ජනාධිපති ට ගෞරව ආචාර්ය උපාධියක්..... 


 

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට ඉටු කළ මහඟු සේවාව අගයමින් රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය, (කලින් ලුමුම්බා විශ්වවිද්‍යාලය) මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පෙරේදා (07) ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබීය. විශ්වවිද්‍යාලයේ පනස් වැනි සංවත්සරයේ දී එහි කුලපති මහාචාර්ය පිලිපොව් මහතා ගේ ප්‍රධානත්වයෙන් මේ ආචාර්ය උපාධිය පිරිනැමූ අවස්ථාවයි මේ.

ඡායාරූපය - සුදත් සිල්වා




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


සියලු ජාතීන් එකතු කිරීම
මගේ දේශපාලන දර්ශනයයි

රුසියානු මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් පිරිනැමූ
ගෞරව ආචාර්ය උපාධිය පිළිගනිමින් ජනපති කියයි

ත්‍රස්තවාදයෙන් මුදාගෙන එක්සේසත් කළ මාතෘ භූමියේ වෙසෙන සියලු ජාතීන් අධ්‍යාපන හා සංස්කෘතිකමය වශයෙන් යළිත් ඒකරාශී කිරීම සිය දේශපාලන දර්ශනය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.සිය වසර හතළිහක දේශපාලන ජීවිතයේ දැඩි අධිෂ්ඨානය වූයේ ශ්‍රී ලංකා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසයට සුබවාදී ප්‍රතිචාර දැක්වීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය. දේශය එක්සේසත් කිරීමෙන් පසු ජනතාවගේ මානසික වේදනා සුවපත් කිරීමට තමන්ට හැකි වෙතැයි විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ද විශ්වාසය එයම යැයිද කීවේය.

විස්තර »

එජනිස අපේක්ෂකයන් තෝරා ගැනීමේ
සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

සුදුස්සන් තෝරා ගන්න පරීක්ෂණ මණ්ඩල තුනක්

මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (8) සහ හෙට (9) දිනවල පැවැත් වෙයි. අපේක්ෂකත්වය සඳහා අයැදුම් කළ අයදුම්කරුවන් අතරින් සුදුස්සන් පළාත් මට්ටමින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල තුනක් මගින් තෝරා ගැනෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා “දිනමිණ”ට පැවැසීය.

විස්තර »

මහ මැතිවරණයට එජාපය එලවා දැමූ
අලියා නැවත කැඳවයි

මහ මැතිවරණයේ දී අලියා හැර වෙන ලකුණකින් තරග නොකිරීමේ තීන්දුවකට එක්සත් ජාතික පක්ෂය එළඹ තිබේ. මේ තීන්දුව මේ මස 11 දා විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පවත්වා එහි දී අනුමත කරවා ගැනීමටද පක්ෂය තීන්දු කර ඇත.

විස්තර »

ගම්පොළ විහාරාධිපති ඝාතනයට
සැක දෙදෙනා 12 දා තෙක් රිමාන්ඩ්

ගම්පොළ තැඹිලිගල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ විහාරාධිපති හිමියන් සහ තවත් අයකු අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකැර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා මේ මස 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ අතිරේක දිසා විනිසුරු විරාජ් බණ්ඩාර රණතුංග මහතා ඉකුත්දා (5දා) නියෝග කෙළේ ය.

විස්තර »

දින හතරක දී ලක්‍ෂ හතක් ‘දැයට කිරුළ’ නරඹලා

තවත් දින දෙකකින් දීර්ඝ කෙරේ

මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන සිවුවැනි දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනය, ගතවූ දින හතර තුළදී ලක්ෂ 7 කට ආසන්න පිරිසක් නරඹා ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි. සති අන්තය වූ සෙනසුරාදා හා ඉරිදා යන දෙදිනදී ලක්ෂ 03කට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නරඹා තිබෙන බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පවසයි. මේ මස 10 වැනි දින දක්වා පැවැත්වීමට තීරණය කැර තිබෙන ප්‍රදර්ශනය තවත් දින කිහිපයක් දීර්ඝ කරන ලෙසට ඉල්ලීම් රැසක් ලැබී තිබෙන බව රාජ්‍ය ආදායම් සහ නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .