විජලනයේදී කළ යුතු හා නොකළ යුතුදේ

විජලනයේදී කළ යුතු හා නොකළ යුතුදේ

* කැෆේන් අඩංගු කෝපි, කෝලා පාන ඉක්මනින්ම කෙනකු විජලනයට පත් කරයි. එවැනි පාන ගත් පසු වැඩිපුර මුත්‍රා පිටවීම ඊට හේතුවයි.

* ප්‍රෝටීන් අධික ලෙස අඩංගු ආහාර ද විජලනයට මඟකි.

* මද්‍යසාර ප්‍රධාන වගඋත්තරකරුවෙකි.

* සැඳෑ කාලය ව්‍යායාම කිරීමට තෝරා ගන්න.

* ජලය පානය කිරීමට වතුර පිපාසය දැනෙනතුරු නොසිටින්න. පිපාසය දැනෙන විටත් ඔබ විජලනයට පත් වී අවසානය.

* ජලය පානය කිරීමට අසීරු නම් නැවුම් ලෙමන් ගෙඩියක හෝ දොඩම් ගෙඩියක යුෂ ජලයට එක්කර පානය කරන්න.

* දිනකට තෙවරකට වඩා අඩුවෙන් මුත්‍රා පිටවෙනවා නම් වැඩිපුර ජලය පානය කරන්න.

* කොමඩු වැනි පලතුරු විජලනයට කදිමයි.

* සුළඟ සහිත දිනවල වැඩිපුර ජලය පානය කරන්න.

* ව්‍යායාම කිරීමට පෙර ජලය පානය පුරුද්දක් කරගන්න.

* ව්‍යායාම කරන සෑම මිනිත්තු 15 – 20 කට වරක්ම ජලය අවුන්ස 8 – 12 ක් පානය කරන්න.

* ව්‍යායාම කිරීමෙන් පසුව ද ජලය පානය කරන්න.

* පිපිඤ්ඤා, තක්කාලි, කැන්ටලූප්, මිදි විජලනය සැනෙකින් දුරුකිරීමට උදව් වෙයි.

අන්තර්ජාලය ඇසුරෙනි