ආරක්ෂක ලේකම් ඉවත් කරන්න

විධායක සභාවේ සාකච්ඡා

ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතා ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම පිළිබඳ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත මත ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම ගැන ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (15දා) තහවුරු කළේය.

විස්තර»


සා/පෙළ ප්‍රතිඵල අප්‍රේල් 7ට පෙර

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2014 විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මස 7 වනදාට පෙර නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇත.

විස්තර»


ශ්‍රී ලාංකික හතරකගේ ‍ඩොලර් බිලියන 1935 හදිසියේම බහමාස් බැංකුවකට

දැනටම පරීක්ෂණ ඇරඹිලා

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී අයථා ලෙස උපයා ගත් යැයි සැකකරන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු සතු ඩොලර් බිලියන එක් දහස් නවසිය තිස් පහකට ආසන්න මුදලක් මෙතෙක් තැන්පත් කර තිබූ ඩුබායි බැංකුවෙන් හිටි හැටියේම බහමාස් බැංකුවකට මාරු කර ඇති බවට තොරතුරු රජය වෙත වාර්තා වී තිබේ.

විස්තර»


2013 දී මහ බැංකුවේ මිලියන 22248ක අලාභයක්

- කෝප් අලුත්ම වාර්තාව හෙළි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2013 වසරේ දී රුපියල් මිලියන 22248ක් වූ ශුද්ධ අලාභයක් ලබා ගෙන ඇතැයි අලුත්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව හෙවත් කෝප් වාර්තාවෙන් හෙළිදරව් කර තිබේ. මෙම ශුද්ධ අලාභය ලබා ගෙන ඇත්තේ බදු ගෙවීමට පෙරවීම විශේෂිත වන අතර එමගින් පැහැදිලි වන්නේ බදු ගෙවූ පසුව එම අලාභය තවත් ඉහළ අගයක් ගන්නා බව ය.

විස්තර»


අමු රබර් ‍කිලෝවකට රු.350ක සහතික මිලක්

නව රජය විසින් ඉදිරිපත් කරන ලද අතුරු අය වැය යෝජනාවට අනුව ඊයේ (15) සිට අමු රබර් කිලෝ එකක් සඳහා රුපියල් 350ක සහතික මිලක් ගෙවීමට රජය පියවර ගෙන ඇත.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

19 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය

- ගැසට් පත්‍රය ඊයේම මුද්‍රණයට

ජ නාධිපති බලතල අවම කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ(15) සවස පැවැත්වූ විශේෂ කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාදී අදාළ ගැසට් පත්‍රය මධ්‍යම රාත්‍රියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබේ.

විස්තර»

එන්.සී. මත්කුඩු ටින් 7773ක් නල්ලතන්නියේ දී අත්අඩංගුවට

වතුකරයේ බෙදාහැරීම සඳහා රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමින් යුත් එන්.සී. නැමැති තහනම් මත්ද්‍රව්‍ය කුඩු අඩංගු ටින් 7773ක් සමඟ පුද්ගලයකු නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබ ඇත. වෑන් රථයක ඉතා සූක්ෂම ලෙස අසුරා කොළඹ සිට මත්ද්‍රව්‍ය ටින් තොගය බගවන්තලාව දක්වා ප්‍රවාහනය කැරමින් තිබියදී දියගල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»

කොල්ල කෑ මුදල් හැකි ඉක්මනින් ජනතාවට ලබා දෙමු

- එජාප සාමාජික ප්‍රවර්ධන වැඩ අරඹමින් අගමැති කියයි

එළඹෙන සිංහල අලුත් අවුරුද්ද සිත් පුරා නිදහසේ සාමකාමීව ගත කිරීමටත් සාමය රජයන නිවහල් වාතාවරණයක් උදා කිරීමටත් ක්‍රියාකරන බව දැඩිසේ ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළ කළේය. හොරකමින් දූෂණයෙන් මුදල් හම්බකළ අයට දඬුවම් දීම පමාවන්නේ ඇයිදැයි සමහරු අහන බව කී අග්‍රාමාත්‍යවරයා දඬුවම් දෙනවාට වඩා ප්‍රධාන වන්නේ අයුක්තියෙන් අසාධාරණයෙන් කොල්ල කෑ මෙම මුදල් හැකිඉක්මණින් ජනතාව සතු කිරීම බව කීය. එයින් අදහස් කරන්නේ මහජන දේපළ කොල්ලකරුවන්ට දඬුවම් නොදීමක් හෙම නොවන බවද කීය.

විස්තර»

මහින්දානන්දගෙන් මරණ තර්ජන

- එජාප සංවිධායකගෙන් පැමිණිල්ලක්

පැමිණිල්ල බොරුවක්

- මහින්දානන්ද අළුත්ගමගේ

ගම්පොළ අධිකරණ භූමිය තුළදී හිටපු ක්‍රීඩා ඇමැති නාවලපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පිස්තෝලයක් එල්ලකර මරණීය තර්ජන කර තමන් සමඟ නඩුවක සමථයකට පැමිණීමට එකඟවී සිටි පුද්ගලයකු පැහැරගෙන ගිය බවට නාවලපිටිය එජාප සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා ගම්පොළ පොලීසියට පැමිණිල්ලක් කැර ඇත.

විස්තර»

මහ බැංකු බැඳුම්කර නිකුතුව:

සන්ධානය විවාදයක් ඉල්ලයි

ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම කළ යුතු බවට වූ යෝජනාවක් කථානායක චමල් රාජපක්ෂ මහතාට භාරදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

අගමැතිගෙන් හෙට පිළිතුරු

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ උද්ගත වී ඇති ආන්දෝලනය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු කථාවක් කිරීමට නියමිතය.

විස්තර»

රුහුණු කතරගම දේවාලවලට දේශපාලන බලපෑම් එපා

- ජනපති නියෝග කරයි

දේශපාලන බලපෑම්වලට යටත් කොට තිබූ රුහුණු මහා කතරගම දේවාලයට අදාළ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතෙහි බලරහිත කර තිබූ වගන්ති 02ක් වහාම බලාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විෂය භාර ඇමැතිවරයා වෙත නියෝග කිරීමට පියවර ගෙන තිබේ.

විස්තර»

එජනිස සභාපති ජනපති මෛත්‍රී

ජාතික සංවිධායක ජනක බණ්ඩාර

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික සංවිධායකවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් පත්කර තිබේ. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පෙරේදා (14) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේ දී මෙම පත්කිරීම සිදුකර තිබේ.

විස්තර»

නව රජය සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න

- මෝදි දෙමළ ජාතික සංධානයට කියයි

නව රජය සමඟ ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සුමන්දිරන් මහතා දිනමිණට කියා සිටියේය.

විස්තර»

කෝටි 1 1/2 ක රන් බිස්කට් කටුනායක ගු වන් තොටේ දී දැලේ

කටුනායක අපරාධ පරීක්ෂණ නිළධාරීන්ට ලද තොරතුරක් මත රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් ඊයේ දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ හා අපරාධ පරීක්ෂණ නිළධාරීහු ගුවන් තොටුපොළේ දී අත්අඩන්ගුවට ගත්හ. රන් බිස්කට් තොගයේ බර කිලෝ දෙකහාමාරක් පමණවේ.

විස්තර»

පරීක්ෂණ නිමවන තුරු මහ බැංකු අධිපති නිවාඩු

මැති ඇමැතිවරු රැසකගේ දූෂණ තොරතුරු අපට ලැබී තිබෙනවා

අගමැති මෝදි ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගනියි

සහෝදරත්වයේ යාත්‍රාව අගමැති මෝදි විවෘත කරයි

උතුරේ අඩු ආදායම්ලාභීන්ට නව නිවාස

රක්ෂණ සංස්ථාවේ ඉහළ පුටුවක් ප්‍රබල ඇමැතිවරයකුගේ ඥාතියකුට දීලා

මන්නාරම දිසාවේ පාසල් ප්‍රතිසංස්කරණයට ජපානයෙන් රු. මිලියන 546 ක්

කතරගම බස්නායක නිලමේ ධුරයෙන් ශෂින්ද්‍ර හෙට ඉවත්ව යයි

එජාප සාමාජික ප්‍රවර්ධන වැඩ අරඹමින්


එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් බඳවාගැනීමේ ප්‍රවර්ධක වැඩසටහනක් ඊයේ (15) රටපුරා මැතිවරණ කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කළ අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ එහි ප්‍රධාන උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු කොළඹ ආසනයේ තොටළඟ පාලම අසලින් ආරම්භ කළ අයුරුයි. අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ඊට සහභාගි වූ ජනතාවද මෙහි සිටිති.

විස්තර»

මාර්තු 12 ප්‍රකාශනය!

සිවිල් ජනතාව ඡන්ද නීති ගැන උනන්දුවක් නැහැ

රට හරහා දිවීමේ රන් කිරුළ පිට පිට තෙවැනි වරටත් ගීතානී දිනයි

දෙමවුපිය සෙනෙහස නොලැබුණයි දියණියක් මවට පියාට මන්නයකින් කොටලා

කවි මඩුව

දූෂණ වංචාව හොරකම නැඟුව හඬින්
උමතුව නීතියේ දෙවඟන වැටුණි ලෙඩින්
මූදේවිය ගියා මහ බැංකුවට උඩින්
පමා නොවී සිරිකත සරසවිය වඩින්

--------------- නිලමේ

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක