“දැයට කිරුළ” ප්‍රදර්ශනය.


කොළඹින් පිටත පළමු වරට පැවැත්වෙන “දැයට කිරුළ” ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (04) දා පස්වරුවේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ පල්ලේකැලේ දී විවෘත කැරිණි. සිවුවැනි වරට සංවිධානය කෙරෙන මේ ප්‍රදර්ශනය ලබන 10 දා තෙක් පැවැත්වෙන අතර “පැළඳ එක කිරුළක් – නැවුම් හෙට දවසක්” යන්න තේමා පාඨය කැරගෙන ඇත.


ඡායාරූපය - සුදත් මලවීර




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


විපක්‍ෂනායක සහ ඡන්ද කොමසාරිස් මැතිවරණය සාධාරණ යැයි පිළිගෙන තිබියදීත්

බේගල් ඇදබාන ෆොන්සේකා
ප්‍රජාතන්ත්‍රවාදය වළ දමනවා

සාමකාමී හා සාධාරණ මැතිවරණයක් පැවැති බවට මැතිවරණ කොමසාරිස්වරයා සහ විපක්‍ෂනායකවරයා කළ ප්‍රකාශ පිළිනොගන්නා සරත් ෆොන්සේකා මහතා ප්‍රමුඛ කණ්ඩායම, බලයට පැමිණියේ නම්, මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදය සහ බහු පක්‍ෂ ක්‍රමය වැළලී යන බව, තොරතුරු ජනමාධ්‍ය හා ව්‍යවසාය සංවර්ධන ආයෝජන ප්‍රවර්ධන ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය. මැතිවරණය සම්බන්ධයෙන් අසත්‍ය කටකතා ප්‍රචාරය නොකර ඊට අවශ්‍ය නීතිමය පියවර ගත හැකි යැයි ද ඇමැතිවරයා කීය.

විස්තර »

රාජ්‍ය මාධ්‍ය සිය වගකීම නිසි අයුරින් ඉටු කළා

- ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මාධ්‍ය සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව තොරතුරු හා ජනමාධ්‍ය ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. රාජ්‍ය මාධ්‍ය සියලු කටයුතු කෙළේ මාධ්‍ය ආචාර ධර්ම රැකෙන අයුරින් සිය සීමාවේ හිදිමින් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එළැඹෙන මැතිවරණයේදී විපක්ෂයේ ප්‍රචාරක කටයුතු ආවරණය කිරීමට රාජ්‍ය මාධ්‍යවලට අවස්ථාව ලබා දෙන්නේ නම්....

විස්තර »

ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ
වැටුප් සහ දීමනා තවත් ඉහළට

- ඇමැති දිනේෂ් ගුණවර්ධන

ආරක්‍ෂක හමුදා සාමාජිකයන් ගේ වැටුප් හා දීමනා තව තවත් වැඩි කිරීමට රජය පියවර ගන්නා බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) ප්‍රකාශ කෙළේ ය. ත්‍රස්තවාදය නිමා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ සේවය කිසිසේත්ම අවතක්සේරු නොකරන බව ද ඔවුන් ගේ වරප්‍රසාද තව තවත් තහවුරු කරන බව ද ඇමැතිවරයා කීවේය.

විස්තර »

කලාකරුවෝ දෙපොළක් අභාවප්‍රාප්ත වෙති

එච්. ඒ. පෙරේරා

ප්‍රවීණ රංගණ ශිල්පී එච්. ඒ. පෙරේරා මහතා පෙරේදා (04) අභාවප්‍රාප්ත විය. කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගියේ දරුණු පිළිකා රෝගයක් හේතුවෙන් වන අතර මිය යන විට 58 වැනි වියේ පසු විය.

පතිරාජ එල්. එස්. දයානන්ද

ප්‍රවීණ කලා ශිල්පී පතිරාජ එල්. එස්. දයානන්ද මහතා අභාවප්‍රාප්ත විය.  මිය යන විට 65 වැනි වියෙහි පසු වූ ඒ මහතා රංගන ශිල්පියකු, අධ්‍යක්‍ෂවරයකු මෙන්ම නාට්‍ය ශිල්පියකු වශයෙන්ද ප්‍රකටව සිටියේය.

විස්තර »

සන්ධානය මහ ඡන්දයෙන් ජයගෙන ආසියාවේ
ඉහළම තැනට රට ගේනවා

- පළාත් සභා මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම

ඉදිරියේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය තරග වදින්නේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කොට, ආසියාවේ දිදුළන රට බවට අපේ රට පත්කිරීමට යැයි බද්දේගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක හා දකුණු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවැසීය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .