ලිංගාශ්‍රිත රෝග සායනයකින් ඇසුණු සත්‍ය කථාවක්

ලිංගාශ්‍රිත රෝග සායනයකින් ඇසුණු සත්‍ය කථාවක්

මසාජ් සෙන්ටර් එකක වැඩ කරන මුවාවෙන් ලිංගික ශ්‍රමය සැපයූ නිලුපුලීට වෙච්ච දේ

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

අපි කවුරුත් මිනිසුන්. අප අතර විවිධාකාර හැඟීම් දැනීම් කුමන අවස්ථාවක කුමන ආකාරයකට ඇති වෙනවාද යන්න තේරුම් ගන්නට මෙලොව බිහි වූ කුමන ආකාරයේ හෝ විද්වතකුට වත් වටහා ගන්නට නොහැකියි. එවැනි සම්බන්ධකම් සමාජ සම්මතයට ඇතැම් විට පටහැනි වූවොත් ඒවා අසංවර අවිනීත සම්බන්ධකම් වන අතර සමාජ සම්මතයට එකඟ හැමදේම යහපත් සබඳකම් යැයි බොහෝදෙනා පිළිගැනීමට ලක් කරනවා. මේ සබඳතාවල හරි වැරැද්ද කුමක් වුවත් ඕනෑම ජීවිතයක සැඟව පවතින කුමනාකාර හෝ සබඳතාවක සමාජයීය වශයෙන් පවත්නා වැදගත්කම පිළිබඳව දෙවරක් සිතා බලන්නට මේ කථාව මඟ කියාවි.

රත්නසිරි කියන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිටි බොහොම දක්ෂ ව්‍යාපාරිකයෙක්. “රත්නසිරි මහත්තයා” කිව්වහම ගමේ නොදන්න කෙනෙක් නැහැ. මේ වෙනකොට විවාහ වෙලා බොහොම සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන ඔවුන්ට කියන්න තරම් අඩු පාඩුවක් තිබුණේ නැහැ. ඇඹිලිපිටිය නගරයට ආසන්නව පදිංචි වෙලා හිටපු මේ පවුලටම හිටියේ දරුවො දෙන්නයි. ගමේ අය කවුරුත් රත්නසිරි මහත්මයාගේ පවුලේ අයට පුදුම ගෞරවයක් දැක්වූයේ ඒ තරම් යහපත් මනුස්සකම් තිබුණු නිසයි. රත්නසිරි කියන්නේ දක්ෂ ව්‍යාපාරිකයෙක් විතරක්මත් නෙවෙයි. ඉතාම සෙනෙහෙබර ස්වාමියෙක්. තාත්තා කෙනෙක්. එයාට යෙදිලා තියෙන දහසක් වැඩ රාජකාරි අතරේ පුළුවන් හැම වෙලාවකම තමන්ගේ යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කරන්න නිතරම වගබලා ගත්තා.

පවුල, දරුවෝ, යාළුවෝ මේ හැමදේම අතරේ තමන්ගේ ව්‍යාපාර කටයුතු බොහොම සාර්ථකව ඉටු කරන රත්නසිරි වැඩිපුර කාලයක් ගත කළේ කොළඹට වෙලා. “රත්නසිරි නිතර කොළඹ යන එක ගෙදර අයට නම් ඉතාම සාමාන්‍ය දෙයක්. ව්‍යපාරික කටයුතු වලට අවශ්‍ය නිසා මේ විදිහට කොළඹට යන එන එක රත්නසිරි විවාහ වෙන්නත් කලින් ඉඳලාම සිද්ධ කරන දෙයක්. ඒ නිසා නවතින තැන්, කෑම බීම විතරක් නෙවෙයි කාලයක් තිස්සේ කරගෙන එන සමහර පුරුදුත් එයාට නොතිබුණාමත් නොවෙයි. මේ විදිහට කොළඹ එන ගමනේදී එයා නිතරම මසාජ් සෙන්ටර් එකකට යන්නත් පුරුදු වෙලා තිබුණා. මුලදී එක තැනක් කියලා නැහැ. විවිධ තැන්වලට ගියත් මෑතක ඉඳලා රත්නසිරි තෝරා ගත්ත එක තැනක් තිබුණා. වෙනදට කොළඹ ආවාම ශරීරය සම්බාහනය කරගන්න විවිධ ස්ථාන වලට ගියත් රත්නසිරි එක් තැනක නැවතුනේ විශේෂ හේතුවක් ඇතිව. ඒ නිලුපුලී නිසා. නිලුපුලී කියන්නේත් ඈත ගමක ඉඳලා රස්සාවක් හොයාගෙන කොළඹ ආව කෙනෙක්. නොයෙක් විදිහේ රස්සාවල් කරලා අවසානේදී මසාජ් පාලර් එකේ ජොබ් එකෙන් නැවතිලා හිටියේ. රත්නසිරි, නිලුපුලීව දැක්ක මුල්ම දවසේ එයාගේ තිබුණු ලස්සනට වශී වෙලා හිටියේ.

පස්සේ පස්සේ කොළඹ එන හැම සැරේකම රත්නසිරි නිලුපුලීව හමුවෙන්න එයා වැඩ කරන තැනට යන්න පටන් ගත්තා. කාලයක් ගතවෙන කොට දෙදෙනා අතර තිබුණු සම්බන්ධය දුර දිග ගියා විතරක් නෙමෙයි. නිලුපුලීට පැවරිලා තිබුණු රාජකාරියෙන් ඔබ්බට ගිහින් ලිංගිකව ශ්‍රමය සැපයීම පවා නිලුපුලීට පැවරුණු රාජකාරියක් වෙලා තිබුණා. ඉතාම ඉහළ මිල ගණන් වලට මේ ආයතනයේ ඉන්න ගැහැනු ළමයි අලෙවි වුණත් නිලුපුලී රත්නනසිරි සමඟ ලිංගිකව සම්බන්ධ වෙන්න තීරණය කළේ තමන්ගේම කැමැත්තෙන්. නිලුපුලී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තත් හරි හැටි රස්සාවක් නොලැබුණු නිසා මසාජ් සෙන්ටර් එකක වැඩට ආවත් නරක විදිහේ හැසිරීමක් තිබුණු කෙනෙක් නෙවෙයි. රත්නසිරි මුණ ගැහෙන්නට කලින් සම්බාහනය කිරීම් වලට අමතරව වෙනත් කිසිම විදිහේ අනිසි සම්බන්ධකමක් පවත්වලා තිබුණේ නැහැ. නමුත් මේ ආයතනය, හොර රහසේ, මුදල් හදල් යහමින් තිබෙන ව්‍යාපාරිකයන්ට ලිංගික ශ්‍රමය සැපයීමත් සිදු කළා. රත්නසිරිට වුවමනා වුණේ නිල‍්‍රපුලීවම මුණ ගැසෙන්නටයි. සල්ලි වලින් කිසිම අඩු පාඩුවක් නොතිබුණු නිසා රත්නසිරි නිලුපුලීව අනවශ්‍ය විදිහට දිගින් දිගටම ඇසුරු කරන්නට පටන් ගන්නවා. මේ සම්බන්ධය නිසා මසාජ් සෙන්ටර් එකේ වැඩ කරනවාටත් වැඩිය නිලුපුලී, රත්නසිරි කොළඹ ආව වෙලාවට නවතින හෝටල් වලට රැගෙන යන්න සම්බාහන මධ්‍යස්ථානයේ පිරිස කටයුතු කළා. මේ සම්බන්ධතා වලදී හැකි සෑම වෙලාවකටම ආරක්ෂිත ක්‍රමවේද අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවීම වළක්වා ගන්නට භාවිතා කළත් නිලුපුලීට ඇති වූ යම් ගැටලුකාරී තත්ත්වයක් නිසා ඇයට ලිංගාශි‍්‍රත රෝග සායනයකට යොමු වෙන්නට සිද්ධ වෙනවා. ගැබ් ගැනීම් පිළිබඳ අවධානය යොමු කළත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන එයාට හරි හැටි අවබෝධයක් දැනුමක් නොතිබුණු නිසා ලිංගාශි‍්‍රත ප්‍රදේශයේ ස්‍රාවයක් ඇතිවීම නිසා ඇතිවුණු සැක කිරීමක් නිසා ලිංගාශි‍්‍රත රෝග සායනයකට යොමු වීමට සිදු වුණා. මෙහිදී ඩ්ධ්ඍ ඇතුළු රෝග ගණනාවක් පරීක්ෂණයට ලක් කළත් වාසනාවට නිලුපුලීට එවැනි රෝගයක් නොතිබුණත් අවසානයේදී ඇයට ගොනෝරියාව නැමැති රෝග තත්ත්වය වැළඳී තිබෙන බව සොයා ගනු ලැබුවා.

ඉන් අනතුරුව ඇයට උපදේශනයට ලක් කළත් ඇය ලිංගික ශ්‍රමය සපයන අයෙක්. ඇය පැවැත් වූ පළවෙනි සම්බඳකම රත්නසිරි සමඟ නිසා ඔහුව මේ පිළිබඳව දැනුවත් කරන ලෙස පැවසුවත් ඇය එය පිළිගැනීමට අකමැති වුණා. රත්නසිරි නිලුපුලී සමඟ පමණක් නොවේ වෙනත් අය සමඟත් මෙසේ ලිංගිකව හැසිරීම් නිසා මෙසේ ඇයටත් රෝගය සම්පේ‍්‍රෂණය වුණු බව පැවසූ අවස්ථාවේ ඇයට රත්නසිරි සමඟ තිබුණු සම්බන්ධය නවත්වන්නට වුවමනාවක් තිබුණේ නැහැ ප්‍රතිකාර ලබා ගත්තට පස්සේ රෝගය සුව වුණු නිසා රත්නසිරිට මේ බව වෛද්‍යවරු පවසන්නට කීවත් එය රහසක් විදියට තියා ගන්නට නිලුපුලී කටයුතු කරන්නේ රත්නසිරි තමාව අතහැර දමයි කියන බයටයි.

හැබැයි ඊට ටික කාලෙකට පස්සේ රත්නසිරිගේ දුරකථන අංකය නිලුපුලී ලිංග්‍රාශි‍්‍රත සායනයට ලබා දීමෙන් පස්සේ රත්නසිරිගේ රහස්‍ය භාවය පිළිබඳ තහවුරු කරගෙන එයාවත් ලිංගාශි‍්‍රත රෝග සායනයේ පරීක්ෂාවට ලක් කළත් වාසනාවට එයාට ඩ්ධ්ඍ වගේ දරුණු රෝගයක් වැළඳී නොතිබුණේ නැහැ.

මෙහි එන සියලු නම් ගම් මනංකල්පිතයි