පරම විඥානාර්ථ සමාගම බෞද්ධ උරුමයක් වෙයි

අභිමානවත් ඉතිහාසයක් ඇති කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම දැනට ඇතිවී තිබෙන බරපතළ ගැටලුව විසඳා බෞද්ධ උරුමයක් වශයෙන් එය මහජනතාව වෙත ලබාදීමට....

විස්තර»


ගුල්ලන් ගැසූ සහල් කිලෝ 85000

වේයන්ගොඩ ආහාර ගබඩාවකින් සොයා ගැනේ

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරින් විසින් ඊයේ (30) දින සිදුකළ වැටලීමක දී....

විස්තර»



 ඔබ ඇතුළු විය යුත්තේ කොළඹ ව්‍යාපාරික ලෝකයට නොව ජාත්‍යන්තර ව්‍යාපාරික ‍ෙලා්කයටයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 ජනවාරි 27 වැනිදා, හම්බන්ෙතාටදී





ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

හෝමාගම-කැස්බෑව-බුලත්සිංහල-මාතර-හිඟුරක්ගොඩ-හඟුරන්කෙත-ඉඹුල්පේ-දමන

අයවැය පැරදුණු ප්‍රා. සභා 8කට දිගටම වැඩ කරන්න උසාවියෙන් ඉඩ

මාර්තු 31දා තෙක් අලුතින් සභාපතිවරු පත්කිරීමට බෑ

උප සභාපතිවරුන් 3කට සභාපති පුටු දිගටම

හෝමාගමට-දමනට පනවා තිබූ තහනම් නියෝග දික් කරයි

දැන්වීම් නොලැබුණු වගඋත්තරකරුවන්ට නොතීසි

2014 අයවැය පරාජයට පත් වූ ප්‍රාදේශිය සභා අටක කටයුතු දැනට පවතින අයුරින්ම මාර්තු 31 දක්වා නොවෙනස්ව පවත්වා ගෙන යා යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) නියම කළේය. එතෙක් එම සභාවලට අලුතින් සභාපතිවරුන් පත් කිරිම හෝ ඉවත් කිරිම නොකළ යුතු යැයි ද නියම විය.

විස්තර»

ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව තහවුරු කරනවා

දෙරටෙන් සහතිකයක්

ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව සහතික කිරීමට සියලූ පියවර ගන්නා බවට ඉන්දු - ශ්‍රී ලංකා රජයන් සහතික වෙයි. ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා නවදිල්ලියේදී ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඉන්දීය සාගරයේ.....

විස්තර»

බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමැති හියුගෝගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා

රජය අවධාරණය කරයි

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා‍ව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවී නැති බවට විදේශීය හා පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමැති හියුගෝ ස්වයිර් කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි. එම ප්‍රකාශය ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය අවතක්සේරු කිරීමක් බව ඛණිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

සියලු සංගම් බලය ගැන නොසිතා ක්‍රීඩාවේ උන්නතියට වැඩ කළ යුතුයි

ජනපති

කුමන ක්‍රීඩා සංගමයක් වුවත් බලය පිළිබඳ නොසිතා ක්‍රීඩාව කෙරෙහි ආදරයක් ඇතිව ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. රජයට අවශ්‍ය වන්නේ ක්‍රීඩාව හරි මාර්ගයේ ගමන් කරනු දැකීමට බව පැවසූ ජනාධිපතිවරයා මලල ක්‍රීඩා, ක්‍රීකට්, රගර්, එල්ලේ, බැඩිමන්ටන් කුමන සංගමයක් වුවත් ප්‍රථමයෙන් ක්‍රීඩාවට ආදරය කළ යුතු බව පැවසීය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ක්‍රීඩා අමාත්‍යංශයේ නව ගොඩනැඟිලි සංකීර්ණය ක්‍රීඩාවේ මහ ගෙදර විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (29) එක්වෙමිනි.

විස්තර»

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ

අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් තෙදිනකට ශ්‍රී ලංකාවට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් තෙදින නිල සංචාරයක් සඳහා අද (31) ශ්‍රී ලංකාවට පැමිණෙයි. එළඹෙන 2දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඇය රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී සංහිඳියාව, වගවීම ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මේ අතර යාපනයේ සංචාරය කිරීමට නියමිත අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය උතුරු පළාත් සභාවේ නිලධාරීන් සහ සිවිල් සංවිධාන නායකයන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත බව එම තානාපති කාර්යාලය කියයි.

විස්තර»

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හා මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා ඉකුත්දා වියට්නාමයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැඩ්න්ග් ටෑන් සෑන් මහතා හමුවූ අයුරු. ගුණසේකර මහතා මේ සංචාරයේ නිරත වූයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙසිනි.

ක්‍රීඩාවේ මහ ගෙදර ජනපතිඳුන් අතින්

විවෘත වෙයි

ක්‍රීඩා අමාත්‍යාංංශයේ නව ගොඩනැඟිලි සංකීර්ණය ක්‍රීඩාවේ මහ ගෙදර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් පෙරේදා (29) විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා ගොඩනැඟිල්ල නිරීක්ෂණය කළ අවස්ථාව. ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර,නියෝජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, සනත් ජයසූරිය මහත්වරු මෙහි වෙති. ඡායාරූපය- චන්දන පෙරේරා.



 


 

වින්නඹු හෙදි දෙගොල්ලටම හැදිලා සූතික රෝගය
සුව ඇමැතිට බාර වෙලා බේත් කරන අභියෝගය
මවුවරුනට ඕන වෙන්නෙ කොයි කාගෙත් සහයෝගය
ඉස්සර වින්නඹු අම්මල යසට කළා ඔය යාගය