'කුඩු'ගහන්න ඇඟ විකුණලා

'කුඩු'ගහන්න ඇඟ විකුණලා

මේ සෙල්ලමට වැඩි ආයුෂ තිබුණේ නැත. සුරංගනීගේ සැමියා කුඩුත් සමඟම පොලිසියට මාට්ටුවිය. ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත වුණේ කාලෙකින් එළියට ඒමට බැරිවන විදියටය.

සැමියා හිරේ විලංගුවේ වැටීමත් සමඟම සුරංගනීටද නරක කලදසාව ලැබිණි.

කවදාවත් රස්සාවක් නොකළ සුරංගනී ඉන්පස්සේ අවුලෙන් අවුලට පත්වූවාය. දරු පැටියාට තිබිච්ච ආදරේට වඩා ඉහවහ යන තරමට සුංගනීට කුඩු ඕනෑ විය. කුඩු ගහන්න සල්ලි අවශ්‍යය. ඇයට කුඩු නැතිව ඉන්නට බැරිවිය. මේ නොඉවසිල්ල නිසාම සැමියාගේ මව ළඟ දරු පැටියා තනිකර දමා සුරංගනී මහ පාරට බැස්සාය.

සියල්ල අත්හැර බෝඩිම් කාමරයක නැවතුණු සුරංගනී ඉන්පසු අලුත්ම රස්සාවකට ගියාය. ඒ ඇඟ විකුණන්නටය. ඇය එහෙම කළේ කුඩු බොන්න සල්ලි සොයාගන්නටය. අන්තිමට සුරංගනීගේ නම ද කුඩු සප්ලයිකරන කට්ටියගේ ලැයිස්තුවට ද එකතුවෙන්නේ ජීවිතයම කුඩේ කුඩු කරගෙනය.

ඇඟ සළෙලුන්ට විකුණා ඉන් ලැබෙන මුදලින් මත් කුඩු පානය කරමින් තොටලඟට ගොස් කුඩු රැගෙන එන ඇය ඒවා විකුණමින් ආදායමක්ද උපයා ගත්තාය.

පිරිමි ලගින තිප්පොලවල්වලටම ගොස් කුඩු විකුණන රූමත් සුරංගනී එනකල් ඒ මඟ බලා සිටින කාමාතුරයන් සුරංගනීගෙන් කුඩු රැගෙන සුරංගනීවත් ආදරයෙන් ළංකර ගත්තේ ඇය අත වැඩිපුර මුදලක් රඳවමින්ය.

අවුරුදු හය හතක් තිස්සේ තනියෙන් බියගම අවට ගණිකාවන්ට පවා සුරංගනී කුඩු බෙදා දුන්නාය. ඉන් ලැබෙන මුදලින් කුඩු බීවා හැරෙන්නට ඇය ඉපයූ දෙයක් නැත. සුරංගනී කුඩු විකුණන්නේ තමන්ගේ කුඩු වේලත් ඒ හරහා පිරිමහ ගන්නා ගමන්ය. ඇයට බීමට පමණක් දවසකට රුපියල් පන්දාහකටත් වඩා කුඩු අවශ්‍යය. හැම තැනින්ම කුඩු පොලිසියට හසුවුවද සුරංගනීගේ කුඩු ජාවාරම පොලිස් ඇසට කොටු වූයේ නැත. එනිසා සුරංගනී කරදරයක් නැතිවම කුඩු විකිණීම කරගෙන ගියාය. කිසිවකු ඇය ගැන සැකයක් ඇති කරගත්තේ නැත. හැඩට ඇද පැළඳගෙන මඟට බැස්සාම සුරංගනී ඇත්තටම සුරංගනාවකි. මේ බව බියගම අවට හුඟ දෙනෙක් දැන සිටියහ. කුඩු විකිණීම හැරෙන්නට අධික මිලක් අයකරමින් ධනවතුන් සමඟ යහන්ගතවන ඇය ඉන්ද හොඳ මුදලක් උපයාගත්තාය.

කාලයක් තිස්සේ සුරංගනීගේ ජීවිතේ මෙලෙස ගෙවී ගියාය. මේ වැඩ සඳහා සුරංගනී සමඟ ගමන් බිමන් යන ත්‍රීවීලර් රියැදුරන් කිහිපදෙනෙකුද වූහ. ඔවුහුද ඒ යන එන හැම ගමනක් සඳහා හොඳ ආදායමක් උපයා ගත්හ.

කවමදාකවත් පොලිසියට මාට්ටු නොවී කුඩු ජාවාරම කළ සුරංගනීගේ කැරැට්ටුව සපුගස්කන්ද පොලිසියට දැනගන්නට ලැබෙන්නේ ඇය ගමන් ගත් ත්‍රිරෝද රථයක් නතරකොට පරීක්ෂා කිරීමෙන් පසුවය.

ඒත් නිලධාරින්ට බැලූ බැල්මට ඇය ගැන සැකයක් ඇති නොවීය. සුරංගනී දිහා බැලූවිට ඇය ගැන කිසිවකු සැකයක් ඇති කරගත්තේ නැත. ඇය ඒතරම්ම හැඩකාරය. ඒත් පොලිසියට ලැබුණු ඔත්තුවද බොරු එකක් නොවන බව නිලධාරිහු දැන සිටියහ. ඒ ඔත්තුවට අනුව නිලධාරීහු ඇය ගමන් ගත් ත්‍රිරෝද රථය සෝදිසි කළහ. ඉන් අනතුරුව ඇය සතු ජංගම දුරකථනය පිරික්සීය. ඇය ජංගම දුරකථනය තුළ කුඩු ගුලියක් සඟවාගෙන සිටියාය. නිලධාරීන් ඒ ගැන විමසද්දී ඇය ඉන් කලබලයට පත්වූවාය. ් නිලධාරින් ද ඇය අත්හැරියේ නැත. අල්ලාගත් කුඩු මිලිග්‍රෑම් 10 ත් සමඟ සුරංගනී පොලිසියට කොටුවූයේ මුල් වරටය.

එතැන් පටන් සුරංගනීගේ ජීවිතේ අලගිය තැන්හොයන්නට නිලධාරීහු පියවර ගත්හ. අවසානයේ හෙළිවූයේ විසිතුන් හැවිරිදි වුවත් ඇය ඒ වන විටත් තවත් දරුවකු බිහිකර ඇති බවය.

"කෝ ඒ දරුවා."

"මං ඒ දරුවා බියගම කලාපේ වැඩ කෙරුව ළමයි නැති ජෝඩුවකට හදා ගන්න දුන්නා සර්. ඒත් දැන් එයාලා බියගමත් නැහැ. ළමයත් අරන් කොහෙදෝ ගිහින්..."

කුඩු නිසා මුළු ජීවිතයම විනාශ කරගත් ඇය දරු සෙනෙහසද අහිමි කරගෙන සිටියාය. වියළී ගිය හඬින් ඇය නිලධාරින් ඉදිරියේ තමා මේ තත්ත්වයට පත්වූ අන්දම කීවාය.

"මටත් මේ අපායෙන් ගොඩ එන්න ඕනකම තියෙනවා සර්. මං වැඩකට යන්නේත් කුඩු පැකට් දෙකක්වත් බීලා. නැතිනම් ඇඟට පණ නෑ වගේ. මට මේ අපායෙන් ගොඩ එන්න පුළුවන් වෙයිද සර්..."

අධිකරණයට ඉදිරිපත් කිරීමට මත්තෙන් ඇය පොලිස් නිලධාරින් අමතා විමසන්නට වූවාය.

කැලණිය භාර පොලිස් අධිකාරී උපාලි ජයසිංහ සහ පොලිස් අධිකාරී මදාරා ආරියසේනගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලින්ටන් ද සිල්වා සමඟ උප පරීක්ෂක දෙහිදෙනිය කොස්තාපල්වරුවන 68475 කුමාර, 78311 ජීවන්ත, 77113 හේරත් ආදීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශනවල නිරතව සිටියහ.