රුපියල් පනස් දහසකට හත් හැවිරිදි පිරිමි දරුවකු විකිණීමට ගිය 3ක් දැලේ

හත් හැවිරිදි පිරිමි ළමයකු රුපියල් පනස් දහසක මුදලකට අළෙවි කිරීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමයාගේ මවගේ අනියම් සැමියා හා තවත් කාන්තාවන් දෙදෙනකු කටුගස්තොට පොලීසිය විසින් පෙරේදා(28) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

විස්තර»


මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනයේ

මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනය නගරයේ දී පැවැත්වීමට රජය තීරණය කරයි. ඒ ‍වෙනු‍වෙන් අවශ්‍ය කටයුතු සංවිධාන කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විස්තර»


ප්‍රියන්ත සිරිසේනගේ අවසන් කටයුතු අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද (30) වැනිදා සවස 3.30ට පොළොන්නරුව පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

අගමැති මැදිහත්වීමෙන්

යුරෝපා සංගමය එල්ටීටීඊය යළි තහනම් කරයි

පසුගිය රජය සමයේ යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කිරීමත් සමඟ ඊට එරෙහිව එවකට විපක්ෂ නායකව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපිය සැලකිල්ලට ගෙන යුරෝපා සංගමය යළිත් කොටි සංවිධානය තහනම් කර තිබේ. මේ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 27ක කොටි සංවිධානය යළිත් තහනම් කෙරෙන අතර එම තීරණය ශ්‍රී ලංකාවේ නව රජය ලද විශිෂ්ට ජයක් බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

විස්තර»

ෂෙනුකාගේ පත්වීම අත්හිටුවයි

උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ පෙනී සීටීමට නියමිතව ඇති හෙයින් තායිලන්ත තනාපතිනිය වශයෙන් ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. මේ සමබන්ධයෙන් අවසන් තීරණය උසස් තනතුරුවලට පත්කිරීමේ කමිටුවේ නිර්දේශ මත ගන්නා බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. මේ පත්වීම සම්බන්ධයෙන් පසුගිය කමිටු රැස්වීමේදී සාකච්ඡාවට නොගත් බවත් මීළඟ කමිටු රැස්වීමේදී එම කරුණ සාකච්ඡාවට භාජනය කරන බවත් අජිත් පෙරේ‍රා මහතා පවසයි.

විස්තර»

ජනාධිපතිවරණයට ලංගම බස්

ඉල්ලූ අයවත් ලබාගත් අයවත් මම දන්නේ නැහැ

ජනාධිපතිවරණ සමයේ ලංගම බස් රථ යොදා ගැනීම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ලෙස තමන්ට රුපියල් මිලියන 142ක මුදලක් ගෙවන ලෙස දන්වා ලංගමය ලිඛිතව දැනුම් දී ඇතත් එම බස් රථ ඉල්ලූ අයවත් එම බස් රථ ලබා ගත් අයවත් අද නැතැයි හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. මෙම මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 50ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇතැයි පවසන හිටපු අමාත්‍යවරයා එම මුදල් ගෙවා ඇත්තේ ශ්‍රීලනිප මූලස්ථානය මඟින් යැයි ද පවසයි.

විස්තර»

උතුරේ ප්‍රශ්න ගැන සොයා බලන්න විශේෂ නිලධාරියකු පත් කරනවා

අගමැති රනිල් වික්‍රමසිංහ

උතුරු පළාතේ ප්‍රශ්න පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශේෂ නිලධාරියකු පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරයි. වසර තිහක යුද්ධයෙන් බරපතළ ලෙස හානි සිදු වූ කිළිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්වලට විශේෂ අවධානය යොමු කර සංවර්ධනය කළ යුතු බවද අගමැතිවරයා අවධාරණය කළේය.

විස්තර»

කොළඹ සරසවියේ වැඩබලන උපකුලපති මහාචාර්ය ලලිතා මෙන්ඩිස්

කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරිය ලෙස එම විශ්වවිද්‍යාලයේම සම්මානනීය මහාචාර්යවරියක වන ලලිතා මෙන්ඩිස් මහත්මිය පත්කර ති‍බේ. ඒ අනුව එම පත්කිරීම අද (30) සිට ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ‍‍කොමිෂන් සභාව පවසයි.

විස්තර»

ඕෂධගේ අතේ සම බද්ධ කළ සැත්කම සාර්ථකයි

බස් රථ අනතුරක් හේතුවෙන් අත අහිමි වූ දරුවාගේ සම බද්ධ කිරීමේ සැත්කම පෙරේදා (28) කොළඹ ජාතික රෝහලේ දී සිදුකෙරිණ. බස් රථ අනතුරකින් දකුණු අතේ මැණික් කටුව අසලින් ගැල වී ගොස් තිබූ ඕෂධ මධුසංඛ නමැති 15 හැවිරිදි පාසල් සිසුවාගේ අත කොටස ආරක්ෂාකාරි පියවර අනුගමනය කරමින් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව සැත්කමකින් අත බද්ධ කර ඇත.

විස්තර»

මිහින් ලංකා ගුවන් මගීහු රාත්‍රී 9තෙක් රස්තියාදු වෙලා

ජල සම්පාදනයේ සියලු සේවක වැටුප් 30%කින් ඉහළට

නොමිලේ වයිෆයි කලාප 26ක්

ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන චිත්‍රපටයක් හඬ කවමින් සිටි නවයක් අත්අඩංගුවට

ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගාලුමුවදොර විරෝධතාවක්

ඉන්දියානු නෞකා 4ක් ත්‍රිකුණාමල වරායට

මිතුරු වෙසින් පැමිණි මාරයාට බිලි වූ ප්‍රියන්ත දුප්පතුන්ට උදව් කළ හිතහොඳ මිනිහෙක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කන්කසන්තුරේ පලාලි ආරක්ෂක මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සමඟ සුහද කතාබහක නිරතව සිටි අයුරු.

විස්තර»

 

චීනයෙන් ශ්‍රී ලංකාවට...

බාල පොහොර නවත්වනවා

පාරේ ගමන් කළ පිරිමි ළමයකු කැඳවා පොලිස් මුරපොළේදී අතවර කරලා

අපරාජිත නවසීලන්තයේ සිහිනය බොඳ වෙයි

කවි මඩුව

යුරෝපා සංගමය අප රටේ අයදුමට
කන්දෙමින් එළඹ ඇත යළිත් කොටි තහනමට
එය සැබෑ හේතුවකි හැමදෙනගේ සැනසුමට
ලොවම ආසිරි පතයි අපේ ලක්මව නමට

--------------- නිලමේ

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක