යාව යන නාමයත් තමා සහ තම බිරිය සම්බන්ධයෙන් කෙරෙන සඳහන් කිරීමට යොදා නොගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (31)රාත්‍රි ජාතික සහ ස්වාධීන රූපවාහිනී ඔස්සේ විකාශනය වූ "මෛත්‍රී පිළිසඳර" සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළේය.

විස්තර»

පෞද්ගලික පරිහරණයට ඇනවුම් කළ

හිටපු ජනපතිගේ සුපිරි ගුවන් යානයට තහංචි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් වැය කර තමන්ගේ පෞද්ගලික ගුවන් ගමන් සඳහා මිලදී ගැනීමට සූදානම් කර තිබූ අති සුඛෝපභෝගි ගුවන් යානය මිලදී ගැනීම වහාම නතර කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම ගුවන් යානය තුළ තමන්ගේ පුද්ගලික පාව්ච්චියට අදාළ සියලුම පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කර ගැනීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක යෙදෙන රජයේ විමර්ශන අංශය සොයා ගෙන ඇත.

විස්තර»

ලංවිම වැටුප් වැඩි කිරීමට කිසිදු පියවරක් ගෙන නැහැ

- විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශය පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් බව පෙන්වා දෙන ඇමැතිවරයා එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බව කීවේය.

විස්තර»

මෙරට කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය කරන්නේ නැහැ

මෙරට කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මල්වතු අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවැසූහ. එජාප රජයන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන බවට ව්‍යාජ මත ජනතාව තුළ ගොඩනඟන්නට පසුගිය රජය ක්‍රියා කළ බවත් එය මුළුමනින් අසත්‍යයක් බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන බවත් ඒ මහතා කීය.

විස්තර»

හිටපු ජනපති වියදම කෝටි 9593යි මෛත්‍රී ජනපති කෝටි 256යි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසර සඳහා පසුගිය නොවැම්බර් මස ඉදිරිපත් කරන ලද අය වැයෙන් රුපියල් කෝටි 9593ක් තමන් සඳහා වෙන්කරගෙන තිබුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුරු අය වැය මගින් වෙන් කරගෙන ඇත්තේ රුපියල් කෝටි 256ක් පමණක් බැවින් එය ජනතා ප්‍රසාදයට ලක්වී තිබේ.

විස්තර»

ගුණරත්නම්ට යන්න කියන්නේ වීසා අවසන් නිසයි

- ආගමන විගමන දෙපාර්තමේන්තුව

ශ්‍රි ලංකාවට පැමිණ රැඳී සිටීම සඳහා ඉල්ලුම් කළ වීසා කාල සීමාව ජනවාරි 30 වෙනිදා ඉක්ම යන බැවින් පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාට වහාම රටින් පිටවන ලෙස දැනුම් දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධක්ෂ ජෙනරාල් නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. කුමාර් ගුණරත්න මහතා ඕස්ට්‍රේලියනු රජයේ පුරවැසිභාවය හිමි අයෙකු බව කී රණසිංහ මහතා එහෙයින් වීසා කාලසීමාව ඉක්ම යෑමත් සමඟ ආගමන විගමන නීති යටතේ ගුණරත්න මහතා ස්ථිරවම රටින් පිට විය යුතු බව අවධාරණය කළේය.

විස්තර»

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙරටට

පීඩාවට පත් ශ්‍රීලනිප පාක්ෂිකයන්ට සහන දෙන්න

පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා ශ්‍රී ලංකාවට

බේකරි නිෂ්පාදන මිල වහාම අඩුවිය යුතුයි

ජනාධිපති අමරදේවයන්ගේ කලා මෙහෙවර අගයයි

කටාර් හි රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාව මරුට

විදේශ රටවලින් ගෙනා ඇඟළුම් හොර පාරෙන් වෙළෙඳ පොළට

දින සියයට නිවාස ලක්ෂයක්

එන්ජිම පණ ගන්වන ගල් අඟුරු මිටිය

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ පළමු සජීවී රූපවාහිනී පිළිසඳර...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිරිවෙහෙර රාජ මහ විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද නාහිමියන් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූලක් ගැට ගසා ආශිර්වාද කළ අයුරු.

ඡායාරූප කතරගම විශේෂ ඊ. එච්. සෝමපාල

යහ පාලනයේ මැදට වැටෙන බැරියර්

ආණ්ඩු හොඳනම් තොරතුරු හංගන්නෙ නැහැ

තැලසීමියා මැඩ පිබිදුණු මල් කැකුළ

අලුත් යුගයකට යන සංක්‍රාන්ති අය-වැයක්

අළුත්කඩේට අලුත් දවස් නව අගවිනිසුරු කේ.ශ්‍රී පවන්

නිවන් මඟ වෙත: කුසල් - අකුසල්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස්-දූෂණ කොමිසමට අද පැමිණිල්ලක්

තුන්කොන් ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාවට

හම්බන්තොට ෂාක්ස් සහ සී.එච්. පිල ඉවත් වෙති

කුරුණෑගල පරාජය කළ මහනුවර ක්‍රීඩිකාවෝ ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාව රැගෙන යති

පාපන්දු විධායක සභාව උණුසුම් නිලවරණය කල් යයි

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් ඉහළ කොත්මලේ ජලාශයට පනී

මස් වැද්දන්ගේ උගුලට හසු වූ අඳුන් දිවියා දිවි පුදයි

ලක්ෂ 35ක් වටිනා අභ්‍යාස පොත් මැතිවරණ සමයේ බෙදාදීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න

අතවරයට ලක්ව ගැබ්ගත් දැරිය වෙනුවෙන් ගබ්සාවක් ඉල්ලා, වෛද්‍යවරු උසාවි යති

අධිවේගී වැඩබිමේ රියදුරු කපා කොටා මරා දමලා

කවි මඩුව

අලි පැටවුනුත් හංගන විට වෙන දේවල්
‍රැකගත හැකිද යොදලා වට මුරකාවල්
මොනවා කළත් පොලීසිය සහ හමුදාවල්
සිදු විය යුතු හරිය සිදු විය රෑ දාවල්

--------------- නිලමේ

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක