ළදරුවාගේ ඇඟ සහ ඇසේ සුදු ඉංගිරියාව කහපාට වීම රෝගයක්ද?

ළදරුවාගේ ඇඟ සහ ඇසේ සුදු ඉංගිරියාව කහපාට වීම රෝගයක්ද?

වාට්ටුභාර හෙදි සොයුරිය (1 ශ්‍රේණිය)

ශික්ෂණ රෝහල -මහනුවර, මනෝවිද්‍යා හා උපදේශණ පාඨමාලාභී හා කළමනාකරණ හා සංවර්ධන ඩිප්ලෝමාධාරිණී, විශ්ව විද්‍යාලය-පේරාදෙණිය

ප්‍රියංගිකා අඹගස්පිටිය

අලුත උපන් දරුවන්ට බහුලව ඇතිවන ගැටලුවක් ගැන තමයි අද කතා කරන්න සිතුවේ. ඒ කාමලාව රෝගය. ළදරුවන්ගේ සම හෝ ඇසේ සුදු ඉංගිරියාව කොටස කහ පැහැති වීම තමයි මෙය හඳුනාගන්න තියෙන හොඳම ලක්ෂණය. මෙය ළදරුවාගේ පපුව, උදරය, අත් දක්වා පැතිර යා හැක.

අපි බලමු මොකක්ද මේ කාමලාව කියන්නෙ කියලා. අලුත උපන් බිළිඳකුගේ රුධිරයේ රතු රුධිරානු /රතු රුධිර සෛල ප්‍රමාණය වැඩියි. මෙය සාමාන්‍ය දෙයක්. මව්කුස තුළදී වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් දරුවාගේ වර්ධනයට සෛල කරා ගෙන යාමට හා සියලු ක්‍රියාවන්ට අවශ්‍ය පරිදි මෙසේ සැකසී ඇත. දරුවා මව්කුසෙන් බිහිවූ පසු එම වැඩිපුර ඇති රතු රුධිරාණු බිඳීමට ලක් වේ. රතු රුධිරාණු බිඳීමෙන් එන ද්‍රව්‍යයක් තමයි බිලිරුබින් කියන්නේ. මේ බිලිරුබින් කහ පාටයි. මෙය සාමාන්‍ය ක්‍රියාවලියක්. නමුත් අක්මාව ආශි‍්‍රත රෝග තත්ත්ව නිසාත් බිලිරුබින් වැඩිවෙන්න පුළුවන්. එය රෝග තත්ත්වයක්. තවත් කරුණක් තමයි මවගේ සහ දරුවාගේ රුධිර ගණ වෙනස් වීම නිසා කහ පැහැවීම. මෙය අපි (Rh or ABo Incompatibility) ලෙසය, වෛද්‍ය විද්‍යාවේදී හඳුනාගන්නේ. මව්වරුන් මේ ගැන කලබල වෙන්න ඕන නෑ. ඔබේ දරුවා කහ පැහැ වුනොත් රෝහලේදී මේ තත්ත්වය හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. එයට සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා.

අපි මේ කතා කරන්න හදන්නේ. “භෞතවේදීය කාමලාව“ ගැන.

(Physiological jaundice) මේ තත්ත්වයේදී අපේ මව්වරුන් කරන්න දෙයක් තියෙනවා. මුලින් කතා කළ ආකාරයට අලුත උපන් ළදරුවාගේ රතු රුධිරාණු බිඳීමෙන් එකතු වෙන බිලිරුබින්, දරුවාගේ ශරිරයේ එකතු වෙන්න දෙන්න හොඳ නෑ. මේවා ශරීරයෙන් පිට වෙන්න ඕන. එහෙම පිටවෙන්න නම් දරුවාට හොඳින් මව්කිරි දෙන්න ඕන. ඒක හරිම වැදගත් දෙයක්.

ළදරුවාගේ අක්මාව මෝරා නැති නිසයි මේ භෞතවේදීය කාමලාව ඇතිවෙන්නේ. එය දින 2 -5 පටන්ගන්නේ. සති 1 -2දී මෙය ක්‍රමයෙන් නැති වෙලා යනවා.

නමුත් රෝගී තත්ත්වයක් (මුලින් කී පරිදි) නිසා කහ පැහැවන්නේ නම්, එය දරුවා ඉපදී පැය 48 (දින 2) වන්නට පෙර සිදු වෙනවා. එය ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු තත්ත්වයක්. මෙයට ඉක්මන් ප්‍රතිකාර නොකළොත්, පසු කාලයේදී සංකූලතා ඇති වේ. එනම් දරුවාගේ බුද්ධි වර්ධනයේ අඩුවක්, ශ්‍රවණ ආබාධ, ස්නායු ආබාධ ඇති වීමෙන් අත් පා වලංගු නොවීම ආදී තත්ත්වයන් ඇතිවිය හැකියි.

මෙහිදි අදාළ රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර කළ යුතු වෙනවා. උදාහරණයක් ලෙස තයිරොක්සීන් හෝර්මෝනයේ අඩුවිමක් නිසා සිදු වුණා නම්, තයිරොක්සීන් හෝර්මෝන ලබා දිමෙන් එය නිවැරදි කළ හැකියි.

අපි මව්වරුන්ට අදාළව කතා කළ භෞතවේදීය කාමලාවේදී කළ හැකි ප්‍රතිකාර මොනවාද කියලත් දැන ගනිමු.

එහි ප්‍රධානම දේ තමයි මව්කිරි ලබා දීම. වාර 8 -12 ක් පමණ මව්කිරි ලබා දීමෙන් ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වී රුධිරයේ බිලිරුබීන් ප්‍රමාණය පාලනය වේ.

රුධිරයේ බිලිරුබීන් ප්‍රමාණය මිලි ග්‍රෑම් 20ට වැඩි නම් “ෆෝටෝතෙරපි“ Phototheraphy ප්‍රතිකාර ක්‍රමය ලබා දෙනවා. ලයිට් එක අල්ලනවා කියලා අපේ මව්වරුන් කියන්නේ මේ ගැන තමයි. විශේෂිත ආලෝකයක් දරුවාගේ ඇඟට වැටෙන්න සැලැස්වීමයි මෙහිදී කරන්නේ. මෙම ආලෝකයට දරුවා යොමු කිරීමට පෙර දරුවාගේ ලිංගේන්ද්‍රියන් හා දෑස් රෙදි කඩයකින් (නැප්කින්) වැසීම සිදු කරනවා. මව්වරුන් ඒ ගැනත් දැනුවත් වීම හොඳයි. ඒවාට විය හැකි හානිය වැළැක්වීමටයි එහෙම කරන්නේ.

මේ බිලිරුබින් ශරීරයේ එකතුවීම හොඳ නෑ. එය මොළයේ සෛල තුළ තැන්පත් වීම නිසා දරුවාට අපස්මාරය ටඪබඵ එන්න පුළුවන්. මෙය මාරාන්තික තත්ත්වයක්. මෙය වළක්වන්න නම් මව්වරුන්ට අපි කලින් කියා දුන්න ආකාරයට හොඳින්, ඕනෑකමින් තම ළදරුවාට මව්කිරි ලබා දෙන්න උනන්දු වෙන්න ඕන.


මේ දිනවල පැතිරෙන ඇස් ලෙඩ

නිල්දණ්ඩාහීන්න ආයුර්වේද රෝහල

වෛද්‍ය නිලධාරි

සන්ධ්‍යා හල්ලල

දැන්, විවිධ රෝග සමාජය පුරා පැතිරී යන්නෙ ඉතා වේගයෙන්. ඒකට හේතුව මේ උෂ්ණ කාලය වීමයි. මේ කාලයේදී විශේෂයෙන්ම ලෙඩකට මුල් වන්නේ බොහෝවිට අප ගන්නා ආහාරයි. විවිධ අසාත්මිකතා පවා එන්නට පුළුවන්. එවන් තත්ත්වයක් තමයි ඇස් ලෙඩ කියන්නෙ. එසේම ස්පර්ශය මඟින් ඇස් ලෙඩ පැතිරීම වැඩියි.

උෂ්ණ කෑම නිසා සිරුරේ ඇති වූ වෙනස්කම්, වෛරස් රෝග තත්ත්වයක් ලෙසින් මෙම රෝගය ඇතුළු වෙයි. මෙය බෝවන රෝග තත්ත්වයක්. ඒ නිසා ආරක්ෂාවීම වඩා යහපත්.

ඇස් ලෙඩවීම, රතුවීම්, කඹ, කඳුළු ගැලීම, ආලෝකය දෙස බැලීමේ අපහසුව සහ ඇස් තඩිස්සිවීම් වැනි ගැටලු රාශියකට මුහුණ දෙයි. ඒ නිසා අද ජ්ඪපඵබචඪඤ ඕධය එකෙන් ඇස් ලෙඩේට සිදු කෙරෙන ප්‍රතිකාර බලමු.

1. තැඹිලි ගෙඩියක් ගෙන ඇස්ස කපා වතුර පතක් පමණ එය ඇතුලේ තිබියදී සීනක්කාරන් අරළු, මදටිය ඇට දෙකක් එය ඇතුළට දමා තබාගෙන ඇසට වත් කිරීම (සේදීම) හා තැවීම.

2. අරළු, බුළු, නෙල්ලි, කොහොඹ දළු, කැබෙල්ල පොතු, රත්මල්, රත්මල් දළු, මේවා එකට දමා කොටා පොට්ටනි බැඳ තැවීම.

3. දෙළුම් කොළ සෝදා පිරිසිදු කර තම්බාගත් වතුරින් ඇස් සේදීම හා තැවීම

4. තැඹිලි වතුරින් ඇස් සේදීම

5. පිරිසිදු කරගත් සමන් පිච්ච මල් වතුරේ දමා රැයක් තබා උදෑසන එම වතුරින් ඇස් සේදීම.

ආහාර ගැනීම

මේ දිනවලදී ඇඟ නිවෙන ආහාරපාන විශේෂයෙන් එළවළු පලතුරු කැඳ වර්ග ආදිය ගැනීම වඩාත් උචිතයි.