බිම්ස්ටෙක් සමුළුවට ජනපති මියන්මාරයට යයි

බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (3) මියන්මාරය බලා පිටත්ව යයි. ජාත්‍යන්තර ත්‍රස්තවාදය දේශ සීමා ඉක්මවා සංවිධානාත්මකව සිදුකරන අපරාධ හා නීතිවිරෝධී ලෙස සිදුකරන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩපැවැත්වීම සඳහා . . .

විස්තර»


බස්නාහිර-දකුණ ඡන්ද පත්‍රිකා හෙට තැපැල් කාර්යාලවලට

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද පත්‍රිකා හෙට (4) දින තැපැල් කාර්යාලවලට යැවෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. මෙම මස 29 වැනි දින පැවැත්වෙන මෙවර පළාත් සභා මැතිවරණයේ ජන්දය භාවිත කිරීම සඳහා . . .

විස්තර»


අපි කටයුතු කරන්නේ හෙට දවස වෙනුවෙනි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 පෙබරවාරි 27 වැනිදා කොටිකාවත්තේ දී.‍





ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

වාහනවල පොත් බණ්ඩල් පිටින් RMV එකෙන් උස්සන 6ක් දැලේ

එක පොතක් රු. 5000 බැගින් විකුණලා

මහ මොළකාරිය 38 හැවිරිදි කතක්

ව්‍යාජව සැකසූ නිල මුද්‍රා රැසකුත් අත්අඩංගුවට

වාහන මිල දී ගැනීමේ දී දැඩි ලෙස සැලකිලිමත් වන්නැයි උපදෙස්

කොළඹ වංචා විමර්ශන අංශයෙන් පුළුල් පරීක්ෂණ

මෝටර් රථයක අනන්‍යතාව සම්පූර්ණයෙන් ඇතුළත් කෙරෙන වාහන පොත් බණ්ඩල් පිටින් සොරකම් කර එකක් රුපියල් පන්දහස බැගින් විකුණන දැවැන්ත වාහන ජාවාරමක කොටස්කරුවකු ලෙස කටයුතු කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරකු ඇතුළු හය දෙනකු කොළඹ වංචා විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කල්ලිය මෙහෙයවා ඇත්තේ ශ්‍රී දේවි සෙල්වදොරේ නොහොත් නජ්ලා අකීල් රෙහානා නමැති 38 හැවිරිදි කාන්තාවකි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු ගණකාධිකාරිනියගේ රියදුරා වූ නා කුලුගමගේ කරුණාසේන නමැත්තා වාහන පොත් දෙපාර්තමේන්තුවෙන් පන්නා මෙම ජාවාරම්කාරියට විකුණා තිබේ. ඇය මෙම වාහන ජාවාරම පමණක් නොව තවත් මූල්‍ය වංචා රැසක් සිදුකර තිබේ.

විස්තර»

පාරිභෝගිකයාට වසවිස කවන

කූට ජාවාරම් මුළුමනින්ම නැවැත්වීමට ලෝක පාරිභෝගික සංවිධානයේ සහාය පතයි

පාරිභෝගිකයාට වස විස කවන කූට වෙළඳ ව්‍යාපාරිකයන්ගේ ජාවාරම් නවත්වා ගැනීමට රජය පාරිභෝගික අධිකාරිය හරහා කරගෙන යන පුළුල් වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කර එම කූට ජාවාරම්වලට සම්පූර්ණයෙන්ම තිත තැබීම සඳහා ලෝක පාරිභෝගික ජාත්‍යන්තර සංවිධානයේ සහයෝගය ලබා ගැනීමටද අදහස් කර තිබේ. ලෝක පාරිභෝගික ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධාන මධ්‍යස්ථානය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබේ. දකුණු ආසියා රටවල ප්‍රධාන මධ්‍යස්ථානය මලයාසියාවේ පිහිටා තිබේ. එම ජාත්‍යන්තර සංවිධානය 1952 ජෝන් එෆ්.කෙනඩි ජනපතිවරයා විසින් පිහිටුවා ගනු ලැබුවේ පාරිභෝගිකයා වස විස කැවීමෙන් සම්පූර්ණයෙන් ආරක්ෂා කර ගනු සඳහාය.

විස්තර»

ශ්‍රී ලංකාව ගැන පිල්ලේගේ වාර්තාවට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාර ඇතුළත් කර නෑ

අද ඇරඹෙන මානව හිමිකම් කවුන්සලයේදී ප්‍රශ්න කිරීමට යයි

‍ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ‍ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය අන්තර්ගත නොකිරීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සලයේදී ප්‍රශ්න කිරීමට රජය සූදානම් වෙයි. තම ශ්‍රී ලංකා සංචාරය අළලා මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් නිකුත්කළ කෙටුම්පත පිළිබඳ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය හරහා ප්‍රතිචාර දක්වා තිබෙන බවද මානව හිමිකම් කවුන්සල සාමාජික රටවල් අතරේ බෙදදුන් එම කෙටුම්පතේ පිටපත් සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය අන්තර්ගතකර නොමැති බවද රජය ප්‍රකාශ කරයි.

විස්තර»

දැයට කිරුළ 2014 බලන්න ලක්ෂ 32ක ජනතාවක්

වැඩිම ජන සහභාගීත්වය ලෙස ඉතිහාසයට

වාර්තාගත ලක්ෂ 32ක ජනතාවක් නැරැඹූ කුලියාපිටිය දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අට වසරක ප්‍රදර්ශන ඉතිහාසයේ වැඩිම ජන සහභාගීත්වයක් ලැබූ ප්‍රදර්ශනය ලෙසින් ඉතිහාසයට එක්වෙයි. අනුරාධපුරය, ඔයාමඩුව ප්‍රදර්ශනයට පැමිණි ලක්ෂ තිහක ජනතාවක් විසින් දැයට කිරුළ ඉතිහාසයේ වැඩිම ජන සහභාගීත්වය ලෙසින් තබා තිබූ වාර්තාව මෙවර බිඳී ගියේය.

විස්තර»

සමාජීය-ආගමික-සංස්කෘතිය මෙහෙය අගයමින් ඇමැති විමල් වීරවංශට ගෞරව නාම

රට, ජාතිය රැකගැනීම වෙනුවෙන් නිර්භීතව ලබාදෙන දායකත්වය හා සමාජීය, සංස්කෘතික, ආගමික වශයෙන් ඉටුකරන සමාජ මෙහෙවර අගය කිරීම සඳහා, මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනැමීම වෙනුවෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට “ ජනහිතකාමී දේශ හිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර ” ගෞරව නාමය මහා සංඝරත්නය විසින් පිරිනැමූහ.

විස්තර»

අනුරපුරයට ආ ජනපතිට සිසුවියන්ගෙන් ආචාර...

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ඵෙතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත් අතර ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයාට පාසල් දැරියන් පිරිසක් ආචාර කළ අයුරු. වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමි, ඇමැතිවරුන් වන තිස්ස කරලියද්ද, එස්.එම් චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන ඇමැති එස්.එම් රංජිත් මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - නලින් හේවාපතිරණ



 


 

සෙනෙට් මන්තිරිවරුන් එ‍කළොස් දෙනෙක් එක්වී අමෙරිකාවේ
ජිනීවා යෝජනා පිළ­ිකෙව් කරති පිල්ලෙගේ වේදිකාවේ
‘කෙරී’ගේ වැඩ කෙරී මානව අහිමිකම් ගැන චූර්ණිකාවේ
එළිය විහිදෙයි අපේ ලක්බිම සත්‍යතාවේ තාරකාවේ