මුඛ රෝග වළක්වාගනිමු

මුඛ රෝග වළක්වාගනිමු

විශේෂ අතිරේකය

ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය මහනුවර දිස්ත්‍රික්කයසභාපති,
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය මහනුවර ශාඛාව,
වෛද්‍ය උදිත ප්‍රදීප හේරත්

දත් නැතිදා උක්දඬු ගිනි තපින්නදැයි පැරැණි නමුත් ඉතා අගනා කියමන ක් තිබේ. මේ කියමනේ අගය අන් කවරදාටත් වඩා අද අපට තදින්ම දැනෙමින් පවතියි. ඒ, දන්ත සෞඛ්‍යය සමස්ත සෞඛ්‍යයේම කැඩපතක් සේ ක්‍රියාකරන බැවිණි. මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ තේමාව වන්නේ පරිපුන් දිවියකට සුපසන් මුවක් යන්නය. මෙම තේමාවට සමගාමීව මුඛ සෞඛ්‍යය සම්බන්ධයෙන් අද අප බහුලව මුහුණ දෙන ගැටලු හඳුනා ගනිමු.

මුඛ රෝග

මුඛ රෝග කුඩා දරුවන් ඇතුළු වැඩිදෙනෙකු බහුලව මුහුණදෙන ගැටලුවකි. විශේෂයෙන්ම බොහෝදෙනෙකු තමන් මුඛ රෝගයකින් පෙළෙන බව පවා නොදනී. බොහෝවිට කෙනෙකු මුඛ පරීක්ෂාවකට යොමු වනුයේ මුඛයේ වේදනාවක්, සැරව ගැලීමක්, ලේ ගැලීමක් වැනි ලක්ෂණයක් දැඩිව පෙන්නුම් කරන අවස්ථාවක පමණි. නමුත් එය සත්‍ය වශයෙන්ම අවාසිදායක තත්ත්වයකි. ඒඇයි?මෙබඳු ලක්ෂණ පහළ වීමෙන්

පෙන්නුම් කර ඇත්තේ ඒ හා සම්බන්ධ ගැටලුව එහි සරල අවධිය පසු කර අවසන් අදියරට පැමිණ ඇති බවය. එබැවින් මෙබඳු තත්ත්වයන් වළක්වා ගැනීමට නම් මාස හයකට හෝ වසරකට වතාවක් වත් මුඛ පරික්ෂාවකට Routine Oral Checkup යොමුවීම බෙහෙවින් වැදගත් වේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය රෝහලකම දන්ත ඒකක පිහිටුවා ඇති අතර එහිදී

ඕනෑම අයෙකුට නොමිලේ මුඛ පරික්ෂාවක් සිදු කරවා ගත හැක.

එසේම පාසල් තුළ පිහිටුවා ඇති පාසල් දන්ත චිකිත්සක සේවාව මඟින් අවුරුදු 13න් පහළ දරුවන් සඳහා දන්ත ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතියි.