දරුවයි බිරියයි මරා වළලන්න ගෙදර සාලයේ වළක් කපලා

මාසයක් වයසැති සිඟිති දරුවා සහ බිරිය මරා වැළලීමට නිවෙසේ සාලයේ වළක් කපමින් සිටි පුද්ගලයකුඊයේ(28) අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලීසිය පවසයි.

විස්තර»


වියට්නාම ශ්‍රේෂ්ඨ නායක හෝ චි මිං වෙනුවෙන් සමරු මුද්දරයක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) මහතා වෙනුවෙන් සැමරුම් මුද්දරයක් නිකුත් කරයි.

විස්තර»


‘මවුබිම රැකගමු නිදහස සුරකිමු’ එජනිස මැයි රැලිය කැම්බල් පිටියේ දී

‘මවුබිම රැකගමු-නිදහස සුරකිමු’ තේමාව ඔස්සේ දැවැන්ත පෙළපාලියක් හා යෝධ මැයි රැලියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 8 බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු යොදා ඇත.

විස්තර»  


ඉඳිආප්ප පිටි කම්හල් රැසක් ITI පරීක්ෂාවට

රටපුරා විශාල වශයෙන් අලෙවි කෙරෙන ඉඳිආප්ප නිෂ්පාදනයට ගන්නා සහල් පිටිවලට අළුහුණු එකතු කරන බවට ලැබී ඇති තොරතුරු මත පා‍රිභෝගික අධිකාරිය ඊයේ (28) මහා පරිමාණ නිෂ්පාදකයන් රැසකගේ සහල් පිටි සාම්පල් කාර්මික තාක්ෂණික ආයතනය ( ITI) පරීක්ෂාවට යොමු කර තිබේ.

විස්තර»  


සියලු දෙනා අතර අවබෝධය ඇති කිරීම අපගේ අරමුණයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 අප්‍රේල් 25 වැනිදා, රත්මලානේ දී



0


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ශ්‍රීලනිප ආධාරකරුවකු මරා දැමූ වලපනේ එජාප හතක් පෝර‍කයට

’94 මැතිවරණයෙන් පසු කපා කොටා මරා දාලා

තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කරලා

චූදිතයන් නවදෙනාගෙන් 2ක් මිය ගිහින්

වලපනේ නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ දී මෙයට විසි වසරකට පෙර ශ්‍රී. ල. නි. ප ආධාරකරුවන් තිදෙනකුට පහරදී තුවාල සිදුකර එක් අයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය මහාධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරුවන් වූ පුද්ගලයන් හත්දෙනකුට මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ඊයේ (28) මරණීය දණ්ඩනය නියම කළේය.

විස්තර»

මාවනැල්ල පහළ කඩුගන්නාවේ

සුපිරි හෝටලයේ වෙන්දේසියෙන් රු. කෝටි 25ක මැණික් කොල්ල කාලා

මැණික්ගල් 9ක් සොරාගෙන පලා ගිහින්

වෙන්දේසිය මෙහෙයවූ බ්‍රෝකර් අත්අඩංගුවට

කොල්ලකරුවන් අල්ලන්න පොලිස් කාණ්ඩ 8ක්

මාවනැල්ල පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී ඊයේ (28) දහවල් කෝටි විසිපහකට අධික (25,0000000) මැණික් ගනුදෙනුවක් සිදුවෙද්දී එම මැණික් මිලදී ගැනීමට පැමිණි දෙදෙනෙක් වටිනා මැණික් ගල් 9ක් කොල්ලකාගෙන ජීප් රථයකින් පලා ගොස් තිබේ. ඊයේ දහවල් 12.20ට පමණ එම ගනුදෙනුව සිදුවී ඇති අතර මැණික් මිලදී ගැනීමට පුද්ගලයන් ගෙන්වූ බ්‍රෝකර්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»

අලුතින් උපදින සෑම දරුවකුටම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අනිවාර්යයි

ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය අද එළි දකී

අලුතින් උපදින සෑම දරුවකුටම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අනිවාර්ය කරමින් ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය අද(29) එළිදැක්වේ. වසංගත රෝග විද්‍යා අංශය සකස් කළ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී බාරදීම අද (29) උදෑසන 9.30 ට සිදුකෙරේ.

විස්තර»

මුහුණු ආවරණ හෙල්මට් පැළඳගෙන බැංකුවලට ගේම් දුන්න දෙදෙනා දැලේ

පසුගියදා අඛණ්ඩව සිදුවූ සම්පූර්ණ මුහුණු ආවරණ හිස්වැසුම් යොදා ගනිමින් සිදුකළ බැංකු කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සහ ඔවුන්ට රැකවරණය ලබාදුන් පුද්ගලයකු කොල්ල කෑමට යොදාගත් යතුරුපැදි හා ගිනි අවි සමග ඊයේ(28) අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටිය දී සී.සී.ටී.වී කැමරාවල සටහන් දර්ශන උපයෝගී කරගනිමින් උපාය දූතයකු යොදාගෙන කළ මෙහෙයුමක් මගින් කොහුවල පොලිසියේ නිළධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ඊයේ(28) පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.

විස්තර»

ආසියානු කලාපයේ ‍ලෝක තරුණ සමුළුවක් පැවැත්වීම ආසියාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක්

ලෝක තරුණ ජනගහනයෙන් 60%කටත් වඩා ජීවත් වන ආසියානු කලාපයේ ලෝක තරුණ සමුළුවක් පැවැත්වීමට හැකිවීම ආසියාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පෙරේදා (27) ප්‍රකාශ කළේය. ලබන මස 06 වන දින සිට 09 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ලෝක තරුණ සමුළුව පිළිබඳ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් සමඟ කළ සාකච්ඡාවේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

විස්තර»

ආගමික ගැටලු නිරාකරණයට විශේෂ පොලිස් ඒකකය ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා පොලිසිය මඟින් ආගමික ගැටලු නිරාකරණය කිරීම සඳහා අලුතින් ආරම්භ කරන ලද විශේෂ පොලිස් ඒකකය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ හත්වන මහලේ පිහිටුවා ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

විස්තර»

සිරිපා වන්දනාකරු මහ ගිරිදඹෙන් වැටී මරුට

සිරිපා වන්දනාවේ පැමිණි පිරිසක් හැටන් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ගොස් සිරිපා කරුණාකැර ආපසු එමින් සිටියදී මහගිරිදඹේදී එක් අයෙකු පය ලිස්සා ඇදවැටීමෙන් මිය ගොස් ඇත. ඔහු ඇද වැටෙන අවස්ථාවේ තවත් කිහිප දෙනෙකුගේද ඇගේ වැදීම නිසා ඔවුන්ද ඇද වැටීමෙන් තවත් තිදෙ‍නකු බරපතළ තුවාල ලැබ තිබේ.

විස්තර»

පාවෙන වෙ‍ළඳපොළ මැයි මාසයේදී ජනතා අයිතියට

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන කොළඹ නගර නිර්මාණ වැඩසටහනට අනුව කොළඹ දුම්රියපළ හා බස් නැවතුම් ආශ්‍රිත පෙදෙසේ ඉදිවන පාවෙන වෙ‍ළඳපොළ (Floating Market) ලබන මැයි මාසයේදී ජනතා අයිතියට පත්කෙරෙයි.

විස්තර»

 

බහරේනයේ ඉහළම සම්මානයෙන් ජනපති මහින්ද පිදුම් ලබයි

බහරේන් රාජධානිය සිය දේශයේ ඉහළ ම ගෞරව සම්මානය වන බලීෆා අභිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ (28) ප්‍රදානය කළේය. “උතුමාණෙනි ඔබ සහ ඔබ අයත් මිත්‍ර රාජ්‍යය මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා, සංවර්ධනයේ සහ ප්‍රගතියේ වඩා ඉහළ තලයකට ඔසවා තැබීමට ඔබ පෞද්ගලිකව ගන්නා උත්සාහයත් අගය කරනු පිණිස මේ සම්මානය පුද කරන්නෙමු” යයි බහරේන්හි හමාද් බින් ඉසා අල් බලීෆා රජතුමා ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට පැවැසීය.

විස්තර»




 


 

සංහිඳියාව ඇතිවන විට අපගෙ රටේ
පිළිමල් බලවේග ඇති වෙයි හතර වටේ
සංවර්ධනය ඔස්සේ රට එළිය වැටේ
පණ මෙන් රකිමු දිදුලන මේ පළිඟු කැටේ

 

ලෝක තරුණ සමුළුවට තව දින 11යි