මහා පරිමාණ දූෂණ සෙවීමට විශේෂ විනිශ්චය සභා

පසුගිය රජය සමයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ වංචා අක්‍රමිකතා සොයා බැලීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට අමතරව විශේෂ විනිශ්චය සභා පත් කිරීමටත් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීමටත් රජය තීරණය කර තිබේ.

විස්තර»


සිසිර සේනාරත්න අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායන ශිල් පී සිසිර සේනාරත්න මහතා ඊයේ (4) දහවල් කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යනවිට හෙතෙම හැත්තෑ නවවැනි වියෙහි පසුවිය.  කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වූ සිසිර සේනාරත්න චිත්‍රපට පසුබිම් ගීත ගායනයට පිවිසෙනුයේ ඉතාම ළාබාල අවධියේදීය.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

උතුරේ-දකුණේ සිත් යා කොට උදාර දේශයක් ගොඩනඟනවා

 67 වැනි ජාතික දින උළෙලේ දී ජනාධිපති කියයි‍

උතුරේ සහ දකුණේ ජනතාවගේ සිත් එක් කර ජාතික සම්මුතියක් මඟින් ජාතික සංහිඳියාව සහ සහජීවනය ඇති කරමින් උදාර වූ මාතෘ භූමිය මානවවාදී දේශයක් ලෙස ඉදිරියට ගෙන යාමට කැප වන බව ජනාධිපති ‍ෙමෙත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) පැවසීය. 67 වන නිදහස් සමරුව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව අභියස ඊයේ පැවැති නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 

විස්තර»

වසර ගණනාවකට පසු දමිළ නායකයෝත් නිදහස් උළෙලේ

ඒකීය රටක සහජීවනය සහ සංහිඳියාවට නව අරුතක් එක්කරමින් දෙමළ ජාතික සන්ධානය ප්‍රථමවරට ඊයේ (4) හැට හත්වන ජාතික නිදහස් උළෙලට එක්විය.දෙමළ ජාතික සන්ධානය බිහිවීමෙන් පසු ප්‍රථම වතාවට මෙරට ජාතික නිදහස් උළෙලට එහි නායකයා වශයෙන් ආර්. සම්බන්ධන් මහතා සහභාගි වීම විශේෂත්වයකි.වසර පහක් තිස්සේ නිදහස් උළෙල වර්ජනය කරමින් සිටි ද්‍රවිඩ එක්සත් පෙරමුණ ද ඊයේ පැවති 67වැනි නිදහස් උළෙලට සහභාගි විය.

විස්තර»

එකම පවුලේ 4ක් බටුවත්තේ දී
රජරට රැජිනට බිලි

රාගම, බටුවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ කැබ් රථයක් ඊයේ (4) දහවල් 2.15ට පමණ රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් කැබ්රථයේ ගමන් කළ එකම පවුලේ සිව්දෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

 

විස්තර»

පසුගිය කාලේ එතෙර තැන්පත් කළ

අමෙරිකා ඩොලර් මිලියන 5000 සෙවීමට ඉන්දියාවේ සහාය

පසුගිය රජය සමයේ අයථා ලෙස මුදල් රැස්කොට විදේශයන්හි තැන්පත් කර ඇති බව පවසන ඇමෙරිකානු ඩොලර් මිලියන 5,000 ක් පමණ වන ධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බව ඉන්දියාව ප්‍රකාශ කරයි. මේ සඳහා මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවීම වෙනුවෙන් ද ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද පැවසේ.

විස්තර»

ජාතික නිදහස් සැමරුමට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ අභිමානවත් 67 වැනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ලෝක නායකයෝ රැසක් සිය සුබ පැතුම් එක් කරති.ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජින මෙන්ම චීන ජනාධිපති ෂි ජින්පින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරු ඇතුළු නායකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිය සුබපැතුම් එක්කර තිබේ.

විස්තර»

අභියෝග ජය ගැනීමට
භේද දුරලා එක්වෙමු

ජාතික හෙළ උරුමය නිදහස් දින
පණිවිඩයෙන් කියයි

දෙදහස් පහ‍ළොවේ ජනවාරි අට දින අවිහිංසාවාදී කතිර විප්ලවයකින් ජනතාව නව යුගයකට, වෙනසකට රට යොමු කළ බවත් රට හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා පක්ෂ, පාට, ජාති, ආගම් භේදයෙන් තොරව මෙවර නිදහස් දිනයේ දී රට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බව ජාතික හෙළ උරුමය නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල‍්පේ සෝභිත නාහිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති එහි මෙසේද සඳහන් වේ.

විස්තර»

 

හිටපු ජනපතිගේ සී-ෂෙල්ස් වත්කම් විශේෂ විමර්ශනයට

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැසීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා

අනේ මෙහෙමත් කඩඉම් ලකුණක්

අනාරක්ෂිත දුම්රිය මඟ තවත් ජීවිත 4ක් බිලි ගනී

ආරක්ෂක සේවා විද්‍යාලයේ සිද්ධිය ගැන සොයා බලන්න

ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ධජය ඔසවමින්. ඡායාරූපය-රුක්මාල් ගමගේ

තොණ්ඩුවකට බොහෝ දේ කළ හැකියි...!

හිටපු රාජපක්ෂට වඩා පැරදුණු රාජපක්ෂට බයයි

කවි මඩුව

නිදහස ලැබී හැටහත් වස ගෙවුණේය
සංහිඳියාව ගැන සැනසුම දැනු‍ණේය
යහපත් අනාගත සලකුණු පෙනුණේය
අප අද පියනඟන්නේ ඒ ග‍මනේය

--------------- නිලමේ

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක