වොට්සන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

සන්රයිසස් හයිද්‍රබාද් පිල සමග අහමද්බාද් හි පෙරේදා පැවැති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායක ෂේන් වොට්සන් සමත්විය.

විස්තර»


අටපිරිකරවලට නව සංශෝධිත ප්‍රමිතියක්

භික්ෂූන් වහන්සේලාට පූජා කරන අටපිරිකරවලට නව සංශෝධිත ප්‍රමිතියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තීරණය කොට තිබේ. මෙම නව සංශෝධන ප්‍රමිතියට අනුව භික්ෂූන් වහන්සේලාගේ තනිපට සිවුර, දෙපට සිවුර හා...

විස්තර»


වෘත්තීය ප්‍රශ්නවලට අහිංසක මවුවරුන්, දරුවන් බිල්ලට ගන්න එපා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 මැයි 05 වැනිදා, අත්තිඩියෙදී



0


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ඩොලර් හෝ වෙනත් වාසිවලට යටවී

අපේ දරුවන් බිල්ලට ගන්න කිසිවකුට ඉඩ දෙන්න බැහැ

* 88-89 ටයර් සෑ උඩ ගියෙත්-ප්‍රභා නිසා මළේත් රටේ දරුවන්
* රටේ සංවර්ධනයේ ජවය අපේ තරුණ පරපුරයි
* කඩා කප්පල්කාරීන්ට උදවු දීමට ඇතැම් තානාපති කාර්යාල සුදානම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි

කාගේවත් ඩොලර් හෝ වෙනත් වාසිවලට අපේ දරුවන් ගොදුරු කර ගැනීමට ඉඩ දිය නොහැකි බව පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර පටු අරමුණු ඉටු කර ගැනීමේ වැඩපිළිවෙළට ආධාර කිරීමට ඇතැම් තානාපති කාර්යාල සූදානමින් සිටියත් අපේ දරුවන් බිල්ලට ගැනීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

විස්තර»  

ශ්‍රී ලංකන් කොළඹ සිට චීනයේ චොංකින් වෙත ගමන් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ජුලි මස 1 වැනිදා සිට ශ්‍රී ලංකන් ගුවන් යානා චොංකින් වෙත මෙහෙයුම් සිදු කරන අතර එය නැවත පැමිණීමේදී බැංකොක් හරහා කොළඹට ළඟාවීමට නියමිතය. ඒ සඳහා වන ගිවිසුම පසුගිය (08) දා චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අස්සන් කිරීම සිදු කෙරිණි.

විස්තර»

ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට යහපතක් සිදුවන්නේ නැහැ

ජපානය අවධාරණය කරයි

“ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා හි මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ශ්‍රී ලංකාවේ ප්‍රගතියට ඉවහල් වනු ඇත්දැයි වනු අප විමර්ශනය කළා. අපේ නිගමනය වුණේ එසේ නොවන බවයි. ඒ නිසයි අප ඡන්දය දීමෙන් වැළකී සිටියේ” යනුවෙන් ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සෙයිජි කිහාරා මහතා ඊයේ සවස අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ පැවැසීය.

විස්තර»

එජාපයට සල්ලි හොයන්න කොටි හිතවාදීන් සමඟ රනිල් අමෙරිකාවේ සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළේ කටයුතුවල‍ට මුදල් තර කර ගැනීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ වෝටර් ගේට් හෝටලයේ දී අමෙරිකානු සෙනට් සභික ජොන් මැකේන් මහතා හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයන් අද(10) හමුවීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.‍ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු විශ්වවිද්‍යාලයක දේශනයක් පැවැත්වීමට යන බවය.

විස්තර»

අද එළිදකින ‘කොළඹ ප්‍රකාශනය’ ලෝක තරුණයාගේ ගමන් මඟ තීරණය කරනවා

ලෝක තරුණ සමුළුවේ නිල ප්‍රකාශනය වන කොළඹ ප්‍රකාශනය අද (10දා) පෙරවරුවේ එළිදක්වන බවත් එය ඉදිරි වසර 10ක 15ක කාලය තුළ ලෝක තරුණයන්ගේ ගමන් මඟ කෙසේ විය යුතුද යන්න තීරණය කරන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (9) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා‍ පරිශ්‍රයේදී පැවැසීය.

විස්තර»

ජනාධිපතිගේ නිහතමානිත්වයට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා

පැවිදිකමට මහා ශක්තියක් ඇතැයි රුවන්වැලි මහා සෑය විහාරාධිපති කියති 

රටේ නායකයා වුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇති නිහතමානීත්වයට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිබඳව හිමි වන බව රුවන්වැලි මහා සෑය විහාරාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රකාශ කළහ. පල්ලේගම හේමරතන හිමියන් මේ බව ප්‍රකාශ කෙළේ කුලදරුවන් 75 දෙනකු පැවිදි කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරය ඵෙතිහාසික රුවන්වැලි මහා සෑය අභියස ඊයේ (09) පැවැති පුණ්‍යොත්සවයකට එක්වෙමිනි.

විස්තර»  




 


 

පිටරට දෙසුමකට ඇරැයුම ලැබුණේය
නියමිත කථිකයා එහි පැමිනුණේය
පැරැදී පුරුදු එතුමා මුලසු‍නේය
පස් දෙනෙකුගෙන් ශාලාවම පිරුණේය