උසාවි නියෝගය කඩ කොට විරෝධතාවේ යෙදුණු සන්ධාන මන්ත්‍රීන් 10කට නොතිසි

[2015-04-24 16:45]

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ඊයේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් 10 දෙනෙකුට මැයි 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නොතීසි නිකුත් කොට තිබේ.

විස්තර»


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන්

[2015-04-24 16:40]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව ආසන සංවිධායකවරුන් පස් දෙනෙකුට පත්වීම් ලිපි භාරදීම අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය. ඒ අනුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බිංගිරිය ආසනයේ . . .

විස්තර»


මහින්දට එරෙහිව තවත් අල්ලස් චෝදනාවක්

- රන්ජන් කොමිසමට යයි

[2015-04-24 16:00]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි තවත් අල්ලස් පැමිණිල්ලක් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් අද අල්ලස් කොමිසමට භාර දුන්නේය.

විස්තර»


බැසිල් බලන්න මහින්ද ජාතික රෝහලට එයි

[2015-04-24 14:00]

දැනට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අද පැමිණ ඇතැයි වාර්තා වේ.

විස්තර»


මෛත්‍රී - මහින්ද හමුවෙන්නේ නැහැ

[2015-04-24 12:45]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කර ඇතැයි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

19 සම්මත කර ගැනීම
ජනතා ජයග්‍රහණයක්

ප්‍රජාතන්ත්‍රවාදය-ජනතා නිදහස-ශීලාචාර සමාජය ගොඩනඟමු යැයි ජනාධිපති ශ්‍රී ලාංකික ජනතාවට කියයි

19 වන සංශෝධනය සම්මත කර ගැනීම මේ රටේ ජනතාවට ලැබුණු ඓතිහාසික අවස්ථාවක් වන අතරම ඊට පක්ෂව ඡන්දය භාවිතා කිරීම ඓතිහාසික වශයෙන් තමන්ට ගෞරවයක් ලැබෙන දෙයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊ‍යේ (23) රාත්‍රී ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ශීලාචාර සමාජයක්, විනයගරුක හික්මීමක් ඇති රටක් ගොඩනඟන්න 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්දය භාවිතා කරනු ඇතැයි . . . .

විස්තර»

විපක්ෂයේ මන්ත්‍රීවරු පාපිස්සට බැස්සවීමට ආණ්ඩුවට හැකිවුණා

මෙ‍තෙක් කල් ජනතාව ගැන අමතක කර පාර්ලිමේන්තුවට පයින් ගැසු විපක්ෂයේ මන්ත්‍රීවරු පාපිස්සට බස්සවා බිම නිදි කරවීමට 19 වැනි සංශෝධනය තුළින් ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනවාරි 8දා මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කළ අයුරින් ඉදිරි මහ මැතිවරණයේ දී රාජපක්ෂ අතු ගා දමා අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයට හැකි බව ද අගමැතිවරයා කීය.

විස්තර»

බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීම ඊයේ (23) සවස 4.30 ට පමණ සිදු කෙරිණ. ජාතික රෝහලේ 15 වාට්ටුවට වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා ඇතුළත් කර ඇති අතර බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ඒ මහතා රෝහලට ඇතුළත් කළ බව රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවැසුවේය.

විස්තර»

මිහින් ලංකා ගනුදෙනු ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයාව සිටියදි එහි සිදුකෙරුණු ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට ඊයේ (23) කැඳවා තිබිණි. තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දින 90ක කාලයකින් දිනයක් ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා සිටි බවත්, ඊට කොමිසම කැමැත්ත දැක්වීමෙන් පසු රාජපක්ෂ මහතා එතැනින් පිටව ආ බවත් ඔහුගේ නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

විස්තර»

ඉදිරි මහ මැතිවරණය නව ක්‍රමයට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. යෝජිත නව මැතිවරණ ක්‍රමය අනුව පත්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 238 ක් විය යුතු බවට ජාතික විධායක සභාව එකඟත්වය පළ කළ බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව බවත්, ඒ අනුව සියලුදෙනාට ම එකඟ විය හැකි ක්‍රමයක් සකස් කිරීම රජයේ අපේක්ෂාව බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

විස්තර»

වරායේ සිදුවූ දූෂණ සොයන්න කමිටුවක්

වරාය අමාත්‍යාංශ‍යට අයත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු ආයතනවල සිදුවූ දුෂණ සෙවීමට කමිටුවක් පත් කරන බව වරාය හා නාවුක කටයුතු පිළිබඳ ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවැසීය. මේ වන විට කමිටුව සඳහා පත් කරන නියෝජතයන් සමඟ සාකච්ඡා සිදු කරන බව කියා සිටි ඇමැතිවරයා ඉදිරි සතිය තුළ මේ කමිටුව පත් කරන බවද පැවැසීය.

විස්තර»

19ට සහාය දෙන්න ශ්‍රීලනිපය තීරණය කළා

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න

දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (23දා) ඒකමතිකව තීන්දු කරනු ලැබී යැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ‘දිනමිණ’ට පැවැසීය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සංශෝධනත් සමඟම 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය ලබාදීමටද මෙහිදී තීරණය කර ඇති අතර . . .

විස්තර»

ජනතා යහපත වෙනුවෙන් ගතයුතු ගතහැකි සෑම පියවරක් ම ගන්නවා

19ට සහාය පළ කිරීමේ වමේ පා ගමන 27දා

සැකපිට ගත් 4න් 3ක් රිමාන්ඩ්

හමුදාවෙන් පලා ආ සෙබළකු ළඟ රසායනික අවියක්

ලක්ෂ 50 මැණික් හොරු මාස 5කට පසු හසුවෙති

මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවෙක් බාර‍ වෙයි

පේරාදෙණි බලධාරීන්ගේ තීරණවලට සරසවි සිසුන්ගෙන් විරෝධය

බස් රථයේ රෝද 4 ගැලවී විසිවෙයි

හේතුව පැහැදිලි නොමැති නිසා ප්‍රකාශයක් ලබා දිය නොහැකියි


 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන ෙකාමිසමෙන් පිටව ගිය අයුරු.

ඡායාරූපය - වාසිත පටබැඳිගේ

නීතිය හෑල්ලු විය යුතු නෑ

හිටපු ජනපතිගේ මුක්තියේ මුසාව

ඉවසීම නැත්නම් මෙලොව දියුණුවත් නෑ

කිරිබතේ බොදු උරුමය

දෙහිවල සුපිරි වෙළෙඳ සල්වල කුණු කෑම තොග පිටින්

රාළහාමිගේ රාජකාරියට බාධා කළ ජීප් රථ රියැදුරු අත්අඩංගුවට

විත්තිකරුට දුන් මාස 6ක සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කෝටි 2කට වැඩි මූල්‍ය වංචා රැසක්

ආසියානු රගර් සංගමයෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්

ජූඩෝ සංගමයටත් අතුරු කමිටුවක්..?

කවි මඩුව

 හිටපු ආර්ථික ඇමති තාවකාලික හිරේ
ඹප්පු නොවූවොත් වැරදි, ඇති සැකය මඟ හැ‍රේ
චෝදනා විමසුමට නීතියට දොර ඇරේ
‍වැඩිය උඩ පැන්නාම බිම වැටෙන‍වා දොරේ

--------------- නිලමේ

දිනමිණ අතිරේක