තැපෑලෙන් ආ මිලියන 30ක විදේශීය සිගරැට් රේගු දැලේ

ඩුබායි සිට ව්‍යාජ ලිපිනයන් යොදා තැපැල් මඟින් බෙදා හැරීමට මෙරටට එවා තිබු රුපියල් මිලියන තිහක් වටිනා විදේශීය සිගරැට් තොගයක් ‍රේගු නිලධාරීන් ඊයේ (17)අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ ටොප් මවුන්ටන් වර්ගයේ‍ විදේශීය සිගරැට් කාටුන් තුන්දහසක් (3000) තිබු බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසයි.

විස්තර»


සිසුවියක ලිංගික අපයෝජනය කළාට හිටපු එජාප මන්ත්‍රී වසර 20ක් හිරේට

බාල වයස්කාර පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් ඊයේ 17 නියම කළාය.

විස්තර»


මන්නාරම-කොළඹ-ගාල්ල මඩකළපුවට සුළඟ සැරයි

මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා මඩකළපුව දක්වා සුළ‍ඟේ වේගය විටක පැයට කිලෝ මීටර් 70 දක්වා ඉහළ යා හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මධ්‍යම කඳුක‍රයේ බටහිර බෑවුම්වල හා දිවයින අවට නිරිතදිග මෝසම වැඩිවිය හැකි යැයි ද මේ නිසා එම ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතුවල යෙදෙන්නන් අවධානයෙන් සිටින ලෙස ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණකුල මහත්මිය පැවැසුවාය.

විස්තර»


දිළිඳුකමේ අවමානය අතීතය‍ට එක් කිරීම‍ට මගේ රට සමත් වී ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 ජූනි 15 වැනිදා, බොලීවියාවේදී

මුද්‍රිත කලාපය

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

පාර්ලිමේන්තු නියෝජිතයන් ජාත්‍යන්තර පරීක්ෂණයට එරෙහි නොවුණොත්

ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පාවාදීම එයයි

ඇමැති විමල් පාර්ලිමේන්තුවේ දී කියයි

* යුද්ධය අවසන් කිරීමෙන් සමස්ත ජනතාවම රැකුණා
* සාමයේ ප්‍රතිලාභ පක්ෂ විපක්ෂ සියලු දෙනා විඳිනවා
* පරීක්ෂණවල අරමුණ ජනපති යුද අධිකරණයකට ගෙන යාමද?

යුද්ධය අවසන් සතියේ සිදුවූ දේ සොයන්න ජාත්‍යන්තර පරීක්ෂණ තියන්න උත්සාහ දරන මේ මොහොතේ ඊට එරෙහිව කටයුතු කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස කටයුතු නොකරන්නේ නම් ඉතිහාසයේ සිදුකරන දැවැන්තම දේශපාලන පාවාදීම එය බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී කීය.

විස්තර»

බේරුවල සන්සුන්

* මම ඊයේ පැය 24 පුරා බේරුවල ඇවිද්දා

* සුළු පිරිසක‍ගේ අමනකම් මේ සිද්ධියට හේතු වුණා

* ප්‍රදේශවාසීන් සියලුදෙනා මේ ගැන දුක්වෙනවා

* වගකිව යුතු සැවොම නීතිය ඉදිරියට ගේනවා

අගමැති මැතිසබේ දී රනිල්ට පිළිතුරු දෙයි

මේ වන විට බේරුවල ප්‍රදේශයේ වාතාවරණය සාමකාමී තත්ත්වයට පත්ව ඇති බව අගමැති දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවැසීය. තමන් 16 වැනි දින මේ ප්‍රදේශය පුරා සංචාරය කරමින් ජනතාව මුණ ගැසී සාකච්ඡා කළ බවත් සිංහල හා මුස්ලිම් පොදු ජනතාව ඉතාම මිත්‍රශීලිව කතා කළ බව කී අගමැතිවරයා සියලු දෙනාම මේ සිද්ධිය පිළිබඳ කණාගාටුව පළ කළ බවත් කීය.

විස්තර»

ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බොලීවියාව සූදානම්

බොලීවියා ජනපති සහතික වෙයි

ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව බොලීවියා ජනාධිපති ඊවෝ මොරලෙස් අයිමා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහතික වෙයි. ජී 77 ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වීමට මේ දිනවල බොලීවියාවේ සංචාරයක නිරත ජනාධිපති රාජපක්ෂ මහතා සහ බොලීවියා ජනාධිපතිවරයා අතර එරට ජනාධිපති මන්දිරයේදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරිණි.

විස්තර»

බොලීවියා සංචාරය නිමවා ජනපති යළි මවුබිමට

ඉහළම විදෙස් සම්මානයකින් බොලීවියාවේදී පිදුම් ලද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සාර්ථක සංචාරය නිමවා ඊයේ (17) යළි මෙරටට පැමිණියේය.  බොලීවියාවේ සැන්ටා කෘස්හිදී පැවැති ජී 77 කණ්ඩායමේ ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙමස 13 වැනි දින බොලීවියාව බලා පිටත්ව ගිය අතර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු බොලීවියාවේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සටහන් විය.

විස්තර»

කොරියා රැකියා ඉල්ලා උද්ඝෝෂණ උපවාස එපා

විදේශ සේවා නියුක්ති කාර්යාංශය

කොරියානු රැකියා ලබාදෙන ලෙස උද්ඝෝෂණ හෝ උපවාස කිරීමෙන් එරටින් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා අහිමිවීමේ තත්ත්වයක් නිර්මාණය විය හැකි බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනතුරු අඟවයි.ඇතැම් පුද්ගලයින් දකුණු කොරියානු රැකියා ලබාගැනීම සඳහා ඉකුත් දිනවල උද්ඝෝෂණ සිදුකළ බව පෙන්වා දෙන එම කාර්යාංශය අදාළ රැකියා සඳහා තෝරාගැනීමේ සම්පූර්ණ අයිතිය දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සතු බව ද ඒ හේතුවෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමේ හැකියාවක් නැතැයි ද ප්‍රකාශ කරයි.

විස්තර»

අලුත්ගම සිද්ධිය වැනි සිදුවීම් යළි ඇති නොවීමට වග බලා ගනිමු

ශ්‍රීලනිපය නිවේදනයක් නිකුත් කරමින් කියයි

අලුත්ගම දී උද්ගත වූ තත්ත්වය කිසිසේත් සිදු නොවිය යුතු සිදුවීමක් වන අතර මෙවැනි සිදුවීම් යළි ඇතිවීම මුළුමනින්ම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

විස්තර»

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජාතීන් රටේ ඉදිරි ගමනට දායක විය යුතුයි

මානව හිමිකම් යෝජනාවට එරෙහිව පක්ෂ විපක්ෂ සැවොම එක්විය යුතුයි

බොහෝ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සාර්ථකත්වයට ළඟා වෙලා

හම්බන්තොට රෝහල් සහ පාසල්වල අඩුපාඩු පියවීමට පියවර ගන්නවා

පිල්ලේ වාර්තා සැකසුවේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුවයි

විදුලි බිලේ අඩු වැඩිවීම මේ වසර අග තීරණය කළ හැකියි

ඇඳිරි නීතිය කඩ කළ 9ක් 25තෙක් රිමාන්ඩ්

ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්දට බොලීවියාවේ ඉහළම සම්මානය

ත්‍රස්තවාදය පරාජය කර ශ්‍රී ලංකාවේ සාමය සහ සංවර්ධනය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොලීවියාවේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත මාසෙලෝ කුයිරෝගා සැන්ටා කෲස් පාර්ලිමේන්තු අභිධානයෙන් පිදුම් ලබයි.

විස්තර»

 

පිල්ලේගේ පිල්ලි පරාජය වේවා!

ශක්තිමත්ම පොදු අපේකයා ඉන්නේ අපටයි

ද.ආසියා මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකාවෙන් බංග්ලා‍දේශයට

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ පෞද්ගලික ආයතන අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

එක්සේසත් වුණු ජාතිය සොඳුරු
දෑ බේදෙන් ‍යළි නොකරනු අඳුරු
මහ හටනක් විය හැකි කල නොදුරු
නොදමනු ඇවිලෙන ගින්න‍ට පිදුරු

--------------- නිලමේ