DCD අවුල ලිහාගන්න රජය සමඟ එක්ව කටයුතු කරනවා

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්
නිවේදනය කරයි

ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය විසින් ෆොන්ටෙරා කිරිපිටි නිෂ්පාදනවල ඩී. සී. ඩී. අඩංගු බවට ඉදිරිපත් කර ඇති වාර්තාව නිවැරැදි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම ඊයේ (7) නිවේදනය කෙළේය.

විස්තර»

ප්‍රවීණ නිළි සීතා කුමාරි මිය යයි

ප්‍රවීණ‍ ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී සීතා කුමාරි මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.මිය යන විට 75 වන වියේ පසු වූ ඒ මහත්මිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසකට සිය ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය සපයා තිබේ.

විස්තර»


වර්තමානයේ රට තුළ සිදුවන සංවර්ධනය ආශ්චර්යයක් වන්නේ රටට, දරුවන්ට ආදරය කරන අයට පමණි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 අගෝස්තු 05 වනදා, කොළඹ දී



ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සියාම්ගේ ඝාතනයට

රවිඳු අත්අඩංගුවට

* පැපිලියානේ නිවසක සැඟවී සිටියදී කොටු වෙයි

* ඝාතනයට යොදාගත් ගිනි අවිය සොයාගෙන නෑ

* පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පවසන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුතු රවිඳු ගුණවර්ධන නමැත්තා අය ඊයේ අලුයම පැපිලියාන ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අංක 62 මයුර මාවත, පැපිලියාන නිවසේ රැඳී සිටියදී රහස් පොලිසිය සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් අසාබ්දීන් මොහොමඩ් සියාම් නැමැත්තා ඉකුත් මැයි මස 23 වන දින වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර පාළු ප්‍රදේශයක දැමීමේ අපරාධය සම්බන්ධයෙන් අන්ද්‍රා වාස් පටබැඳි රවිඳු ගුණවර්ධන නමැත්තාටද චෝදනා එල්ල වී තිබිණ.

විස්තර»

ගුණාත්මක ටෙලිනාට්‍ය ප්‍රදර්ශනයට ක්‍රමවේදයක් සැකසීමට ජනපති අවධානය

ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය සඳහා රූපවාහිනී නාලිකා වෙත ඉදිරිපත් කිරීමේදී ඒවායේ ගුණාත්මකභාවය රඳවා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කෙරේ.මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණේ කලාකරුවන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (06) පැවැති සාකච්ඡාවකදීය.විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු කලාකරුවන් තම කටයුතු කරගෙන යාමේදී මුහුණ දෙන ගැටලු සහ පොදුවේ කලාකරුවන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදි ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ.

විස්තර»

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ යුවළ නමින්

රුහුණු සරසවියේ කෘෂි ඉංජිනේරු විද්‍යා පළමුවැනියාට රන් පදක්කමක්

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මහත්මිය වන දෝන දන්දිනා සමරසිංහ දිසානායක නමින් රුහුණු විශ්වවිද්‍යාලය විසින් කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යා රන් පදක්කමක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.‍රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සහ සමාජ සේවා පදනමේ උප කමිටුවක් වන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ දේශන කමිටුව මේ පදක්කම පිරිනමනු ලැබේ.මේ රන් පදක්කම පිරිනැමීම ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 108 වැනි ජන්ම සංවත්සරය යෙදුණු 2013 මාර්තු 30 නිමිති කොට ගෙන 2014 වසරේ සිට නොකඩවා සෑම වසරකදීම සිදු කිරීමට කටයුතු යොදා ඇත.

විස්තර»

සෙන්පති කොබ්බෑකඩුව මියගොස් වසර 21යි

රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ දැවැන්ත සටනක යෙදී අවසානයේ රට වෙනුවෙන් දිවි පිදූ අභීත සෙන්පති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්‍රමුඛ ශ්‍රේෂ්ඨ රණවිරුවන් 10 දෙනකු දිවි පුදා අදට (08) වසර 21ක් සපිරේ.1992 අගෝස්තු 08 වැනිදා පෙරවරු 10.00ට පමණ යාපනය අරාලිතුඩුවේදී මෙම මහා ඛේදවාචකය සිදු විය.

විස්තර»

කිරි පිටි දැන්වීම් ප්‍රචාරය තහනම්

විද්යුත් මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ට දන්වයි

සියලුම කිරිපිටි වර්ගවල දැන්වීම් ප්‍රචාරය නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. කිරිපිටි දැන්වීම් පළ කිරීම අත්හිටුවන ලෙස සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.1980 අංක 26 දරණ ආහාර පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරී ඇති බලතල යටතේ ආහාර උපදේශක කමිටුව සමඟ සාකච්ඡා කර මේ තීරණය ගෙන තිබේ.

විස්තර»

කුලියට ගත් වාහන 1000ක් හොර ලියවිලි
හදා විකුණලා

වාහන කුලියට ගන්නා ආයතන සහ ඒවා කුලියට ලබා ගන්නා ඇතැම් පුද්ගලයන් ජාවාරමක් ලෙස එම වාහනවල හිමිකම් වෙනස් කර හොර රහසේ අලෙවි කිරීම නිසා වාහන හිමියන් දහසකට වැඩි පිරිසකට පසුගිය කාලය තුළ වාහන අහිමි වී තිබේ.මේ සම්බන්ධව රහස් පොලිසිය කොළඹ අපරාධ කොට්ඨාසය, විශේෂ අපරාධ මෙහෙයුම් අංශ යන දිවයිනේ පොලිසි ගණනාවකටම ලැබුණු පැමිණිලි මත පරීක්‍ෂණ සිදු කෙරේ.වාහන කුලියට ගෙන ඒවා වෙනත් පුද්ගලයන්ට කුලියට ලබා දෙන මුවාවෙන් එම වාහන අලෙවි කිරීමේ සහ වාහන කුලියට ගන්නා ප්‍රසිද්ධ ආයතන රැසක්ම මේ ජාවාරම සිදු කර තිබේ.

විස්තර»

හරීන් ප්‍රනාන්දුගෙන් මිලියන 500ක් ඉල්ලා දයාසිරි නඩු මගට

පදනම් විරහිතව සිදුකරන අපහාසාත්මක චෝදනා සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500ක් ඉල්ලා නඩු පවරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා කීය.පදනම් විරහිත චෝදනා නොකර හරීන් කළ යුත්තේ අල්ලස් කොමිෂමේ පැමිණිල්ලක් කිරීම බවද ඒ මහතා පැවසුවේය.දයාසිරි ජයසේකර මහතා මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

විස්තර»



කලාකරුවන්ට බලපාන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (06) පැවැත්විණ. එහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින්. ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ටී.බී. ඒකනායක, කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය - සුදත් සිල්වා






 

තරගෙට එන නොඑන මැතිවරණයට මෙම
හංවඩු ගහනු කිම එක මිනිහෙකුගෙ නම
පෙන්වා රටට හැකිකම තම සුදුසුකම
ගහ බැණ නොගෙන සුරකිමු අප ජනිත බිම