දිවයිනේ ප්‍රදේශ රැසක ගංවතුර.....

 

ගංවතුර තත්ත්වය නිසා ආපදාවට පත්වී සිටින මහජනතාවට අවශ්‍ය ආධාර ලබා දීමටත්, ජීවිත ආරක්ෂාව සලසා දීමටත් නාවික හමුදා බෝට්ටු 22ක් සහ කණ්ඩායම් 23ක් තවදුරටත් නාවික මෙහෙයුම්වල නිරත වෙමින් සිටී.

 

විස්තර »




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ඡන්දය නැති බව දැන දැන මැතිවරණයට තරග කළා

ජෙනරල්ගේ මන්ත්‍රීධුරය අහෝසි කරන්න

හපුතලේ ඡන්ද දායකයකුගෙන් පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 ව්‍යවස්ථාව අනුව සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුස්සෙකු නොවන හෙයින් ඔහුගේ මන්ත්‍රීධූරය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හපුතලේ, රත්මලේ ඉහළ කොටසේ පදිංචි ආනන්දන් මොහන්දාස් මහතා අභියාචනාධිකරණය හමුවේ ........

විස්තර »

බෙහෙත් හිඟය දින 10කදී
සම්පූර්ණයෙන් මඟ හරවනවා

ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නෑ

ඖෂධ මාෆියාවටත් මුහුණ දීමට සිදු වෙලා

සුව ඇමැතිගෙන් ප්‍රතිඥා

ඉදිරි දින දහය ඇතුළත මෙරට ඖෂධ හිඟය සම්පූර්ණයෙන් මඟහැරවීමට කඩිනම් පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.මීට මාසයකට පමණ පෙර ඖෂධ හිඟයක් පැවැති බව තමා පිළිගන්නා බව පැවැසූ ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට ඖෂධ හිඟය සියයට 90ක්ම මඟ හැරවීමට හැකිවී ඇතැයි ද ප්‍රකාශ කෙළේ ය.

විස්තර »

මහා මාර්ග නඩත්තුවට
පොදු වැඩපිළිවෙළක් ඕනෑ

මහා මාර්ග සංවර්ධනයේ නිසි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට නම් විධිමත් මහා මාර්ග පද්ධතියක් පවත්වා ගෙන යාමට සහ ඒවා නඩත්තු කිරීමට සියලු පාර්ශ්ව පොදු වැඩපිළිවෙළකට එළඹිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.වැසි ජලය බැස යාමට විධිමත් කාණු පද්ධතියක් නොතිබීම හේතුවෙන් සිදුව ඇති මාර්ග අවහිරතා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කාණු පද්ධති, විදුලි ආලෝකය ඇතුළු යටිතල පහසුකම් ද වර්ධනය කළ යුතු බවයි.

විස්තර »

අවතැන්වූවන් වෙනුවෙන් සහන කඳවුරු 39ක්

ගංවතුර මරණ 17 ට නඟී

දිසා 8ක ලක්ෂ 5 ක් අනාථයි

අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (19) වන විට දිස්ත්‍රික්ක අටක ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන් වී පුද්ගලයන් 17 දෙනෙකු මරුමුවට පත්වී තිබේ.ගංවතුර හේතුවෙන් නිවාස 137 ක් සම්පූර්ණයෙන් විනාශවී ගොස්, තවත් නිවාස 715 කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිල මහතා “දිනමිණට” පැවසීය.

විස්තර »

රත්නපුරේ ප්‍රදේශ රැසකට
හදිසි ආපදා තත්ත්වයක්

දැඩි වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හදිසි ආපදා අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.රත්නපුර, පැල්මඩුල්ල , කුරුවිට, අයගම, ඇළපාත, නිවිතිගල, ඇහැලියගොඩ යන ප්‍රදේශවල ගංවතුර හා නාය යෑම් තත්ත්වයක් ඇති විය හැකි බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා ‘ දිනමිණ’ ට පැවසී ය.

විස්තර »

නාරද දිසාසේකර අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ නාරද දිසාසේකර මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත විය. සරසවි සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ගායකයා වූ දිසාසේකර මහතා නවක රංගන ශිල්පි සාරංග දිසාසේකරගේ පියාණන් ය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ කාර්මික ශිල්පියකු ලෙස ද පසුව සංගීත අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙන් ඔහු කටයුතු කෙළේය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

 
ප්‍රභා නැතුව අවුරුද්දක් ගෙවී ගියේ
තබා ඔහුව මල් පුදනා තැන්ද තියේ
සබා ගැබෙත් තවමත් කොටි පුල්ලි තියේ
ලබා උපන් හැටි මේක ද මගේ දැයේ