සිරුරේ ඉන්ද්රියයන් ගණනාවකට බැට දෙන දුම්වැටිය
සිරුරේ ඉන්ද්රියයන් ගණනාවකට බැට දෙන දුම්වැටිය
හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
රුවන් ඒකනායක
හෘදයාබාධ වැළැඳීම පිණිස උපකාරී වන ප්රවේණිමය භූමිකාවක් නොමැති පුද්ගලයකු දුම්වැටි
රාශියක් ඉරුවත් හෘදයාබාධයක් නොවැළැඳී බේරෙන්නට පුළුවන.
හෘද සංසරණ පද්ධතිය
* දුම්වැටි උරන්නන් හෘද රෝග නිසා මිය යෑම (දුම් උරන්නේ නැති අය හා සසඳන විට) දෙ
තුන් ගුණයෙකි
* දුම්වැටි උරන්නන්ට හෘදයාබාධයක් වැළැඳීමේ අවදානම 70% කින් වැඩිය.
* සිගරැට්වල ඇති නිකොටින් නිසා හෘද ස්පන්දනය අධික වෙයි. රුධිර පීඩනය ඉහළ යයි. ලේ
කැටි ගැසීම වැඩි වේ. රුධිර කොලෙස්ටරෝල් ඉහළ යයි. හිතකර එච්.ඩී.එල්. අංශු අඩු වේ.
ෆයිබ්‍රිනෝජන් නම් වූ රුධිර කැටි ගැසීම් සාධකය වැඩි වේ.
* හදවතට ලේ සැපැයුම අඩු වේ
* අංශභාගය වැළැඳීම වැඩි වේ.
* ගාත්රාවල රුධිර නාල හීන් වී රුධිර හීනතාව නිසා කකුල් වල තුවාල ආදිය ඇති වීම වැඩි
වේ.
* හෘද රෝග සඳහා දෙනු ලබන ඖෂධවල ඖෂධීය බලය අඩු වේ.
ශ්වසන පද්ධතිය
* පෙනහලු පිළිකා ඇති වීම දස ගුණයෙකින් වැඩි වේ
* ස්වරාලයේ පිළිකා සුලබ වේ
* නිදන්ගත බ්රොන්කයිටීසියාව (ශ්වාස නාලිකා ප්‍රදාහය) අධික වේ.
* එම්පිසිමියාව නම් වූ පෙනහලු ගර්ත බිඳී යාමේ රෝගය අධික වෙයි.
ජීර්ණ පද්ධතිය
* මුඛ කුහරයේ පිළිකා වැඩි වේ
* දිව, විදුරු මස යන තැන් වල ආසාදන වැඩි වේ.
* ආමාශයෙන් ගලනාලයට අම්ල ද්‍රව්‍ය පෙරළා නැගීම වැඩි වේ
* උගුරේ පිළිකා වැඩි වේ
*
ග්‍රහණියේ තුවාල ඇති වීම වැඩි වේ
* ග්‍රහණියේ ඇති වන තුවාල සුව වීමට ගත වන කාලය දුම් උරන්නන් සම්බන්ධයෙන් දීර්ඝය. එම
තුවාල වලින් ඇති වන මරණ සංඛ්‍යාව ද වැඩි වේ.
විශේෂයෙන් සැලකිය යුතු කරුණු
* හෘදයාබාධ වැළැඳීම පිණිස උපකාරී වන ප්රවේණිමය භූමිකාවක් නොමැති පුද්ගලයකු
දුම්වැටි රාශියක් ඉරුවත් හෘදයාබාධයක් නොවැළැඳී බේරෙන්නට පුළුවන.
* එහෙත් හෘදයාබාධ සඳහා නැඹුරුතාවක් දක්වන ප්රවේණිමය භූමිකාවක් ඇති පුද්ගලයකු දවසක
දී උරන දුම්වැටි ප්‍රමාණය අඩු වුව ද හෘදයාබාධයකට පාත්‍ර වීමට පුළුවන.
* ප්රවේණිමය භූමිකාව හෙළි වනුයේ හෘදයාබාධයක් වැළැදුණු විටය. එවිට ප්‍රමාද වුණා
වැඩි යි. එබැවින් සියලු දෙනා දුම්වැටි ඉරීමෙන් වැළැකී සිටිය යුතුය.
බහිස්ස්‍රාව පද්ධතිය
අග්න්‍යාශ පිළිකා වැඩි වීමක් දක්නට ඇත.
වෘක්ක මුත්‍ර පද්ධතිය
* වකුගඩුවේ පිළිකා වැඩි වේ.
* මුත්‍රා වාහිනී වල පිළිකා වැඩි වේ
* මුත්‍රාශයේ පිළිකා වැඩි වේ
* පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා වැඩි වේ
ප්‍රජනක පද්ධතිය - ගැබ්ගත් ස්ත්‍රීයක දුම්වැටි උරනුයේ නම්
දරුවාගේ උපත් බර පහත වැටෙයි (දරුවා කුඩා වේ)
පෙකණි වැලේ ධමනියේත් ශිරාවේත් විකෘතිතා ඇති වේ
වැදෑමහේ නාලිකාවල විකෘතිතා ඇති වේ
ගබ්සා වැඩි වේ
සංජානනීය හෘද රෝග ඇති වීම වැඩි වේ
උපත් පාලන පෙති ගන්නා ස්ත්‍රියක දුම් උරනුයේ නම් අධික පීඩනය ඇති වීමේ අවදානම වැඩි
වෙයි.
පියා දුම්වැටි උරන්නේ් නම්,
* ශුක්‍රාණුවල ඇති ඩී.එන්.ඒ අණුවල විකෘතිතා ඇති වීමට පුළුවන. ඒ අනුව සංජානනීය හෘද
රෝග, උඩු තොල බෙදී තිබීම ආදී විකෘතිතා ඇති වේ.
ලිංගික අප්‍රාණික භාවය වැඩි වේ.
ගෙදර පරිසරයේ නිතර දුම් බොනු ලැබේ නම්,
* ඒ නිවසේ දරුවනට වසා ගැට පිළිකා හා ලියුකේමියාව නම් වූ සුදු රුධිරාණු පිළිකා ඇති
වීම වැඩිය.
* දරුවන් ගේ මානසික වර්ධනය මාස කිහිපයකින් පසු බා සිටී
අස්ථි පද්ධතිය
* අස්ථි වෛවර්ය්යය (ඔස්ටියෝපොරෝසියාව) නම් වූ ඇට කටු බොල් වීමේ රෝගය ඇති වීම දෙගුණ
වෙයි.
* නිකොටින් වලට මානසික හා කායික ස්නායු පද්ධතිය ඇබ්බැහිවීම ඇති වේ. එවිට දුමිවැටිය
නැතිවම බැරි වේ.
*
කාබන් මොනොක්සයිඩ් විෂ වීම කරණ කොට ගෙන හිසරදය, වමනය, කරකැවිල්ල, වලිප්පුව, සිහි
නැති වීම යනාදිය ඇති විය හැකිය.
* අක්ෂි කපාල ස්නායුවට විෂ වීම නිසා අන්ධතාව ඇති විය හැකිය.
|